20 වන සංශෝධනය සම්බන්ධයෙන් අද (29) පැවැති මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවේදී විවෘතව අදහස් දැක්වීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කළේය.
අරලිය ගහ මන්දිරයේ පැවැති මෙම සාකච්ජාවේදී අගමැතිවරයා සදහන් කර සිටියේ 20 සම්බන්ධයෙන් ආණ්ඩුවේ පාර්ශවයන් අතරද විවිධ මත පවතින බවකි.
කෙසේවෙතත් අවසානයේදී මේ සම්බන්ධයෙන් සාකච්ජා කොට ආණ්ඩුව ඒකමතික තීන්දුවකට එළඹෙන බවද අගමැතිවරයා සදහන් කර සිටියේය.
එමෙන්ම 20 පිළිබදව සොයාබැලීමට තමා පත් කළ කමිටුවේ නිර්දේශ මේ වනවිට ආණ්ඩුව වෙත ලබා දී ඇති බවත්, කාරක සභ අවස්ථාවේදී එම නිර්දේශයන් ඇතුළත් කිරීමට පියවර ගන්නා බවත් අගමැතිවරයා එහිදී සදහන් කර සිටියේය.










