ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා සහ ශ්‍රී ලංකා අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතර තීරණාත්මක හමුවක් පැවත්වීමට සැලසුම් කර ඇත.
ලබන සැප්තැම්බර් 26 වැනි දින පෙරවරු 10.30ට මෙම සාකච්ජාව පැවැත්වෙන අතර එය ‘ඔන්ලයින්’ ක්‍රමයට පැවැත්වීමට දෙරටේම අගමැතිවරුන් එකගතාව පළ කොට තිබේ.
මෙම සාකච්ජාවේදී දෙරටේ සංවර්ධන ව්‍යාපෘති සහ ආර්ථික කරුණු පිළිබද සාකච්ජා කිරීමට නියමිතය.
මීට අමතරව උතුරේ ධීවර ප්‍රශ්නය ඇතුළු තවත් කරුණු ගණනාවක් සම්බන්ධයෙන් දෙදෙනා අතර සාකච්ජා පැවැත්වීමට නියමිතව ඇති බව පැවසේ.
අගමැති මහින්ද රාජපක්ෂ මහතා ධුරය බාර ගැනීමෙන් අනතුරුව පසුගිය පෙබරවාරියේ සිය මුල්ම සංචාරය ලෙස ඉන්දියාවට ගොස් නරේන්ද්‍ර මෝඩි මහතා සමග සාකච්ජා පැවැත්වීමට පියවර ගෙන තිබිණ.
එහි දිගුවක් ලෙස මෙම සාකච්ජාව සැලසුම් කර ඇති බව දැනගන්නට ඇත.