ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ න්‍යායාචාර්ය සහ 2019 වසරේ සිදුවූ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු ලෙස හඳුනාගෙන ඇති නව්ෆර් මවුලවි නමැත්තා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (15) පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාවට අනුයුක්ත පොලිසි ඒකකය හමුවට කැඳවාගෙන එනු ලැබ තිබේ.
ඒ, ඔහුගෙන් ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස කොමිෂන් සභාවෙන් ලද උපදෙස්වලට අනුව බව දැනගන්නට ඇත.
පොලිස් ඒකකය හමුවට පැමිණවූ නව්ෆර් මව්ලවිගෙන් පැය 6 කට ආසන්න කාලයක් තිස්සේ ප්‍රකාශයක් සටහන් කර ගනු ලැබූ අතර රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂකව සිටි නිලන්ත ජයවර්ධන මහතා පාස්කු කොමිසම හමුවේ අනාවරණය කළේ, ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ නිර්මාතෘ ‘නව්ෆර් මවුලවි’ බවය.










