ඉන්දීයානු කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩී. රාජා සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අතර හමුවක් පසුගිය දා ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්ත ප්‍රධාන කාර්යාලයේ දී සිදුවිය.Sri Lanka Latest News
ශ්‍රී ලංකාවේ ආණ්ඩු බලය ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ බලවේගයක් විසින් දිනා ගැනීම පිළිබඳ සිය සතුට ප්‍රකාශ කළ ඉන්දීයානු කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩී. රාජා සහෝදරයා, ඒ පිළිබඳ අත්දැකීම් බෙදා ගැනීමට අවස්ථාව ලැබීම පිළිබඳ සතුට ප්‍රකාශ කලේය. රට පාලනය කිරීම තුළ ආර්ථික හා භූ දේශපාලනයේ පවතින අභියෝග මෙන්ම ජාතීන් අතර සමගිය පවත්වා ගැනීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කරන ලදී.
මෙම අවස්ථාව සඳහා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් මධ්‍යම කාරක සභික, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් හා මධ්‍යම කමිටු සාමාජික, නීතීඥ ජානක අධිකාරි යන සහෝදරවරුද එක්ව සිටියහ.










