වීසා කාලය ඉකුත් වීමෙන් අනතුරුවත් නීති විරෝධීව ලංකාවේ රැඳී සිටින විදේශිකයන් සම්බන්ධයෙන් වහාම විමර්ශන ආරම්භ කිරීමට පොලිසිය කටයුතු කොට ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
පසුගියදා පෝර්ට් සිටි පරිශ්‍රයේ රැඳී සිටියදී චීන ජාතිකයන් පිරිසක් විසින් පැහැරගෙන යෑමෙන් අනතුරුව මියගිය චීන ජාතිකයකුගේ සිරුරක් හමුවීමත් සමග බලධාරීන් විසින් මෙම තීන්දුව ගෙන ඇති බව දැනගන්නට තිබේ.
මෙම පැහැරගැනීම සිදුකළ පුද්ගලයන් එදිනම නැවත කටුනායකින් සිංගප්පූරුව බලා පිටත්ව යෑමට සූදානමින් සිටියදී අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ කටයුතු කොට තිබිණි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට පැමිණ සිටින විදේශිකයන් රාශියක් සිය වීසා කාලය ඉක්ම යෑමෙන් අනතුරුව නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාව තුළ වෙනත් රැකියාවල නිරත වෙමින් සිටින බවට පැමිණිලි විශාල ප්‍රමාණයක් පසුගිය කාලය පුරාම පොලිසිය වෙත ලැබී තිබිණි.










