• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බොරු කියන පෞද්ගලික මාධ්‍යවලට අනතුරු ඇඟවීමක්

September 29, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
බොරු කියන පෞද්ගලික මාධ්‍යවලට අනතුරු ඇඟවීමක්
Share on WhatsAppShare on Facebook

මහා වන විනාශයන් ගැන කියමින් ඇතැම් පෞද්ගලික මාධ්‍ය ආයතන අසත්‍ය පුවත් පළ කරන බවත්, ඔවුන්ට එරෙහිව ඉදරීයේදී නීතිමය පියවර ගන්නා බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර ඇත.

ජනාධිපති මාධ්‍ය ඒකකය මගින් නිකුත් කළ නිවේදනයේ මෙසේ සදහන්ය.

වත්මන් රජය බලයට පැමිණීමෙන් පසු පෙර නොවූ අයුරින් පරිසරය විනාශ කිරීමට පටන්ගෙන ඇතැයි කියැවෙන අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රබන්ධ කොට සමාජගත කිරීමේ මෙහෙයුමක් හඳුනා ගැනේ. රක්ෂිත වනාන්තර ගිනි තබා විනාශ කරන බවටත්, ස්වභාවික කැලෑවල පිහිටි ගස් කපා හෙළන බවටත්, මේ අසත්‍ය වාර්තා මගින් හුවා දක්වනු ලැබේ. මින් පෙර කිසි කලෙක මෙබඳු පරිසර විනාශයක් සිදු නොවූ බවත් රජය එවැනි නීති විරෝධී ක්‍රියා හමුවේ නිහඬව සිටින බවත් ඒත්තු ගැන්වීමට මේ පුවත් නිර්මාණය කරන අය උත්සහ කරති. එවැනි වාර්තාවල මුලුමනින් අසත්‍ය සහ විකෘති කරන ලද තොරතුරු ඇතුළත් බව නිරීක්ෂණය කර ඇත.

පරිසර විනාශයක් ගැන කියැවෙන අසත්‍ය පුවත් විශේෂයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සහ ඇතැම් මුද්‍රිත මාධ්‍ය සහ රූපවාහිනී හා ගුවන් විදුලි මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කෙරේ. මෙසේ පළ කෙරෙන පුවත් අසත්‍ය බව කරුණු සහිතව සනාථ කළ විට ඒවා සමාජ මාධ්‍යයෙන් ඉවත් කර ගැනේ. පසුව වෙනත් අසත්‍ය වාර්තාවක් ගොතා පළ කරනු ලැබේ. විපක්ෂ බලවේග සහ ඔවුන්ගේ ආධාරකරුවෝ මේ අසත්‍ය පුවත්වලට ඉමහත් ප්‍රසිද්ධියක් දෙති. ඔවුන්ගේ රැස්විම් ප්‍රවෘත්ති සාකච්ඡා සහ සම්මුඛ සාකච්ඡාවලදී අසත්‍ය පුවත් අතිශෝක්තියෙන් අවධාරණය කෙරේ.

මහවැලි අධිකාරියට අයත් “එච්” කලාපයේ, අනුරාධපුර, ඉහලතලාව වැව ප්‍රතිසංස්කරණයේ දී දැවැන්ත වන විනාශයක් සිදුවන බවට චෝදනා කරමින් පෞද්ගලික රූපවාහිනි ආයතනයක් පසුගිය සැප්තැම්බර් 15 දින සිය ප්‍රවෘත්ති ප්‍රකාශයට ඇතුළත් කර තිබූ වාර්තාව අසත්‍ය පුවත් ගොතා සමාජගත කිරීමේ මෙහෙයුමට කදිම නිදසුනකි. වන විනාශයට අමතරව බරපතළ දූෂණ ක්‍රියා සිදුවන බවට ද එමගින් චෝදනා කරනු ලැබීය. පෞද්ගලික රූපවාහිනිය පළ කළ පුවත මුලුමනින් අසත්‍යයක් බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ “එච්” කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකරු උභය කල්‍යාණ කුමාර මහතා සැප්තැම්බර් 17 වැනිදා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් වෙත සාක්ෂි සහිතව දැනුම් දුන්නේය. එහි සඳහන් පරිදි 2016 වසරේ ඇති වූ මහ වැසි නිසා ඉහළතලාව වැව් බැම්ම කැඩී යාමේ අවදානමක් ඇති විය. යුද හමුදාවේ සහ ප්‍රදේශවාසීන්ගේ සහයෝගයෙන් වැලි කොට්ට තබා වැව් බැම්ම තාවකාලිකව රැක ගන්නා ලදී. බැම්ම බිඳී ගියහොත් තලාව නගරය සහ පුරාණ ගම්මාන මුලුමනින් ජලයෙන් යට වෙයි. කොළඹ – යාපනය දුම්රිය මාර්ගයට සහ අනුරාධපුර – පාදෙනිය මහාමාර්ගයට බරපතළ හානි පැමිණේ. පසුව කෘෂිකර්ම අමාත්‍යාංශයේ දේශගුණික අව බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය යටතේ වැව ප්‍රතිසංස්කරණය පිණිස ලෝක බැංකුවෙන් රුපියල් මිලියන 38.9ක ආධාර මුදලක් ප්‍රදානය කෙරිණ. ව්‍යාපෘතියේ වැඩ පසුගිය ජූලි මාසයේ දී ආරම්භ විය. ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ ප්‍රගතිය බැංකුව විසින් අධීක්ෂණය කෙරේ.ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ දී වැවේ සහ වැව් බැම්ම මත වැඩී ඇති ගස් 80ක් ඉවත් කිරීමට තීරණය විය. ඒ සියල්ලම පාහේ මාර ගස්ය. ව්‍යාපෘතිය සඳහා පාරිසරික ඇගයීම් සහතික මෙන්ම භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ අනුමැතිය ද ලැබී ඇත. අනුමැතිය දුන් ලිපිවලට අත්සන් තබා ඇත්තේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සී.එච්.ඊ.ආර්. සිරිවර්ධන සහ දේශගුණික අවබලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ඉංජනේරු ඩී.සී.එස්. ඇලකන්ද යන මහත්වරුන් විසිනි. කපා දැමෙන ගස් රාජ්‍ය දැව සංස්ථාව විසින් ඉවත් කර ගනිමින් පවතී. වැව ප්‍රතිසංස්කරණයේ දී මහා වන විනාශයක් සිදුවන බවට චෝදනා කළ පෞද්ගලික රූපවාහිනී ආයතනය මේ සත්‍ය තොරතුරු කිසිවක් සඳහන් කළේ නැත.

ජනතාව නොමග යවනු පිණිස සිතා මතා අසත්‍ය ප්‍රවෘත්ති නිර්මාණය කොට විවිධ මාධ්‍ය ඔස්සේ සමාජගත කරන පිරිස් හඳුනාගෙන ඔවුනට එරෙහිව නීතිමය පියවර ගැනීමට රජය තීරණය කර තිබේ.

SendShareShare
Previous Post

රන්ජන්-ටෙනිසන් ආන්දෝලනාත්මක හඬ පටයක් එළියට එයි

Next Post

‘මූඩි’ ලංකාව පහළට ඇද දමයි

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.