මීගමුව බන්ධනාගාරයේ ඩෙංගු රෝගය වැළඳීමෙන් රැඳවියන් 40කට ආසන්න ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පළවන වාර්තා අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කරුණු පැහැදිලි කිරීමක් කළේය.Sri Lanka Latest News
ඒ අද (07) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්රවෘත්ති සාකච්ඡාවේදීය.
එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ එලෙස ඩෙංගු රෝගය වැළඳීමෙන් රැඳවියන් 40ක් ජීවිතක්ෂයට පත්වූ බවට පළවන වාර්තා අසත්‍ය බවය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“ඒක සම්පූර්ණයෙන් අසත්‍ය කතාවක් 40ක් මැරුණානම් මෘත දේහ තියෙන්න එපැයි. ඕනෑම රෝගියෙකුට අවශ්‍ය කරන ප්‍රතිකාර තියෙනවා. කාට හරි උණ රෝගය තිබෙනවානම්, කිහිප දෙනෙකුට උණ රෝගය තිබුණා කළින් දවසේ එහෙම වාර්තා වෙලා තිබුණේ එක්කෙනයි එයාටත් ප්‍රතිකාර කළා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් කිසිදු ආකාරයේ පැමිණිල්ලක් ලැබිලා තිබුණේ නෑ. වෛද්‍යවරුන්ගේ හෝ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ හිඟය නිසා රෝගීන් මිය ගිහිල්ලා නෑ. බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර කරන්න බැරිනම් ඒ ආශ්රිත තදාසන්න රෝහල්වලට ඒ අය යොමු කරනවා. ඒක තමයි අපේ ක්‍රමවේදය.”










