පසුගිය සතිය වනවිට ආණ්ඩුවට මේ සම්බන්ධයෙන්ම තවත් නීති උපදෙසක් ලැබී තිබූ ආකාරයක් දැකගත හැකි විය. Sri Lanka Latest News
එම නීති උපදෙසින් කියැවුණේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ කාලසීමාව සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කොට තිබුණත්, අගවිනිසුරුවරයාගේ නිල කාලය සම්බන්ධයෙන් එහි නිශ්චිත ප්‍රතිපාදනයක් හෝ සඳහන් කිරීමක් නොමැති බවකි.
එම නිසා විශ්‍රාම වයස දීර්ඝ කිරීමේදී උපරිමාධිකරණ විනිසුරුවරුන් සම්බන්ධයෙන් සඳහන් කළ යුතු වුවත්, අගවිනිසුරුවරයා සම්බන්ධයෙන් සඳහනක් කිරීම අවශ්‍ය නැති බවත් එම නීති උපදෙස් මගින් ආණ්ඩුවට දැනුම් දී තිබිණි. ඒ අනුව ආණ්ඩුව මේ වනවිට එම නීති උපදෙස පිළිබඳවද සලකා බලමින් සිටින බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.










