වසරකට පෙර පැවැති තත්ත්වය හා සැසඳීමේදී ශ්‍රී ලංකාවේ ගෘහස්ත ආර්ථික තත්ත්වය නරක අතට හැරී ඇති බව ඒ සම්බන්ධයෙන් සිදුකර ඇති නවතම සමීක්ෂණයකින් අනාවරණ කොට තිබේ.Sri Lanka Latest News
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය මගින් පසුගියදා සිදුකරනු ලැබූ මත විමසුමකදී 51.4%ක ප්‍රමාණයක් පෙන්වා දී ඇත්තේ වසරකට පෙර පැවැති තත්ත්වය හා සැසඳීමේදී ගෘහස්ත ආර්ථික තත්ත්වය නරක අතට හැරී ඇති බවකි.
කෙසේ වෙතත් එම මත විමසීමේදී 18.2%ක ප්‍රමාණයක් පමණක් ගෘහස්ත ආර්ථික තත්ත්වය හොඳ අතට හැරී ඇති බවට පිළිගෙන ඇති අතර, 30.3%ක ප්‍රමාණයක් ගෘහස්ත ආර්ථික තත්ත්වය පෙර තිබූ පරිදිම පවතින බව සඳහන් කොට තිබේ.










