රටක් ලෙස අද අප අභියෝග රැසකට මුහුණ දෙන බවත් සෘජු අධිරාජ්‍යවාදීන් පරාජය කරමින් නිදහස ලැබුවා සේ අද ක්‍රියාත්මක වක්‍ර අධිරාජ්‍යවාදය ද පරාජය කළ යුතු බවත් විවිධ රටවල සංවිධානවල ආයතනවල ගොදුරන් බවට පත් වීමට ඉඩ නොදී මේවා පරජය කළ යුතු බවත් අප රටේ සෛරීත්වය කෙලෙසන විවිධ උත්සාහ පරාජය කර ඒකීයභාවය සෛරීත්වය භෞමික අඛණ්ඩතාව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුරකිමින් භූදේශපාලන කුමන්ත්‍රණ පරාජය කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මහා විහාරවාශික ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උපසම්පදා රාජ්‍ය මහෝත්සවය හා එක්වෙමිනි.
සමගි උපසම්පදාව නැවත වරක් ක්‍රියාත්මක කිරීම අතිශය වැදගත් බවත් ඒ තුළ මහා සැනසීමක් ආශිර්වාදයක් ගිහියන්ට ලැබෙන බවත් විවිධ අවස්ථාවල ධර්ම විකෘති ආදී ශාසන විරෝධී අවස්ථා රැසක් අද නිර්මාණය කරමින් බුදුදහම විකෘති භාවයට ලක් කරන යම් යම් කොට්ඨාස ඇති නිසා මේවා පරාජය කළ යුතු බවත් මහා සංඝරත්නයට නින්දා අපහාස කිරිම් ආදියද සිදුවන නිසා පක්ෂ භේදයකින් තොරව ඒවා පරාජය කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
එසේම මහා සංඝරත්නයට එරෙහිව එල්ල කරන ප්‍රහාරද භේද බින්න නොතකා පරාජය කළ යුතු බවත් ඒ සඳහා සියලු දෙනා එකට එකතු විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
තවද අද අප ජීවත් වන්නේ තාක්ෂණයෙන් දියුණු යුගයක බවත් මිනිසාගේ මනස තුළ තිබෙන ගැටලුවලට තවමත් විසදුම් නැති බවත් අවිආයුධ දියුණ වුවත් සන්නිවේදය දියුණු වුවත් මිනිසුන්ගේ සිත දියුණු නැති බවත් මනුෂ්‍ය ගුණාංග පිරිහීමකට ලක්වු කාලයක උපසම්පන්න භික්ෂුවක් යනු සමාජයට අවශ්‍ය චරිතයක් බවත් ධර්මයේ ප්‍රායෝගික වටිනාකම ලොවට ගෙනයන්න මේ මහා සංඝරත්නය සුවිශාල මෙහෙයක් ඉටු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ඉතිහාසයේ දුෂ්කර කාලයේ රට ආරක්ෂා කර ශක්තිමත් කරමින් අධ්‍යාපනය ආගම දහම රකින අමිල මෙහෙවර ඉටු කළේ මේ මහා සංඝරත්නය නිසා මහා සංඝරත්නයට ගෞරවය දැක්වීම යනු මුළු මහත් ශිෂ්ටාචාරයටම ගෞරව දැක්වීමක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
භික්ෂුවගේ ජීවිතය කැපවී ඇත්තේ තමා වෙනුවෙන් නොව සමාජය වෙනුවෙන් බවත් එවැනි උපසම්පදා වගකීමක් බාර ගැනීමේ උතුම් පුන්‍ය මහෝත්සවයක් කරා එක්වීමට ලැබීම මහත් භාගයක් බවත් බුදුදහමේ සමානාත්මතාවය සාධාරණත්වය හා කරුණාව ප්‍රායෝගිකව සමාජ ගත කරන්න අමරපුර නිකාය සුවිශේෂ මෙහෙවරක් ඉටු කරන බවත් එය සමාජ සාධාරණත්වයේ හා යුක්තියේ සංකේතයක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.


















