• About us
  • Contact us
Saturday, July 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අයර්ටන් විසඳපු අභයගිරි – ජේතවන පටලැවිල්ල! Sri Lanka Latest News

July 18, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
අයර්ටන් විසඳපු අභයගිරි – ජේතවන පටලැවිල්ල! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ ඉතිහාස පිටු අතර හමුවන දුක්ඛිතම සහ අඳුරුතම පරිච්ඡේදය ලියැවෙන්නේ ක්‍රිස්තුවර්ෂ 1215දීයි. ඒ, කාලිංග මාඝගේ දරුණු ආක්‍රමණයත් සමග මුළු මහත් රජරට ශිෂ්ටාචාරයම සුනුවිසුනුවී යාමත් සමගයි. එතෙක් ලෝකයම මවිත කළ අපේ මහා වාරි පද්ධතිය විනාශ වී ගිය අතර, වැව් දියෙන් පෝෂණය වූ සශ්‍රීක රජරට මුළුමනින්ම වාගේ ජනශූන්‍ය කැලෑවක් බවට පත්වුණා. මධ්‍යතන යුගයේ සිදුවූ මේ මහා ඛේදවාචකය නිසා ශතවර්ෂ ගණනාවක් යනතුරුම මෙරට උතුරු ප්‍රදේශය මහා වනයට බිලිවී පැවැතුණා. Sri Lanka Latest News

නැගෙනහිර ඉන්දියාවේ කාලිංග දේශයේ සිට පැමිණි කාලිංග මාඝ (ඉතිහාසයේ කෲර මාඝ ලෙසද හැඳින්වේ) එවකට ලංකාවේ පාලකයා වූ පරාක්‍රම පාණ්ඩ්‍ය රජුව පරාජය කරමින් මෙරට බලය අල්ලා ගත්තා. ක්‍රි.ව. 1215 සිට 1255 දක්වා පැවැති ඔහුගේ පාලන කාලය ලාංකීය ඉතිහාසයේ අතිශය පීඩාකාරී යුගයක් වුණා. වෙහෙර විහාර විනාශ කරමින් රටේ සෙල්ලිපි සහ පොත්පත් ගිනිබත් කරමින් කළ මාඝගේ කෲර පාලනයෙන් බේරීම සඳහා රජරට වැසියන් දකුණ බටහිර සහ මධ්‍යම කඳුකර ප්‍රදේශ කරා සංක්‍රමණය වීමට පටන් ගත්තා.

අනුරාධපුරය සහ පොළොන්නරුව කේන්ද්‍ර කරගත් ‘රජරට’ රාජධානියේ බලය හෙබැවූ අවසන් පාලකයා වූයේ මාඝයි. ඉන්පසුව බලයට පත්වූ සෑම සිංහල රාජවංශයක්ම දඹදෙණිය, යාපහුව, කුරුණෑගල සහ කෝට්ටේ වැනි දකුණු දිශානුගත ප්‍රදේශ කරා තම අගනුවරවල් රැගෙන යාමට මේ තත්ත්වය ඍජුවම බලපෑවා. කෘෂිකර්මාන්තයේ හදවත බඳුවූ වැව් පද්ධතිය අතහැර දැමීම නිසා වැව් ආශ්‍රිතව ඉතිරි වූ සුළු පිරිස හැරුණු කොට මුළු රජරටම මහ වනයෙන් වැසී ගියා.

මුළු අනුරාධපුර පුරවරයම මහා වනයට සහ වන සතුන්ට බිලිවෙද්දී බෞද්ධ ජනතාවගේ ජීවය බඳු වූ ‘ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ’ පමණක් අඛණ්ඩව ආරක්ෂා වීම ආශ්චර්යයකි. ක්‍රි.පූ. 3 වැනි සියවසේදී දේවානම්පියතිස්ස රජු දවස සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ විසින් ලංකාවට වැඩම කරවන ලද බෝධීන් වහන්සේ ලෝකයේ මිනිස් අතකින් රෝපණය කර ආරක්ෂා කරන ලද පැරණිතම ඓතිහාසික වෘක්ෂයයි.

රට ජනශූන්‍ය වී අනෙකුත් මහා වෙහෙර විහාර මහ වනයෙන් වැසී යද්දී පවා දිවි පරදුවට තබා වන සතුන්ගෙන් සහ සතුරන්ගෙන් බෝධීන් වහන්සේ ආරක්ෂා කරගැනීමට කැප වූ ‘විල්බාගෙඩර’ වැනි වීර පරම්පරාවන් සහ ධීර වීර සඟ පරපුරක් 18 වැනි සියවස දක්වාම අනුරාධපුරයේ රැඳී සිටි බව ඉතිහාසයේ සඳහන් වනවා.

19 වැනි සියවසේදී බි්‍රතාන්‍ය පාලන සමයත් සමග අනුරාධපුරයේ නටබුන් සොයා කැණීම් කිරීම සහ ඉතිහාසය යළි ගොඩනැගීම ආරම්භ වුණා. නමුත් එහිදී බරපතළ ගැටලුවක් මතුවුණා. ඒ වනවිට මෙරට වැසියන් සහ නිලධාරීන් විසින් අනුරාධපුරයේ තිබූ දැවැන්තම ස්ථූප දෙකක් පටලවාගෙන තිබීමයි. ඔවුන් අභයගිරිය ලෙස හැඳින්වූයේ සැබෑ ජේතවනයයි. ජේතවනය ලෙස හැඳින්වූයේ සැබෑ අභයගිරියයි. මෙම නාමකරණයේ ව්‍යාකූලත්වය විසඳීමට බි්‍රතාන්‍ය ඉතිහාසඥයන්ට සහ පුරාවිද්‍යාඥයන්ට විශාල වෙහෙසක් දරන්නට සිදුවුණා.

එවක රාජකීය ආසියාතික සමිතියේ ලංකා ශාඛාවේ ලේකම්වරයා වූ හියු නෙවිල් මහතා 1886 අප්‍රේල් 23 වැනි දින රජයට ලිපියක් යවමින් දැනට පවතින නම්කිරීම් වැරදි බවත්, සත්‍ය ජේතවනය කුමක්දැයි හෙළිකිරීමටත් උත්සාහ කළා. ඔහු මහාවංශයේ කරුණු පදනම් කරගනිමින් 1887 දී ‘සිලෝන් ලිටරරි රෙජිස්ටර්’ (Ceylon Literary Register) සඟරාවට වටිනා ලිපියක් ද සම්පාදනය කළා.

මේ අතරතුර එස්.එම්. බරොස් මහතා විසින් එවකට (වැරදියට) ජේතවනය ලෙස හැඳින්වූ ස්ථූපයේ (සැබෑ අභයගිරියේ) බටහිර වාහල්කඩ අසල තිබූ සුන්බුන් ඉවත් කළා. එහිදී ඔහුට වටිනා ගල් කරඬු දෙකක් හමු වුණා. එහි පිටත සටහන් කර තිබුණේ ‘මළුතිස’ (කනිට්ඨ තිස්ස) රජුගේ (ක්‍රි.ව. 164-192) බිසව සහ මෑණියන් විසින් මේවා නිදන් කළ බවයි.

ප්‍රකට ඉංජිනේරුවෙකු සහ ඉතිහාසඥයෙකු වූ එච්. පාකර් මහතා මෙයට අපූරු තර්කයක් ඉදිරිපත් කළා. ජේතවන ස්ථූපය ඉදිකළේ ක්‍රි.ව. 3 වැනි සියවසේ විසූ මහසෙන් රජු විසිනුයි. මහසෙන් රජුටත් සියවසකට පෙර විසූ මළුතිස රජුගේ මෑණියන් තවමත් හදා නැති ජේතවන ස්ථූපයක කරඬු නිධන් කරන්නේ කෙසේද?

එම නිසා බරොස් මහතාට කරඬු හමුවූ එවක ජේතවනය යැයි වැරදියට හැඳින්වූ ස්ථූපය නිසැකවම ඊට වඩා පැරණි අභයගිරි ස්ථූපය විය යුතු බව පාකර් මහතා තහවුරු කළා.

මේ පටලැවිල්ල සම්පූර්ණයෙන්ම විසඳුණු ස්ථිර සාක්ෂිය හමුවුණේ 1914 දී පුරාවිද්‍යා අධ්‍යක්ෂ ඊ.ආර්. අයර්ටන් මහතා සිදුකළ කැණීම්වලිනුයි. අභයගිරි ආරාම සංකීර්ණයට අයත් රත්නප්‍රසාද භූමියෙන් සෙල්ලිපියක් හමුවූ අතර, එහි ‘උතර මහ චෙත’ (උත්තර මහා චෛත්‍යය) යන නම සඳහන්ව තිබුණා. පැරණි පොත්පත්වල අභයගිරි දාගැබ හඳුන්වා ඇත්තේ ‘අභයගිරි උත්තර මහා චෛත්‍ය’ ලෙසයි. මේ අනුව එතෙක් ජේතවනය ලෙස හැඳින්වූයේ සැබෑ අභයගිරිය බවත් අභයගිරිය ලෙස හැඳින්වූයේ සැබෑ ජේතවනය බවත් නිල වශයෙන්ම තහවුරු වුණා.

මෙම දීර්ඝ පර්යේෂණ වැලක අවසාන ප්‍රතිඵලය සහ නිවැරදි විග්‍රහය සම්මානිත මහාචාර්ය ටී.ජී. කුලතුංග මහතා විසින් රචිත ‘පුරාණ අභයගිරි විහාරය’ කෘතියේ ඉතා පැහැදිලිව දක්වා තිබෙනවා.

අභයගිරි විහාරය යනු හුදෙක් ආරාමයක් පමණක් නොවෙයි. එය ලෝක ප්‍රකට චීන ජාතික ෆාහියන් හිමියන් පවා පැමිණි මහායාන සහ ථේරවාද බෞද්ධ චින්තනයන් එක ලෙස විවාදයට ලක්වූ ආසියාවේ විශාලතම ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් බඳුවූ ආයතනයක්. වරෙක ඊජිප්තුවේ පිරමීඩවලට පමණක් දෙවැනි වූ මේ මහා ගඩොල් ස්ථූප සෙවණේ දහස් ගණන් දේශීය විදේශීය යතිවරයන් වහන්සේලා ධර්මය හැදෑරුවා.

කාලිංග මාඝ අපේ රජරට ශිෂ්ටාචාරය පොළොවට සමතලා කර දැමුවද වසර සිය ගණනකට පසු 19 සහ 20 වැනි සියවස්වලදී හියු නෙවිල්, බරොස්, පාකර් සහ අයර්ටන් වැනි විදග්ධ පර්යේෂකයන් නිසා අපේ ඉතිහාසයේ සැඟවුණු සත්‍යය යළි මතු කරගැනීමට අපට හැකි වුණා. මහාචාර්ය ටී.ජී. කුලතුංගයන් වැනි විද්වතුන් ඒ මතකය අනාගත පරපුර වෙනුවෙන් ග්‍රන්ථාරූඪ කළා.

අද වනවිට ලෝක උරුමයක් වන අනුරාධපුරයේ අභිමානයෙන් නැගී සිටින අභයගිරිය සහ ජේතවනය දෙස බලන ඔබ ඒ දැවැන්ත ස්මාරක පිටුපස ඇති මෙවැනි ඓතිහාසික කතාන්දරත් මතකයේ තබාගනු ඇතැයි විශ්වාස කරනවා

CHAMATH VLOGS

SendShareShare
Previous Post

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

Next Post

බන්ධනාගර ගැටුම පටන් ගත්තෙ කවද්ද? ඇත්තටම වැරදිකාරයො කවුද? මේක ඉවර කරන්න බැරි ඇයි? හිරවෙන්නෙ නැතුව හිරේ ගැන දැනගන්න! Sri Lanka Latest News

MORE NEWS

එල්ලා මැරීම සහ එල්ලී හිඳීම! Sri Lanka Latest News
Exclusive

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

වමටද බර? නියෝජ්‍ය කතානායක ඉරාන අවමඟුලට! අගමැති කටාර් අවමඟුලට! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

වමටද බර? නියෝජ්‍ය කතානායක ඉරාන අවමඟුලට! අගමැති කටාර් අවමඟුලට! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

Load More
එල්ලා මැරීම සහ එල්ලී හිඳීම! Sri Lanka Latest News
Exclusive

එල්ලා මැරීම සහ එල්ලී හිඳීම! Sri Lanka Latest News

සියදිවි නසාගැනීමක් සජීවීව මුළු රටම නැරඹුවා. මේ සිදුවීමත් එක්ක එදා රාත්‍රියේ සිට මේ දක්වාම ඇතිවෙලා තියෙන්නේ විශාල කැලඹීමක්. මේ කැලඹීම...

Read more
මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

බන්ධනාගර ගැටුම පටන් ගත්තෙ කවද්ද? ඇත්තටම වැරදිකාරයො කවුද? මේක ඉවර කරන්න බැරි ඇයි? හිරවෙන්නෙ නැතුව හිරේ ගැන දැනගන්න! Sri Lanka Latest News

බන්ධනාගර ගැටුම පටන් ගත්තෙ කවද්ද? ඇත්තටම වැරදිකාරයො කවුද? මේක ඉවර කරන්න බැරි ඇයි? හිරවෙන්නෙ නැතුව හිරේ ගැන දැනගන්න! Sri Lanka Latest News

අයර්ටන් විසඳපු අභයගිරි – ජේතවන පටලැවිල්ල! Sri Lanka Latest News

අයර්ටන් විසඳපු අභයගිරි – ජේතවන පටලැවිල්ල! Sri Lanka Latest News

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.