• About us
  • Contact us
Saturday, July 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

July 18, 2026
in Astrology, Exclusive
Reading Time: 3 mins read
A A
පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පෙර ලියූ ලිපි අනුව සෞරග්‍රහ මණ්ඩලයේ කම්කරුවකු නියෝජනය කරන දුර දීර්ඝ අවබෝධය ජීවිතයට උදාකිරීමට සමත් නම ඇසූ පමණින් ඇස් උඩ තියාගන්නා සෙනසුරු ග්‍රහයා ගැන තව තවත් ඔබව දැනුවත් කළ යුතුයි කියා මට සිතුණේ බොහෝ දෙනාගේ දැනුමට මෙන්ම ප්‍රායෝගිකව ජීවත් වන අයුරු සෙනසුරු හරහා උදාවන නිසාවෙනි. බොහෝ අවස්ථාවල සෙනසුරු අපට පාඩම් කියා දෙන්නේ සසර ගනුදෙනුවලින් කිසිම ගැලවීමක් අපට නැත යන කරුණු කාරණා පදනම් කරගෙනය. නමුත් කේන්ද්‍ර පරීක්ෂාවේදී ජන්මියා කෙතරම් දුරට අසරණ වන්නේද, එතරම්ම දුරට පෙරළා ශක්තිමත් වීමට ධෛර්යය සිත් තුළට කාවද්දවමින් බව ඔබ දන්නේ නැතිව ඇති. ඒ නිසා දෛවෝපගත සිදුවීම් දරාගැනීමට සෙනසුරු තරම් පාඩම් කියා දෙන්න කිසිදු ග්‍රහයෙක් සමත් වන්නේද නැත.Sri Lanka Latest News

සෑම අවුරුද්දකට සැරයක් මෙම සෙනසුරු වක්‍ර වීම හෙවත් තමා සිටි රාශියෙන් පසුපසට ගමන් කිරීම සිදුවන්නේය. මෙම සෙනසුරුගේ වක්‍ර වීම සෙනසුරුගේ ස්වභාවය ලෙස සැලකේ. සෙනසුරු ආපසු හරුණු තැන සිට අංශක 7ක් හෝ 8ක් ආපස්සට ගමන් කර නැවතී නැවත ඉදිරියට යෑමට පටන් ගන්නේය. එබැවින් යම් රාශියක තැන්පත් සෙනසුරු මුල් අංශක 7ක් හෝ 8ක් යෑමට කලින් වක්‍ර වූයේ නම් එවිට එය නවතින්නේ එයට මුල රාශියේද අග අංශක කිහිපයක් දුර ආපසු ගොසින්ය. නමුත් යම් රාශියක සෙනසුරු අංශක 8කට වඩා දුරට ගොස් වක්‍ර වී නම් එවිට එම රාශිය තුළම වක්‍ර වීම හා නිවෘත වීම ඒ කියන්නේ ආපස්සට ගොස් නැවත ඉදිරියට පැමිණීම එකවර සිදුවන්නේය. මේ වක්‍ර ගමන නිසා සෙනසුරුට බොහෝ විට සෑම රාශියකම අග හෝ මුල අංශකවල ළඟ ළඟම තුන් වාරය බැගින් ඉදිරියට හා ආපස්සට ගමන් කිරීමට සිදුවනු ඇත. මේ ක්‍රමයට රාශි දෙකක සම්බන්ධයක් නැතිව සෙනසුරු යම් රාශියකට ඇතුළු වූ විට එම රාශිය තුළම පමණක් අවුරුදු පතා වක්‍ර වෙමින් ගමන් කර ඊළඟ රාශියට පැමිණ අනු වක්‍ර නොවී ගමන් කිරීමක්ද සෙනසුරුගේ ගෝචරයේදී සිදුවීම ඉතා ප්‍රබල බලපෑමක් මනුෂ්‍ය ජීවිතයට එල්ල වන බවක් මෙහිලා සඳහන් කළ යුතුමය. එවිට සෙනසුරුගේ බලපෑම තමා සිටි රාශියට අනුව අවුරුදු දෙකහමාරක් නොව අවුරුදු 2යි මාස 2න් පමණ කාලයකදී සෙනසුරුගේ රාශි මාරුව සිදුවන්නේය. සෙනසුරුගේ වක්‍රය හා නිවෘත වීම යන කාරණා දෙකම හසුවූ විට එක රාශිය දෙවාරයකට හෝ ඇතැම් විට තුන් වාරයකටම ගමන් කළ කාල පරාසය අවුරුදු දෙකහමාරත් අවුරුදු තුනහමාරත් දක්වා දීර්ඝ වන බව ඔබ දන්නේද?
රාශියේ අග කොටසේ ගමන් කරන කාල පරාසය තුළදී සෙනසුරුගෙන් ජන්මියාට ගෙන දෙන්නා වූ සෙනසුරුගේ ගෝචර ඵල විපාක වැඩි වන්නේ මෙකී කරුණු කාරණා පදනම් කරගෙනය. එම වකවානුව තුළදී සෙනසුරුගේ දඬුවම්, පීඩන, අක්‍රමිකතා, රෝගාබාධ මෙන්ම ඇතැමුන්ගේ පිහිටීම අනුව ජීවිතය උඩු යටිකුරු වී යන අවස්ථාද, දැඩි සත්කාරයේ දුක් විඳ අවසන් හුස්ම හෙළීම පවා සිදුවන අවස්ථාද අපට දැකගන්නට ලැබී තිබේ.

ශනිගේ ගෝචරය ලග්නය හරහා ගමන් කරන කාලය ජන්මියාට ශුභ ඵල හීන කිරීම සිදුවේ. තමා නොකළ වැරැදිවලට හසුවීම, නමට කැළලක් වන දෑ සිදුවීම, තිබුණු ප්‍රසිද්ධිය නැතිවීම, සමාජයේ පිළිගැනීම පෙරට වඩා අඩුවී යෑම, අඳුරට මුල්ල මුළු ගැන්වූ ස්වභාවයක් ඉස්මතු වීම, උසස් අයගෙන් තමන්ට විපත්ති කරදර ඇතිවීම, පවුලේ අයගෙන් ඈත්වී වාසය කිරීමට සිදුවීම, පදිංචියේ වෙනසක් සිදුවීම, තමාට වඩා පහත් තමන්ට සුදුසු නැති අය සමග ආශ්‍රය කිරීමට යොමුවීම, නඩුහබ කරදර ඇති වුවහොත් එයින් පරාජයට පත්වීම හෝ දඬුවමට යටත් වීමට සිදුවීම, බලාපොරොත්තු රහිත වියදම් දැරීමට සිදුවීම, ක්‍රමයෙන් විපත්ති අනතුරුවලට මුහුණපෑමට සිදුවීම, තදබල ලෙස සිතට කරදර ඇතිවීම, තම පවුලේ කෙනකුට රෝගී තත්ත්වයන් උත්සන්න වීම, අන්සතු දේපළට තදින් ආශා කිරීම, සොරකම් කොල්ලකෑම් ආදී අධාර්මික අප්‍රසිද්ධ ජීවිත ගතකිරීමට සිදුවීම, තමා සතු ධනය වස්තුව අහිමි වී යෑම, ලග්නයේ ශනි ගෝචර ගමනින් ගමන් කිරීමෙන් මෙවැනි දෑවලට ජන්මියාට මුහුණ පෑමට සිදුවන්නේ තමා කිසිසේත්ම නොසිතන නොපතන අයුරින්මය. ශරීර ශක්තිය යහපත් නොවීම, කලක සිට අසනීපයෙන් පෙළෙන අයෙකු නම් එකී අසනීප තත්ත්වයන් වැඩි වීම, පාදවල ආබාධ වැඩිවීම, ජල බිය, ගිනි බිය, සතුරු බිය ඇතිවීම, කරගෙන ආ කටයුතුවල ක්‍රමවත් බව ගිලිහී යෑම, තිබුණු ලැබුණු ආදායම් තත්ත්වය පහළ වැටීම, ආර්ථික අපහසුතා උත්සන්න වීම, රැකී රක්ෂා අහිමි වීම, සිටි තනතුරුවලින් පහළට වැටීම, වැඩ ප්‍රමාදය, තමාට අවශ්‍ය වේලාවට ප්‍රයෝජන නොලැබීම, යම් දෙයක් කිරීම හෝ කරගැනීමට කිහිප වතාවක් ඒ වෙනුවෙන් රස්තියාදු වී වැඩ ප්‍රමාද වීම, උත්සාහයේ තරමට ප්‍රතිඵල හීන වී යෑම, දක්ෂකමේ තරමට තමාට තැනක් නොලැබී යෑම, ක්‍රියාවේ ශ්‍රේෂ්ඨත්වය තිබූ පමණින් ඊට සරිලන පරිදි ප්‍රසිද්ධිය, ගෞරවය, නම්බුව, තත්ත්වය නොලැබී යෑම, අඹු-සැමි සබඳතා අක්‍රීය වීම, ආකර්ෂණය අඩුවීම, දෙදෙනා අතර මතභේද මත ගැටුම් වැඩි වීමද මෙහිදී දැකගත හැකිය.

මෙහිදී මා සඳහන් කළේ ජන්මියාගේ ලග්න රාශිය තුළ ගෝචර ගමනේදී සෙනසුරු උදාකිරීමට සමත් විපත් කරදරවලින් බිඳකි. නමුත් බිය විය යුත්තේ මෙකී කාරණා මේ ආකාරයෙන්ම සිදුවන්නේ නම් පමණි. මෙකී අශුභ ඵල අඩුවීම, වැඩිවීම, අහෝසි වී යෑම ආදියද සිදුවන්නේය. මෙහිදී පොදු කරුණු මත මෙන්ම ජන්ම කේන්ද්‍රයේ මෙකී තත්ත්වයන් වෙනස් වන අයුරුද මේ අතර පිහිටීමෙන් ඉහත කී අශුභ ඵල අවම වනු ඇත.

● මකර-කුම්භ-තුලා යන මෙයින් එක් රාශියක් ලග්නය වී ශනි එම ලග්නයේ ගමන් කරන කාලයේදී යටකී තද අපල ඇතිවීමට ඉඩ නොයෙදේ. නමුත් කරදර සහිතව ජීවිතය ගලා යෑමට ඉඩකඩ යෙදේ. ශුභ අශුභ මිශ්‍ර විපාක හිමිවේ.
● ජන්මියාගේ ලග්නය කුමක් වුවත් සෙනසුරු 1-3-5-9-10-11 යන භාවයක උත්පත්තියේ සිටියේ නම් ඔවුන්ටද සෙනසුරු ලග්නයේ ගෝචර වීම තදබල අපල උදා නොවන්නේය.
● ශනි ලග්නයේ දුර්වලව ගමන් කරන කාලයේදී කුජ 7 වැන්නේ ගමන් කරමින් සප්තම දෘෂ්ටි දෙන කාලවලදී කුජ-ශනි දෙදෙනාම ලග්නයේ ගමන් කරන කාලයේදී ඇතිවන ඵල විපාක මීට වඩා හාත්පසින්ම වෙනස් වී යන්නේය.
● ශනි ලග්නයේ ගමන් කරන විට යුරේනස්ගෙන් සම සප්තම දෘෂ්ටිය ලැබුවේ නම් බලාපොරොත්තු රහිත පවුල් භේද ඇතිවීම, සතුරු පීඩා, නඩුහබ ඇතිවිය හැකිය.
● ශනිට යුරේනස්ගේ ත්‍රිකෝණ දෘෂ්ටිය ලැබුණේ නම්, හදිසි උසස්වීම්, ලාභ ලැබෙන ගමන් යෙදීම, ඉගෙනීම් සඵලත්වය, දරුවන්ගේ දියුණුව, ස්ථාන මාරුවී කරදර අඩුවීම, කරන වැඩවල ශුභ ඵල අත්විඳීම සිදුවනු ඇත.
ලග්නයට ශනිගේ ගෝචරය මේ ආකාරයට බල දුබලතාවන් ඇතිකළද ඒ සඳහා නිවැරැදි ධර්මානුකූල ජීවිතයක් ගතකරන ජන්මියාට එම අහිතකර කිරණයන්ගේ චලනය පවා වෙනස් කරගත හැකිය.

නැවතත් මෙවන් හරවත් ලිපි පෙළකින් ඔබව දැනුවත් කිරීමට මා සූදානම්. එතෙක් ඔබට සියලු යහපත උදාවේවා.

ජ්‍යොතිර්වේදිනී පී.එම්. සංජීවී වසන්ති
(ජ්‍යොතිර් විද්‍යා ඩිප්ලෝමාධාරිනී / ජ්‍යොතිෂ ශිරෝමනී, ජ්‍යොතිෂ අවිශ්කාර් විශිෂ්ට ගෞරව සම්මානලාභිනී, සෙත්කවි ශාස්ත්‍ර විශාරද විශිෂ්ට ගෞරව සම්මානලාභිනී)
සංජීවී ජ්‍යොතිර් පියස
දුරකතන – 0777 130391
ලිපිනය – ජයශ්‍රී, අංක 101, විමුක්ති මාවත, තුන්වැනි පටුමග, තලංගම උතුර, බත්තරමුල්ල.

SendShareShare
Previous Post

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

Next Post

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

MORE NEWS

අයර්ටන් විසඳපු අභයගිරි – ජේතවන පටලැවිල්ල! Sri Lanka Latest News
Exclusive

අයර්ටන් විසඳපු අභයගිරි – ජේතවන පටලැවිල්ල! Sri Lanka Latest News

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

වමටද බර? නියෝජ්‍ය කතානායක ඉරාන අවමඟුලට! අගමැති කටාර් අවමඟුලට! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

වමටද බර? නියෝජ්‍ය කතානායක ඉරාන අවමඟුලට! අගමැති කටාර් අවමඟුලට! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

Load More
අයර්ටන් විසඳපු අභයගිරි – ජේතවන පටලැවිල්ල! Sri Lanka Latest News
Exclusive

අයර්ටන් විසඳපු අභයගිරි – ජේතවන පටලැවිල්ල! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ ඉතිහාස පිටු අතර හමුවන දුක්ඛිතම සහ අඳුරුතම පරිච්ඡේදය ලියැවෙන්නේ ක්‍රිස්තුවර්ෂ 1215දීයි. ඒ, කාලිංග මාඝගේ දරුණු ආක්‍රමණයත් සමග මුළු...

Read more
ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

වමටද බර? නියෝජ්‍ය කතානායක ඉරාන අවමඟුලට! අගමැති කටාර් අවමඟුලට! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

වමටද බර? නියෝජ්‍ය කතානායක ඉරාන අවමඟුලට! අගමැති කටාර් අවමඟුලට! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.