අකුරේගොඩ සුපිරි වෙළද සැළක් ඉදිරිපිට දී නීතීඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමට, වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථයේ රියැදුරු ලෙස කටයුතු කළ පුද්ගලයා මාලදිවයිනේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙනවිත් තිබේ.Sri Lanka Latest News
පසුගිය පෙබරවාරි මස 13 වනදා මෝටර් රථයකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් අකුරේගොඩ සුපිරි වෙළද සැළක් ඉදිරිපිට දී නීතීඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කළහ.
මෙරට විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මාළදිවයිනේදී අත් අඩංගුවට ගත් සැකකාර රියදුරු ඊයේ (06) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබිණ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සිහින දිල්සර නැමැති ගාල්ල, ඇත්කදුර ප්රදේශයේ පදිංචි 23 හැවිරිදි අයෙකු බව සදහන්ය.
සැකකරු බහරේන් සිට මාලදිවයින වෙත පැමිණ සිටියදී ඔහුට එරෙහිව ශ්රී ලංකාව විසින් නිකුත් කර තිබූ රතු නිවේදනය මත එරට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් මෙරටට ඒ පිළිබද දැනුවත් කිරීමෙන් පසු විශේෂ පොලිස් කණ්ඩායමක් මාළදිවයින වෙත ගොස් මෙලෙස ඔහු අත්අඩංගුවට ගෙන ඇත.











