ලංකාවේ ප්‍රංශ තානාපති Remi Lambert ඉතිහාසය සහ භූගෝලය පිළිබඳ උපාධිධාරියෙකි. ඔහු ප්‍රංශ අධිරාජ්‍යයා නැපෝලියන් බොනපාට් ලංකාවේ ත්‍රිකුණාමල වරායේ උපායමාර්ගික වටිනාකම ගැන කළ ප්‍රකාශය දන්නවා විය හැකිය. ත්‍රිකුණාමලය පාලනය කරන්නේ කවුද, ඔහු ඉන්දීය සාගරයම පාලනය කරනවා යැයි නැපෝලියන් බොනපාට් ප්‍රකාශ කළේය. හේතුව නැපෝලිනික් යුද්ධයේදී මේ ස්වභාවික වරාය ප්‍රධාන රාජකීය නාවික හමුදා මර්මස්ථානයක් විය.Sri Lanka Latest News
නැපෝලිනික් යුද්ධයට කලින් මෙම කලාපය ඇමෙරිකානු විප්ලවීය යුද්ධයේදී ප්‍රධාන වේදිකාවක් විය. 1782 ‘බැට්ල් ඔෆ් ටි්‍රන්කොමලි’ හිදී ප්‍රංශ අද්මිරාල් Bailli de Suffren බි්‍රතාන්‍ය රාජකීය නාවික හමුදාව සමග ද්වන්ධ සටනක් කළේය. තාවකාලිකව ප්‍රංශය ත්‍රිකුණාමල වරාය අත්පත් කරගත් අතර, ප්‍රංශයේ ඉන්දීය සන්ධානයට සැපයුම් මර්මස්ථානයක් ලෙස වරාය ප්‍රයෝජනයට ගැනුණි.
නැපෝලියන්ට පසු ඉන්දියානු සාගරයේ ලංකාවේ භූ දේශපාලන වටිනාකම අවබෝධ කරගත්තේ වත්මන් ප්‍රංශ ජනාධිපති මැක්රොන්ය. ලංකාව බංකොලොත් වූ පසු අයි.එම්.එෆ්. ගිවිසුම සාර්ථක කරගැනීම සඳහා අවශ්‍ය වූ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට ප්‍රංශ ජනාධිපති මැදිහත් විය. ඒ, පැරිස් ක්ලබ්හි ණය ප්‍රතිව්‍යුහගත කිරීමටය. ප්‍රංශ ජනාධිපතිවරයා එවක ලංකාවේ ජනාධිපති රනිල්ට ප්‍රංශයේ නව විශ්වීය මූල්‍ය ගිවිසුම් සමුළුවට ආරාධනා කළේය. එසේම ඔහු ලංකාවේ හුවමාරු මධ්‍යස්ථානයක් කොට ජනාධිපති රනිල් සමග ද්විපාර්ශ්වික සබඳතා සහ නාවික ආරක්ෂාව ගැන සාකච්ඡාවක්ද කළේය. ඉන් පසු පසුගිය වසරේදී ඉන්දියානු සාගරයේ රඳවා ඇති ප්‍රංශ හමුදාවේ ඒකාබද්ධ අණදෙන නිලධාරී, රියර් අද්මිරාල්Hugues Lainé ලංකාවට පැමිණ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් හමුවිය. රියර් අද්මිරාල්වරයා ලංකාවේ භූගෝලීය පිහිටීම සහ නාවික ආරක්ෂාව සඳහා අනාගත සබඳතාවයේ වැදගත්කම පෙන්වා දුන්නේය. ඇමෙරිකානු පැසිෆික් එයාර්ෆෝස් කමාන්ඩර් ලංකාවට පැමිණ සිටියදී මෙරට ප්‍රංශ තානාපති විදේශ ඇමැති විජිත හේරත් හමුවූයේ පසුගිය සතියේය. එහිදී ඔහු කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ සංවර්ධන ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීම සඳහා ප්‍රංශ ආයෝජකයන් කැමැත්තෙන් සිටින බව දැනුම් දුන්නේය. ඉන් පසු ප්‍රංශ තානාපතිවරයා වරාය ඇමැති අනුර කරුණාතිලක සහ වරාය සභාපති හමුවිය. තානාපතිවරයා වරාය ඇමැති හමුවූයේ ප්‍රධාන පෙළේ ප්‍රංශ ආයෝජකයන් පිරිසක් සමගය. එම දූත පිරිසට නායකත්වය දුන්නේ ලෝ ප්‍රකට ප්‍රංශ සමුද්‍රික යාත්‍රා සමාගමක් වන CMA-CGM විධායක උපසභාපතිනියය. CMA-CGM සමාගම ප්‍රධාන පෙළේ පර්යන්ත මෙහෙයුම් සමාගමක් වන අතර, ලොව ප්‍රධාන වරායවල බහාලුම් පර්යන්ත 65ක මෙම සමාගම මෙහෙයුම් දියත් කරයි. කොළඹ වරායේ උපායික භූගෝලීය පිහිටීම අනුව කොළඹ වරාය වැඩිදියුණු කිරීම සඳහා ඒකාබද්ධ සමාගමක් හරහා දායක වෙන්න ඔවුන්ගේ කැමැත්ත උපසභාපතිනිය ප්‍රකාශ කළාය. ඇය වැඩිදුරටත් පෙන්වා දුන්නේ CMA-CGM සමාගම දැනටමත් කොළඹ වරායේ බටහිර ජැටියේ දෙවැනි අදියර ව්‍යාපෘතිය අධ්‍යයනය කරමින් සිටින බවය. ජූලි මස 16 ලංකාවේ ජනාධිපති අනුර ප්‍රංශයේ සංචාරය කිරීමට නියමිත බව ප්‍රංශ තානාපති ප්‍රකාශ කළේ එම සාකච්ඡාවේදීය. ප්‍රංශයේදී ජනාධිපතිවරයා CMA-CGM උපසභාපති හමුවීමට නියමිත බවද ඔහු පැවැසීය.
ලංකාවේ භූ දේශපාලන දාම් ලෑල්ලේ ප්‍රංශ ඉත්තාගේ පැමිණීම ඇමෙරිකාව, ඉන්දියාව සහ චීනය කොහොම කියවයිද කියන්න දන්නේ නැත.










