20 වන සංශෝධනයේ ඇති ඇතැම් වගන්ති සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරු දැඩි විරෝධය පළ කිරීමත් සමග ඒ සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් කමිටුවක් පත් කොට ඇත.
එම කමිටුවට ජී.එල්.පීරිස්, උදය ප්‍රභාත් ගම්මන්පිල, අලි සබ්‍රි, නිමල් සිරිපාල ද සිල්වා, විමල් වීරවංශ, සුසිල් ප්‍රේමජයන්ත , එස්.වියලේන්ද්‍රන්, ඩිලාන් පෙරේරා, ප්‍රේමනාත් සී. දොලවත්ත යන මැති ඇමැතිවරුන් ඇතුළත් කිරීමට අගමැතිවරයා පියවර ගෙන තිබේ.
මෙම කමිටුව හෙට (14) දින මුල්වරට රැස්වීමට නියමිතය.
මෙම පිරිස 20 සම්බන්ධයෙන් අධ්‍යයනය කොට ඒ පිළිබද වාර්තාවක් අගමැතිවරයා වෙත භාර දීමට නියමිත බවද දැනගන්නට ඇත.
කෙසේවෙතත් අදාළ වාර්තාව ලැබෙන තෙක් 20 වන සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීමට අගමැතිවරයා තීන්දු කර ඇති බව පැවසේ.
ඒ අනුව ඇතැම් විට 20 වන සංශෝධනය කලින් සැලසුම් කළ පරිදි සැප්තැම්බර් 22 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකෙරෙනු ඇති බවද දැනගන්නට තිබේ.










