මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී විනිසුරුවරයෙකු ලෙස කටයුතු කිරීමට ලද ආරාධනය ශ්‍රී ලංකාවේ කුමාර් ධර්මසේන මහතා විසින් ප්‍රතික්ෂේප කර ඇති බව දැනගන්නට ඇත.
ඒ වෙනුවට ඔහු මෙරට දී පැවැත්වෙන ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කිරීමටයි තීරණය කර ඇති බව පැවසේ.
ලබන වසරේ ජූලි 31 වනදා දක්වා මෙරට පැවැත්වෙන තරගාවලියන්හි විනිසුරුවරයෙකු ලෙස කුමාර් ධර්මසේන කටයුතු කිරීමට නියමිත බවත්, තරග තීරකවරයෙකු ලෙස රංජන් මඩුගල්ල මහතා කටයුතු කරනු ඇති බවත් දැනගන්නට ඇත.
බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරගාවලියේ අනෙක් විනිසුරුවන් ලෙස රුචිර පල්ලියගුරුගේ, රවීන්ද්‍ර විමලසිරි සහ Lyndon Hannibal කටයුතු කිරීමට නියමිතය.










