වීවලට සාධාරණ මිලක් ලබාදෙන ලෙස ඉල්ලා ගොවීන් විසින් ආරම්භ කොට ඇති සටනට සහාය පළකිරීමට සමගි ජන බලවේගය තීරණය කොට ඇත. Sri Lanka Latest News
ඒ අනුව, ලබන මාසය ආරම්භයේදී සජබ නායකයන් අනුරාධපුර ප්‍රදේශයේ දින 2ක සංචාරයක නිරත වීමට සැලසුම් කොට ඇති බවක් දැනගන්නට තිබේ.
මෙම සංචාරයේදී ප්‍රදේශයේ ගොවීන් හමුවී ඔවුන්ට ඇති ප්‍රශ්න සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටත්, අනුරාධපුර ප්‍රදේශය කේන්ද්‍ර කොට ගෙන දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමටත් සජබය තීරණය කොට ඇති බවක්ද වාර්තා වේ.










