අද දවසේත් කෘෂිකර්ම අමාත්‍යවරයා රටේ ගොවි ජනතාවට පහර පිට පහර ගසමින් අපහාස කරමින් යන බවත් අප රටේ සමස්ත බහුතරය පිළිගත්තේ අප රටේ ගොවි ජනතාව රජ කමටත් සුදුසු යැයි බවත් මෙය මැතිවරණ සමයේ පමණක් නොව සදාකාලිකවම පිළිගන්න මහපොළොවේ සත්‍යයක් යථාර්ථයක් වුවත් කෘෂිකර්ම ඇමතිවරයාට අනුව ගොවි ජනතාව රජකමට සුදුසු යැයි කියන කතාව පරණ කතාවක් මිස අලුත් කතාවක් නොවන බවත් කෘෂිකර්ම ඇමතිවරයා ගොවියා රජකමට සුදුසුයි කියන ප්‍රකාශය අපහාසයට ලක් කරමින් යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
එසේම මෙරට බත සපයන්නේ ගොවියා නොවන බවට ද කෘෂිකර්ම ඇමතිවරයා පවසන බවත් මේ ආකාරයට රජය ගොවියාට අපහාස කරන්නේ ඇයි ද කියා ගැටලුවක් ඇති බවත් ජනාධිපතිවරණයේ දී අනුර කුමාර දිසානායක මහතාගේ ඡන්ද ප්‍රචාරණය සිදු කළේ ගොවියෙකුගේ පුතෙක් රජකරවන්න කියා වුවත් දැන් ගොවි පුතා රජ වුණු පසු පාර්ලිමේන්තුවේ 159ක බහුතරයක් ලබා ගත් පසු ගොවිතැන පෙර පැවසූ ශ්‍රීවිභූතිය නොවන බවට පවසන බවත් ගොවි පුතෙක් දිනනතුරු ගොවිතැන හොඳ වුවත් බලය ලබා ගත් පසු ගොවියා රටට කරදරයක් බවට රජය කියමින් යන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද විපක්ෂ නායක කාර්යාලයේ දී වැඩකරන ජනතාවගේ ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පාර්ශ්වකරුවන් රැසක් සමඟ පැවැති හමුවකදීය.
වත්මන් රජය ගොවියා කසිප්පුකාරයා, කෘත්‍රීම ගොවියා යැයි අපහාස කරමින් දැන් ගොවියාගේ උප්පත්තිය සම්බන්ධයෙන් ද පවසමින් අපහාස කරමින් යන බවත් මේ ආකාරයට ගොවියාට අපහාස කරන්නේ මැතිවරණ සමයේ ගොයම් කකා පොරොන්දු වූ වී සදහා රු. 150ක සහතික මිල දී ගන්න නොහැකි වීම නිසා බවත් දැන් මේ 150 සහතික මිල රු. 120ට අඩු කළත් දැන් එය ද දෙන්න නොහැකි වී ඇති බවත් රජය පොරොන්දු වූ සහතික මිල දෙන්න බැරි නම් ඇමතිකම් අතහැර ආණ්ඩුව අතහැර යන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් ගොවි ජනතාව සුරක්ෂිත කර ගොවිතැනේ අභිමානය රැකගෙන ස්ථාවර මිල ලබා දෙන්න සමගි ජන බලවේග රජයක් සූදානම් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ස්ථාවර මිල පමණක් නොව ගුණාත්මක පොහොර බීජ කෘෂිනාශක ආදිය සේම පොහොර සහනාධාරය, උපකරණ මිල නියාමනය, අලි මිනිස් ගැටුම වැළැක්වීම ආදී ගැටලු අවම කර ගොවියා සුරක්ෂිත කරන්න සූදානම් බවත් කාලයක් එදත් ගොවියා රජ කරවන්න එනවා කියා කාබනික පොහොර නාඩගමක් ගෙනවිත් ගොවි ජනතාව විනාශ කළ බවත් අද මාලිමාවට රජවීමට ගොවියාට රජවරුන් කියා බලය ගත් පසු ගොවියා කසිප්පුකාරයන් බවට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ රජය ගොවි ජනතාවගේ මූලික හා මානව අයිතිවාසිකම් පවා උල්ලංඝනය කරන බවත් රජකමට ගොවියාගේ පුතා සුදුසු නම් රජකම ලබපු ගොවියාගේ පුතාට මේ ගොවි අයිතිය ආරක්ෂා කරන්න වගකීමක් ඇති බවත් දැන්වත් ගොවියාට අපහාස නොකර පොරොන්දු වූ ආකාරයට සහන ලබා දිය යුතු බවත් ඒ වෙනුවෙන් ගොවි ජනතාව වෙනුවෙන් ශක්තිය ලබා දෙන්න සමගි ජන බලවේගය සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.






















