අනුර කුමාර දිසානායක මහතාට පසුගිය ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට ඔහු සතු සුවිශේෂ සන්නිවේදන කුසලතාව හේතු වූ බව ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයකු වන හේෂාන් මල්ලව පවසනවා. ඔහු සඳහන් කරන්නේ පෙරට වඩා සංයමයෙන් යුතුව පැහැදිලි දත්ත සහ සාක්ෂි ඉදිරිපත් කරමින් ජනතාව ආමන්ත්‍රණය කිරීම තුළ දිසානායක මහතාගේ ජයග්‍රහණය තීරණය වූ බවයි. පහත පළවන්නේ හේෂාන් මල්ලව විසින් සිය දේශනයක් අතුරතුර සිදුකළ එම පැහැදිලි කිරීමයි.Sri Lanka Latest News
අනුර කුමාර දිසානායක මහත්මාට 3% ඉඳලා එකපාරටම ලක්ෂ 68ක් දක්වා එන්න පුළුවන් වුණු හේතුව මොකක් වෙන්න ඇතිද? මොකක්ද හේතුව? සෝෂල් මීඩියා පවර් එක. හැබැයි මේ මෑත කාලයේ ජනාධිපතිවරණය දිහා බැලපුවාම එතුමාගේ පෙනුමයි, ගෝල්ෆේස් පිට්ටනියෙදි පළමුවැනි වරට ජනාධිපතිවරණයට ඉල්ලනවා කියලා එතුමා ආපු විදියෙයි ලොකු වෙනසක් තියෙනවා.
රැවුල වෙනස් කරලා නැද්ද මේ පාර? මොකක්ද රැවුලේ වෙනස? කලින් තිබුණු රැවුලට වඩා මේ පාර මුහුණ පුරාම රැවුල වවලා. වෙනදා දැක්කෙ නැති සිරියාවක් මේ පාර දැක්කා නේද? මාර ආකර්ෂණයක් ආවනේ. රුපියල් 800ට තිබ්බ ඩබල් පොකට් එක, අනුර කුමාර ජනාධිපතිතුමා දිනපු ගමන් රුපියල් 2500ට ගිය රටක් නේද මේක? මම කියන්නෙ ඔහුගේ සන්නිවේදනය ප්‍රබලයි.
වෙනදා කතා කරපු ආවේගය තිබ්බද ගිය අවසාන ජනාධිපතිවරණයේදි? නැහැ. හරි ස්ලෝ වෙලා… හාට් ටචින්… දැනෙනවා. මහින්ද මහත්තයා වෙන විදියකට යද්දි අනුර මහත්තයාගේ ගමන වෙනම එකක්. දැන් බලන්න මොකද වෙන්නෙ කියලා.
රාජපක්ෂ ආණ්ඩුව මේවා කළා. තරහෙන්ද කිව්වෙ? වෙනදා කොහොමද ඕක කිව්වෙ? බලන්නකො ගිහිල්ලා පොඩ්ඩක්. මේවා මෙහෙමයි, මේවා මෙහෙමයි, කිව්ව කෙනා… හරිම ලස්සනයි. එයාගෙ විශේෂත්වයක් තමයි දත්ත සහ සාක්ෂි භාවිතය. මහ බැංකු වංචාව මෙන්න මෙහෙම වෙලා තියෙනවා, අහවල් දවසේ වෙලා තියෙනවා, මෙන්න මේක වෙලා තියෙනවා, මේක මෙහෙම වෙලා තියෙනවා. එහෙම කියන්න බෑ. ඔබතුමා අහවල් දවසෙ අහවල් තැනදි අහවල් දවසෙ හරි ඉඳලා තියෙනවා. එතන ඉඳලා ඕගොල්ලො කාලා තියෙන්නේ චිකන් ෆ්‍රයිඩ් රයිස් එකක්… චොප්සි රයිස් තුනක් තිබිලා තියෙනවා. මේකට කූනිස්සො දාලා තිබිලා තියෙනවා. දන්නවද කිව්ව ගමන්, ආ ඔව් නේද? ඔව් තමා….
දත්ත සහ සාක්ෂි භාවිතය මේ පාර කැම්පේන් එකේ තිබ්බ වැදගත්ම එක. වෙන පාලකයෙක් මෙහෙම කතා කරනවා දැකලා තියෙනවද දත්ත එක්ක? අහවල් දවසේ අහවල් තැන මෙන්න මේ බෝම්බෙ තිබ්බා, ඒ බෝම්බෙ තිබ්බෙ මෙන්න මෙහෙමයි, අහවල් කෙනා වෙඩි තිබ්බෙ මෙන්න මෙහෙමයි, එයාගෙ නඩු ෆයිල් එක මේකේ තියෙනවා, අහවල් කෙනාගෙ නඩු ෆයිල් එක මේකේ තියෙනවා. දැන් ඔබතුමාගෙ ෆයිල් එක? තියෙනවද දන්නෑ… ඔව් කිව්ව ගමන් ආයෙ හැරෙන්නවත් බෑ.
ගණන්කාරයෙක්ට හැරෙන්න පුළුවන් වුණාද ඒ කටත් එක්ක? ආර්ථික විද්‍යාඥයෙක්ට හැරෙන්න පුළුවන් වුණාද ඒ කටත් එක්ක? නෑ. මේ හැම ක්ෂේත්‍රයක් එක්කම එයා කතා කළා. ඒ මනුස්සයත් එක්ක නම් කතා කරලා බේරෙන්න බෑ. හැබැයි වෙනදට නැති මාර සංයමයක් අපි දැක්කා ඔහුගේ පහුගිය කැම්පේන් එක ඇතුළේ.
ප්‍රශ්නය මතු කරලා එයාම ඒකට පිළිතුරක් ගොඩනැගුවද නැද්ද? එයාම ප්‍රශ්නෙත් මතු කරලා, එයාම පිළිතුරත් දීලා අපිවත් ඕකේ කරගත්තෙ නැද්ද? ප්‍රශ්නෙ දානවා, එයා විසඳුම දෙනවා. අපෙන් අහනවා බොරුද? බොරු නම් බොරු කියන්න. අහවල් දවසෙ අලියෙක් පාර මාරුවෙද්දි මේකට වැටෙනවා. ඒකට විසඳුම තමයි ලංකාවෙ අලි වැටවල් ඉදිකරන්න ඕනෙ. අලි වැටවල් ඉදිකරන්න බෑ සියලුම දේශපාලන පක්ෂවලට මේ අලි වැටවලින් දීලා තියෙන සහනාධාර මුදල් වංචා කරලා තියෙනවා. අන්න ඔය වගේ පැහැදිලි දත්ත ඔහු ඉදිරිපත් කළා. දැන් අහන්න ගිහිල්ලා අලි වැටවල් කීයක් ලංකාවෙ තියෙනවද කියලා. ඔහු කියනවා හරියටම ගාන. බිම් මට්ටමෙ ඉඳලා ගිහිල්ලා ගහපු කැම්පේන් එක. සෝෂල් මීඩියා පවර් එක. අද මුළු රටම එක මිටකට, සුබ නැකතට රට…. කොහොමද වැඩේ?










