විපක්ෂය එකමුතු වූ දිනයේ බොහෝ පක්ෂ නායකයන් ආණ්ඩුවට විරෝධය පළකළ යුතු ආකාරය පිළිබඳ විවිධ යෝජනාද සිය කතාවන්වලදී ඉදිරිපත් කළ ආකාරය දැකගත හැකි විය. එහිදී ඇතැමෙකු පෙන්වා දුන්නේ ආරම්භයක් විදියට සියලු පක්ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් කොළඹදී දැවැන්ත විරෝධතා පෙළපාළියක් පැවැත්විය යුතු යැයි කියාය. තවත් සමහරුන් කියා සිටියේ විපක්ෂයේ සියලු පක්ෂ නියෝජනය වන පරිදි ඒකාබද්ධ රැස්වීම් පාර්ලිමේන්තුවේදීත්, ඉන් පිටතදීත් පැවැත්විය යුතු යැයි කියාය. තවත් සමහරුන් පාර්ලිමේන්තුව තුළ දියත් කළ හැකි විරෝධතා පිළිබඳ යෝජනා ඉදිරිපත් කළ ආකාරයක් දැකගත හැකි විය. ඇතැමුන් ඒකාබද්ධ රැස්වීම්, විරෝධතා, පාගමන් පැවැත්විය යුතු බවටද යෝජනා ඉදිරිපත් කළහ. නමුත් ඒ කිසිවක් පිළිබඳ එහිදී අවසන් තීන්දුවක් ගත් ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත.Sri Lanka Latest News
මේ ආකාරයට පැවැති නිල උත්සවයෙන් පසු ආරාධිත අමුත්තන් වෙනුවෙන් සංවිධාන කොට තිබූ තේපැන් සංග්‍රහයට සහභාගි වන ලෙස සජිත් සියල්ලන්ටම ආරාධනා කර සිටියේය. ඒ අනුව එම අවස්ථාවේදී සියලු දෙනාම ඉතා සැහැල්ලුවෙන් යුතුව එකිනෙකාට සුබපතා ගනිමින් විහිළු තහළු කරගනිමින් සිටි ආකාරයක් දැකගත හැකි විය. මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ පැමිණ සිටි සියලු දෙනා හමුවටම යමින් සජිත් ඔවුන් සමග අදහස් හුවමාරු කරගැනීමට කටයුතු කිරීමය. වරෙක හිටපු අගමැති දිනේෂ් සමග ඉතා සැහැල්ලුවෙන් යුතුව කතාබහ කරමින් සිටි සජිත් ඔහුට විහිළුවට මෙන් සිනාසෙමින් කියා සිටියේ දිනේෂ්ලා දරන මතවාදය මේ වනවිට සජබය තුළ ක්‍රියාත්මක වන බැවින් ඉදිරියේදී සජබය සමග එක්ව දේශපාලන කටයුතු සිදුකරන ලෙසය.
‘දැන් ඔබතුමාට හරියන ප්‍රතිපත්ති තියෙන්නේ අපේ පක්ෂයේ විතරයි. ඔබතුමාලා හැම වෙලාවෙම කතා කළේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදය ගැන. අපි අනුගමනය කරන්නෙත් ඒ ප්‍රතිපත්තිය. ඒ නිසා අපිත් එක්ක එකතු වෙලා දේශපාලනය කරන්න එන්න…’ යනුවෙන් සජිත් සිනාසෙමින් කියද්දී දිනේෂ්ද ‘ආ… ඒක හොඳයිනේ…’ කියමින් සිනාසෙමින් පිළිතුරු දුන් ආකාරයක් දැකගත හැකි විය. සජිත් ඉන් අනතුරුව චම්පික, විමල්, උදය ආදී පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පක්ෂ නායකයන් සමගද ඉතා සුහදව අදහස් හුවමාරු කරගැනීමට කටයුතු කළ ආකාරය දැකගත හැකි විය. කෙසේ වෙතත් මෙම සාකච්ඡාවේ ඊළඟ අදියර සහ ගත යුතු ක්‍රියාමාර්ග තේරීම පිළිබඳ තීන්දු තීරණ ගැනීම සජිත්ට භාරදීමට සියලු දෙනාම එකඟතාව පළ කළහ.










