• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහින්ද ඩයනාගේ ගෙදර යයි (PHOTOS)-රාජ්‍ය රහස්

September 7, 2020
in Exclusive, Rajya Rahas
Reading Time: 8 mins read
A A
මහින්ද ඩයනාගේ ගෙදර යයි (PHOTOS)-රාජ්‍ය රහස්
Share on WhatsAppShare on Facebook

පසුගිය සතියේ කවුරුත් පුදුමවන ආකාරයේ අසාමාන්‍ය සිදුවීමක් දේශපාලන ක්‍ෂේත්‍රයේ සිදුවිය. ඒ අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා විපක්‍ෂයේ මන්ත්‍රිවරයකුගේ නිවෙසේ පැවැති විශේෂ රාත්‍රි භෝජන සංග්‍රහයකට සහභාගි වීමය. සාමාන්‍යයෙන් මහින්ද සැලකන්නේ පක්‍ෂ – විපක්‍ෂ භේදයකින් තොරව සෑම මන්ත්‍රිවරයකුගේම උපන් දිනයට උදෙන්ම සුබ පතන දේශපාලනඥයකු ලෙසය. එය මහින්ද එදා සිටම කරගෙන ආ පුරුද්දකි. ආණ්ඩු පක්‍ෂයේ හෝ වේවා, විපක්‍ෂයේ හෝ වේවා ඕනෑම මන්ත්‍රිවරයකුගේ උපන් දිනයට සුබපතමින් ඇතැම් විට පළමු දුරකතන ඇමැතුම ලැබෙන්නේද මහින්දගෙනි. මේ නිසාම ආණ්ඩු පක්‍ෂයේ, විපක්‍ෂයේ භේදයකින් තොරව එම මැති ඇමැතිවරුන්ද උපන් දින සාද සඳහා සාමාන්‍යයෙන් මහින්දට ආරාධනා කිරීමද නිරතුරුවම සිදුවන්නකි.

ආරාධනාව ආවේ සේනකගෙන්

පසුගිය සතියේ මහින්දට මේ අයුරින්ම ආරාධනාවක් ලැබිණි. ඒ ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රිවරයකුගෙන් හෝ ඇමැතිවරයකුගෙන් නොව විපක්‍ෂය නියෝජනය කරන පවුලකිනි. විපක්‍ෂයේ කීවද එය ජනතා විමුක්ති පෙරමුණෙන් හෝ දෙමළ සන්ධානයෙන් ආ ආරාධනාවක් නොව සමඟි ජනබලවේගයේ මන්ත්‍රිවරියකගේ පාර්ශ්වයෙන් ආ ආරාධනාවකි. ආරාධනාව ලැබුණේ වෙන කාගෙන්වත් නොව සමඟි ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රිවරියක ලෙස තේරී පත්වුණු ඩයනා ගමගේගෙනි. පාර්ලිමේන්තු මන්ත්‍රිවරියක ලෙස තේරී පත්වීමට අමතරව ඩයනාගේ සැමියා වූ සේනක සිල්වාගේ උපන් දිනයද ඉකුත් සෙනසුරාදා (29දා) දිනට යෙදී තිබීම මේ ආරාධනාවට තවත් එක් හේතුවක් වී තිබිණි. හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා දේශපාලනයට පිවිසි සමයේ ඔහුගේ ලේකම්වරයකු ලෙස කටයුතු කළේද සේනකය. මහින්දට අමතරව සමඟි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සියලුම මන්ත්‍රිවරුන්ටද, තෝරාගත් මාධ්‍යවේදීන් කිහිප දෙනකුටද, ව්‍යාපාරික ක්‍ෂේත්‍රයේ ප්‍රබලයන් කිහිප දෙනකුටද ආරාධනා කිරීමට සේනක – ඩයනා යුවළ පියවර ගෙන තිබිණි.

පන්සලේ පෙරහැරෙන් කලින්ම එයි

කෙසේ වෙතත් එදින මහින්දට තවත් විශේෂ අවස්ථා දෙකකට සහභාගි වීමටද ආරාධනා ලැබී තිබිණි. ඉන් එකක් වූයේ කෝට්ටේ රජමහා විහාරයේ පෙරහරට සහභාගි වන ලෙසට ලැබී තිබුණු ආරාධනාවයි. මහින්දට අමතරව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාටද, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යවරයා වූ නාමල් රාජපක්‍ෂ මහතාටද ඒ සඳහා ආරාධනා කිරීමට පෙරහර සංවිධායකයන් පියවර ගෙන තිබිණි. කෙසේ වෙතත් සේනකගේත් – ඩයනාගේත් උත්සවයට සහභාගි වන බවට කල්තියාම කර තිබූ දැනුම් දීම හේතුකොට ගෙන විහාරයේ පෙරහර කටයුතුවලට සහභාගි වුණු මහින්ද එහි ඉදිරි කටයුතු නාමල්ට බාර කොට වේලාසනින්ම පිටව යනු දැකගත හැකි විය. එසේ පිටවුණු මහින්ද කෙළින්ම පැමිණියේ හෝකන්දර අමරසිංහ මාවතේ පිහිටි සේනකගේ නිවෙසටය.

ආරක්ෂකයන් දුටු රංජිත්-මයන්ත පුදුමයෙන්

ඒ ආකාරයට මහින්ද සේනකගේ නිවෙසට ගොඩවීමට පෙරාතුව හිටිහැටියේ ආරක්‍ෂක නිලධාරීන් විශාල පිරිසක් එකවර සේනකගේ නිවෙසට ඇතුළු වී එහි ආරක්‍ෂක තත්ත්වය තහවුරු කිරීමට පියවර ගත්හ. ඒ ආකාරයට ආරක්‍ෂක නිලධාරීන් නිවෙස පරීක්‍ෂා කිරීමට පටන් ගැනීමත් සමඟ එහි සිටි සමඟි ජනබලවේගයේ මන්ත්‍රිවරුන්ද පුදුමයට පත්වූයේ මෙපමණ ආරක්‍ෂාවක් සහිතව විපක්‍ෂ මන්ත්‍රිවරයකුගේ නිවෙසට පැමිණෙන පුද්ගලයා කවුරුන්ද යන්න සිතා ගැනීමටවත් නොහැකිවය. එම කුතුහලය වඩාත් දෙගුණ තෙගුණ වූයේ සේනකත්, ඩයනාත් උත්සවය සඳහා මහින්දට ආරාධනා කළ බවක් කිසිවකුටත් ඇඟවෙන්නට නොහැර එය රහසක් ලෙස තබා ගැනීම නිසාය.
ඒ අනුව මොහොතක් යෑමට මත්තෙන් සමඟි ජනබලවේගයේ මන්ත්‍රිවරුන් සියල්ලන්ම පුදුමයට පත්කරමින් සේනකගේ නිවෙසට මහින්ද ඇතුළු විය. ඒ මොහොතේ එහි සිටි මයන්ත දිසානායකගේත්, රංජිත් අලුවිහාරේගේත් ඇස් උඩ යනු දුටුවද තමන්ට සුපුරුදු සිනහවෙන් යුතුව කිසිදු වෙනස්කමක් නොපෙන්වා මහින්ද නිවෙසට ඇතුළු වූයේ සේනකටත්, ඩයනාටත් සුබපතමින්ය.

මහින්ද ගෙට ඇතුළු වෙයි

ඉන්පසු පැමිණ සිටි සියලු දෙනාටම පෙනෙන පරිදි ආලින්දයේ තිබුණු සෝපාවේ අසුන්ගත් මහින්ද පිරිස සමඟ ආගිය තොරතුරු කතා කිරීමට පටන් ගත්තේය. එහිදී එක් මන්ත්‍රිවරයෙක් මහින්දගෙන් ‘අගමැතිතුමා පාටි එකටම ආවද…’ කියා විමසද්දී මහින්ද කියා සිටියේ, ‘නෑ… නෑ… මං කෝට්ටේ පන්සලේ පෙරහරට ගියා. ජනාධිපතිතුමාත් එතැනට එන්න ඉන්නවා. මෙතනටත් එන්න ඕන නිසා මම ඉක්මනටම පැනගත්තා. ආයෙ රෑ 9.30ටත් මම දාගත්ත වෙන වැඩක් තියෙනවා’ යැයි කියාය.
කෙසේ වෙතත් විපක්‍ෂයේ මන්ත්‍රිවරුන්ට අගමැතිවරයා මෙවැනි සාදයකදී පෞද්ගලිකව හමුවන්නේ ඉතා කලාතුරකින් නිසා සාදයට සහභාගිව සිටි පිරිස සාදය පසෙක තබා දේශපාලන කරුණු පිළිබඳ මහින්දගෙන් කරුණු විමසන්නට වූහ.

කොළඹගේ ගැන මහින්ද කී කතාව

එහිදී එක් මන්ත්‍රිවරයෙක් මහින්දගෙන් විමසා සිටියේ විදේශ අමාත්‍යාංශයේ නව ලේකම්වරයා වන අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා මෑතකදී මාධ්‍යයට කර තිබු ආන්දෝලනාත්මක ප්‍රකාශයක් පිළිබඳවය. එහිදී මෙරට ඉංග්‍රීසි පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ජයනාත් කොළඹගේ පවසා තිබුණේ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය තුළ ඉන්දියාවට පළමු තැන ලබා දීමටත්, ඉන්දියාවේ උපායමාර්ගික ආරක්‍ෂක ක්‍රියාන්විතයන් ආරක්‍ෂා කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කරන බවත්ය. එමෙන්ම කලාපීය කටයුතුවලදී ඉන්දියාවට මුල් තැන දී කටයුතු කරන බවත්, ඉන්දියාව වැනි රාජ්‍යයකට එරෙහිව කටයුතු කිරීමට ශ්‍රී ලංකා භූමිය යොදා ගැනීමට කිසිදු විටෙක වෙනත් රජයකට ඉඩ නොතබන බවත් එහිදී කොළඹගේ මහතා ප්‍රකාශ කර තිබිණි. ලේකම්වරයකු මෙවැනි බරපතළ ප්‍රකාශ කරන්නේ කෙසේද යන්න මන්ත්‍රිවරයාගේ ප්‍රශ්නය වී තිබිණි.
ඒ අනුව ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව ඇතුළේ යම් අර්බුදයක් පැනනැඟී ඇති බවක් දැකගන්නට තිබුණේ මහින්ද ඊට දුන් පිළිතුරත් සමඟිනි.
‘මමත් මේ ඒක ගැන බලන් ඉන්නෙ. එයා සීමාව ඉක්මවා යනවා වගේ තමයි මටත් පේන්නෙ. සුපිරි ලේකම්ලා ආණ්ඩු ඇතුළෙ බිහිවෙන්න බැහැ. ඒ කතාව සීමාව ඉක්මවා ගිය එකක්’ යනුවෙන් කියමින් මහින්ද එහිදී තරමක විවේචනාත්මකව ඊට උත්තර දෙනු එහිදී දැකගන්නට ලැබිණි.
අනතුරුව කතාව වෙනතකට යොමු කරමින් මහින්ද සේනක – ඩයනා යුවල දෙස බලමින් සිනාසෙමින් විමසා සිටියේ ‘කෝ ඔයාලගෙ ලොක්කා රනිල්ට ආරාධනා කළේ නැද්ද?’ යැයි කියාය. ඒ සමඟම මාතෘකාව එක්සත් ජාතික පක්‍ෂය දෙසට යොමු වූ අතර, එසැණින් සමඟි ජනබලවේගයේ මන්ත්‍රිවරයෙක් කියා සිටියේ ‘ඔබතුමානෙ ඉතින් යාළුවව ආරක්‍ෂා කරන්නෙ. ඉතින් කොච්චර පැරැදි පැරැදි හිටියත් ඔබතුමාගෙ හයියෙන් රනිල් යූ.ඇන්.පී. පුටුව අල්ලගෙන ඉන්නවා…‘ යැයි කියාය. වෙනදා නම් මහින්ද රනිල් ගැන කතා කරද්දී සිනාසෙමින් පිළිතුරු දුන්නද එදින පිළිතුරු දුන්නේ සිනාවකටත් වඩා ලජ්ජා සහගත හැඟීමක් මුහුණේ උපදවාගෙනය.

රනිල් ගැන ලැජ්ජලු

‘මොන බොරුද? කව්ද එහෙම කියන්නේ. මටත් හරි ලැජ්ජයි. මේ මනුස්සයා මේක අල්ලගෙන ඉන්න හැටි දැක්කම…’ යනුවෙන් මහින්ද උත්තර දෙද්දී පුදුමයට පත් මන්ත්‍රිවරුන් නැවැත කීවේ ‘හැබැයි රනිල් පක්‍ෂයට පෙන්වගෙන ඉන්නෙ එහෙම තමා’ යැයි කියාය.
‘මොන බොරුද… මම මිනිහට කිසිම සපෝට් එකක් දෙන්නෙ නැහැ, ඒක මොන ලජ්ජා නැති දේශපාලනයක්ද? මම නම් 2015 පැරැදුණු හැටියේම ඔක්කොම අතහැරලා ගෙදර ගියා. මිනිස්සු ඊට පස්සේ මගේ ගෙදරට ඇවිත් ආපසු දේශපාලනයට එන්න කියපු නිසයි මම ආයේ ආවේ. එහෙම නැතිව ආයේ දේශපාලනයට එන්න මගේ හිතේ කිසිම අදහසක් තිබ්බෙ නැහැ. මටත් පුදුමයි මොකද්ද මේ මිනිහට වෙලා තියෙන්නේ කියලා. මොනවා වුණත් එයත් වගකියන්න ඕනෑ පසුගිය ආණ්ඩුව කාලෙ වෙච්ච දේවල්වලට. මොකද පසුගිය ආණ්ඩුව කාලේ මිනිසුන්ගෙන් නොසෑහෙන විදියට පළිගත්තා. අපි අමතක කරන්න හොඳ නැහැ ඒ වගේ දේවල් කළාම ඒවා ආපිට එනවා කියලා. අපේ කාලෙ අපි කාගෙන්වත් පළිගන්න ගියේ නැහැ. මට මතකයි මම ජනාධිපති වෙලා ඉඳිද්දි සජිත්ගෙ නංගිට චෝදනාවක් ආවා. ඒ වෙලාවෙ මට ආණ්ඩුව ඇතුළෙනුයි, යූ.එන්.පී. එකෙනුයි ලොකු ප්‍රෙෂර් එකක් ආවා මේක උඩට අරගෙන ප්‍රේමදාසලගෙ දේශපාලනය විනාශ කරන්න කියලා. හැබැයි මම එහෙම කරන්න ගියේ නැහැ. මොකද මම හිතුවෙ ඒ ඇවිල්ලා මේ රටේ හිටපු ජනාධිපති කෙනෙක්ගෙ දුවෙක්. මටත් දරුවො ඉන්නවා. ඒක අල්ලගෙන මම එයාව හිර කළා නම් ලෝකෙට යන පණිවුඩය මොකද්ද? ඒක නිසා මම එහෙම කළේ නැහැ. හැබැයි යහපාලනය කාලෙ අපේ සියලු දෙනාටම පන්න පන්නා ගැහුවා. මගේ දරුවො හිරේ දැම්මා. ඒ පළිගැනීම හරි භයානකයි. ඒ වගේ දේවල් ආයෙ ලංකාවෙ විය යුතු නැහැ…’ යනුවෙන් මහින්ද කියද්දී මහින්දගේ වචන මෙන්ම මුහුණේ ඉරියව්ද ඉතා සංවේදී වන ආකාරයක් දැකගන්නට තිබිණි.

රනිල්ගේ හොඳ පැත්ත

කෙසේ වෙතත් රනිල්ගේ හොඳ පැත්තද පිරිසට පෙන්වා දීමට මහින්ද අමතක නොකළේය.
‘රනිල්ගෙ හොඳ පැත්තකුත් තියෙනවා. එයා හොඳයි පිටරට අයත් එක්ක කතා කර කර ඉන්න. එයා පිටරට දේවල් මෙහෙට ගේන්න දක්‍ෂයි. මෙහේ නැති දේවල් පිටරට ගිහින් ඇති කරන්නත් දක්‍ෂයි…’ යනුවෙන් මහින්ද සිනාසෙමින් කියද්දී එක් තරුණ කටකාර මන්ත්‍රිවරයෙක් කියා සිටියේ, ‘එහෙමනම් සර්, හොඳම දේ රනිල්ව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ගෙනැල්ලා විදේශ ඇමැතිකම දෙන එකනේ…’ යැයි කියාය.
මහින්ද ඊට බක බක ගා හිනාවෙමින් දුන්නේ ඊටත් වඩා හිනා යන පිළිතුරකි.

සජිත්-ෆොන්සේකා ආවේ මහින්ද ගියාම

‘හහ්… මරුවට තියෙයි. එහෙම නම් එයා කරන දේවල් හොයන්න අපිට තව විදේශ ඇමැති කෙනෙක් දාන්න වෙයි. මොකද එයා අපිට හරි යන දේවල් නෙවෙයිනෙ කරන්නෙ..’ යනුවෙන් මහින්ද කියද්දි මන්ත්‍රිවරු සියලුදෙනාම බඩවල් අල්ලාගෙන සිනාසෙන්නට වූහ.
මේ ආකාරයට ආගිය තොරතුරුද, දේශපාලන තොරතුරුද කතා කරමින් පැය එකහමාරකට ආසන්න කාලයක් මහින්ද සේනකගේ නිවෙසේ රැඳී සිටිනු දැකගන්නට ලැබිණි. එසේ සිටි මහින්ද තමන්ට රාත්‍රි 9.30ට තවත් විශේෂ කටයුත්තකට යෑමට ඇති බව පවසමින් පිටත්ව ගියේ හරියටම රාත්‍රී 8.22ටය. එසේ මහින්ද නිවෙසින් පිටත්ව ගොස් හරියටම මිනිත්තු 8ක් පමණ ගතවෙද්දි තවත් අමුත්තන් දෙදෙනෙක් සේනකගේ නිවෙසට ගොඩවූහ. ඒ වෙන කවුරුවත් නොව සමඟි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාසත්, සමඟි ජනබලවේගයේ මන්ත්‍රි සරත් ෆොන්සේකාත්ය.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

කුරුලු ලෝකෙට පාර මෙන්න

Next Post

සජිත් කාදිනල් හිමි හමුවුණේ ඇයි? (PHOTOS)

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.