තමන්ට එරෙහිව කොමිසම හමුවේ සිදුකරනු ලබන සාක්ෂි ලබා දීම්වලට ඇහුම්කන් දීම සදහා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (22) උදෑසන පාස්කු කොමිසමට පැමිණ තිබේ.
ඉකුත් දින දෙක, තුන තුළ සාක්ෂි දුන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පාස්කු ප්‍රහාරය එල්ල වීම සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බරපතළ චෝදනා රැසක්ම එල්ල කරනු ලැබීය.
මේ අතර, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ප්‍රකාශ ලබාදීම සඳහා පාස්කු කොමිසමට පැමිණ තිබේ.










