20 වන සංශෝධනය මුල්කරගෙන ආණ්ඩුව රට ඇතුළේ බොරු පුවත් මවමින් සිටින බව විපක්ෂ නායක, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කරයි.
කොලොන්නාවේ පැවැත් උත්සවයකට එක්වෙමින් ඒ මහතා පෙන්වා දුන්නේ 20ට පක්ෂව විපක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ආණ්ඩුවට සහාය දීමට සූදානමින් සිටින බවට ආණ්ඩුව බොරු පුවත් පළකරමින් සිටින බවකි.
ආණ්ඩුව කියන ආකාරයට කිසිදු විපක්ෂ මන්ත්‍රීවරයකු 20ට පක්ෂව ජන්දය භාවිත නොකරනු ඇති බවත්, පාවා දෙන කුමන්ත්‍රණකරුවන් විපක්ෂයේ නැති බවත් හෙතෙම පෙන්වා දුන්නේය.










