• About us
  • Contact us
Saturday, July 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගිය සැරේ ඇතුළේ ඉන්න පාතාලේ දැම්මා! රටින් පැන්න පාතාලේ…! Sri Lanka Latest News

July 4, 2026
in Exclusive
Reading Time: 14 mins read
A A
ගිය සැරේ ඇතුළේ ඉන්න පාතාලේ දැම්මා! රටින් පැන්න පාතාලේ…! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජාත්‍යන්තර පොලිසිය මගින් රතු නිවේදන නිකුත්කර ඇති ශ්‍රී ලංකිකයන් ගණන 232කි. ඒ අතර පාතාලයේ මත්කුඩු ජාවාරම්කරුවන් සිටින්නේ 96 දෙනෙක් පමණි. ඒ 96 දෙනාගෙන් 37 දෙනෙක් මේ වනවිටත් පැහැදිලිවම ඔවුන් ඉන්නා ස්ථාන සමග හඳුනාගෙන ඇතැයි මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජේපාල මහතා කියයි. ඔහුට අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 19 දෙනෙකු, ඉන්දියාවේ 11 දෙනෙකු, මැලේසියාව, එක්සත් රාජධානිය, ප්‍රංශය, කැනඩාව, රුසියාව, ඉතාලිය සහ සෞදි අරාබිය යන රටවල එක් අයෙකු බැගින්ද සැඟව සිටින බව හඳුනාගෙන තිබේ. Sri Lanka Latest News

2021ත් 2022ත් අතර කාලය තුළ කිඹුලාඇල ගුණා සමග අත්අඩංගුවට ගත් ප්‍රධාන අපරාධකරුවන් 09 දෙනාත් කුඩු සෙල්විගේ දරුවන් 03 දෙනාත් ඇතුළු ‍මෙරට අපරාධවලට සම්බන්ධ රතු නිවේදන නිකුත්කර ඇති අපරාධකරුවන් 15 දෙනෙක් පමණ මේ වනවිට සිටින්නේ ඉන්දියානු ආරක්ෂක අංශ අත්අඩංගුවේය. මේ අය ගෙන්වා ගැනීමට කාලයක් තිස්සේ රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයක නිරත වෙයි. එම උත්සාහයන් අදටත් අත්හැර දමා නැත.

ඇමැතිවරයා පවසන රටවල් කිහිපයට අමතරව ඉතාලිය, ජපානය මෙන්ම රුසියානු සමූහාණ්ඩුවෙන් වෙන්වූ අසර්බයිජානය ඇතුළු රටවල් කිහිපයකද මෙරට පාතාල අපරාධකරුවෝ රැඳී සිටිති. ඒ අය අතර ජාත්‍යන්තර පොලිසිය මගින් රතු නිවේදන නිකුත් කළ අය නැත්තේම නැත. මේ, එම පාතාල අපරාධකරුවන් ගැන අප කළ සොයා බැලීමකි.

  1. මොහොමඩ් මුජහිඩ්
    මොහොමඩ් මුබාරක් මොහොමඩ් මුජහිඩ් යනු පාකිස්තානය, මැලේසියාව සහ ඩුබායි කේන්ද්‍ර කරගනිමින් ශ්‍රී ලංකාවට මහා පරිමාණයෙන් හෙරොයින් සැපයූ ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙකි. ඔහු ‍ ව්‍යාපාරිකයෙක් ලෙස පෙනීසිටිමින් මත්කුඩු ජාවාරම මෙ‍හෙයවූවෙකි. කන්ටේනර්වල සඟවා මෙරටට මත්කුඩු රැගෙනවිත් ‘සිලෝන් ටී’ ලෙස මැදපෙරදිග කලාපය ඇතුළු රටවල් රැසකට මත්කුඩු බෙදාහැරීමද ඔහු විසින් සිදුකර තිබුණි. මැලේසියාවේ පුරවැසිභාවයද හිමිව තිබූ ඔහු එරට රජ‍යෙන් පුරවැසියන්ට ලබා‍දෙන ඉහළම සම්මානයෙන්ද පිදුම් ලබා තිබුණි. මහින්ද රාජපක්ෂ යුගයේදී මෙරට දේශපාලනඥයන් රැසක් කිට්ටුවෙන් ඇසුරු කළ අයෙක් වූ ඔහු ‘සෙල්වම්’ සහ ‘පරාවර්තන’ යන සිංහල චිත්‍රපටද නිෂ්පාදනය කළේය. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් මොහු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් බව මෛත්‍රීපාල යුගයේදී අනාවරණ කරගන්නා විට සිටින්නේ මලයාසියාවේය. ජාත්‍යන්තර පොලිසිය මගින් ඔහුට රතු නිවේදනයක් නිකුත් කිරීමත් සමග ඔහු මලයාසියාවේ සිට ඩුබායිවලට පැනගෙන තිබුණි. අදටත් ඔහු ඩුබායි සහ මැදපෙරදිග කලාපයේ රටවල සැරිසරමින් සිටින බව සඳහන්ය.
  2. අන්නාසි මොරිල්
    මොරිල් ඇන්ටනී නොහොත් අන්නාසි මොරිල් සිය බිරිඳ හා දරුවන් සමග ජීවත්වන්නේ ඉතාලියේය. ඒ අතර ඔහු ප්‍රංශය සහ එංගලන්තය අතරද සංක්‍රමණ සිදුකරයි. මත්කුඩු ජාවාරම ඔහු ‍‍මෙ‍හෙයවනු ලබන්නේ ඩුබායි සිටය. ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙක් වන ඔහු පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධ නැත. මාකඳුරේ මධුෂ් ඩුබායි පොලිසියට හසුකර දෙන්නේද ඔහුය. කිරුළපන ‍කේන්ද්‍ර කරගෙන 90 දශකයේ සුළු පරිමාණයෙන් මත්කුඩු ජාවාරම මෙහෙයවූවෙකි. ඔහු රටින් පලායන්නේ 2015දීය. විදේශගත වීමෙන් අනතුරුව ඔහු මත්කුඩු ජාවාරම සිදුකරනු ලබන්නේ කිලෝ සිය ගණන්වලිනි.
  3. කොස්ගොඩ සුජී
    ජගමුණි සුජීව ද සොයිසා ‍නොහොත් කොස්ගොඩ සුජී දකුණු පළාතේ කොස්ගොඩ බලපිටිය ‍‍කේන්ද්‍ර කරගෙන නැගීසිටි දරුණු පාතාල අපරාධකරුවෙකි. වරක් ඔහු රටින් පලාගොස් ඉන්දියාවේ සැඟව සිට ‍මෙරටට පැමි‍‍ණෙන විට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත්තේය. ත්‍රස්තවාදය වැළැක්වීමේ නියෝග ප්‍රකාරව එකල රැඳවුම් මධ්‍යස්ථානයක් වූ බූස්‍සේ රඳවාගෙන විමර්ශන පවැවැත්විය. එකල එල්.ටී.ටී.ඊ. සැකකරුවන්ද එහි රඳවා සිටි බැවින් එම සැකකරුවන් සමග ඔහු සම්බන්ධකම් ගොඩනගාගෙන එල්.ටී.ටී.ඊ.යේ වෙඩික්කරුවන් කුලියට ගෙන මිනිස් ඝාතනවල නිරත වූවෙකි. මෙරට ඉතිහාසයේ එල්.ටී.ටී.ඊ. වෙඩික්කරුවන් යොදාගත් පළමු පාතාල අපරාධකරු ඔහු වේ. 2011 වසරේදී සිය බිරිඳ සමග රටින් පනින සුජී සිංගප්පූරුව, ඉන්දියාව යන රටවල් හරහා ඩුබායි ගොස් බොහෝ කාලයක් එහි වාසය කළේය. පසුව බිරිඳ හා දරුවන් සමග යුරෝපා රටකට පලාගිය සුජී සිය මත්කුඩු ජාවාරම ඩුබායි කේන්ද්‍රකරගෙන සිදුකරන බව සඳහන්ය. කොස්ගොඩ සුජී යනු ශ්‍රී ලංකාවේ දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් මිනීමැරුම්, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ කප්පම් ගැනීම් ඇතුළු බරපතළ අපරාධ රැසක් මෙහෙයවන ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකි. ඔහු වර්තමානයේ විදේශගතව (ප්‍රධාන වශයෙන් ඩුබායි රාජ්‍යයේ) සැඟවී සිටිමින් මෙරට අපරාධ ජාලය ක්‍රියාත්මක කරයි.
  4. එස්.ටී.එෆ්. නඳුන්
    කොස්ගොඩ සුජී පාතාලයට අතපොත් තැබුවේ ප්‍රදීප් දේවා නඳුන් ධර්මවික්‍රම නොහොත් එස්.ටී.එෆ්. නඳුන්ගෙනි. ඒ, නඳුන්ගේ මස්සිනා වූ සිය හොඳම මිතුරා මරාදැමූ ඝාතකයන්ගෙන් පළිගැනීමටය. නඳුන් ඒ වනවිට පොලිස් විශේෂ කාර්ය බළකායේ උප පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස සේව‍යේ නිරතව සිටිමින් පාතාලය සමග ගනුදෙනු කර තිබුණි. ඔහු පාතාලයට ගිනිඅවි අලෙවි කිරීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමෙන් පසු පූර්ණකාලීනව පාතාලයට හවුල් වූ බව පොලිස් තොරතුරු සඳහන් කරයි.
    90 දශකයේ අග රටින් පනින නඳුන් ඉතාලියේ මේ වනවිට ජීවත් වෙයි. ඉතාලි මිලානෝ පොලිසිය 2013 වසරේදී ඔහුව පහරදීමක් සහ සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබීය. ඒ වන විට ඔහුට එරෙහිව රතු නිවේදනයක් පවා නිකුත්කර තිබුණද අදටත් ඉතාලියෙන් ඔහුව මෙරටට භාරදුන්‍‍නේ නැත.
  5. ශිරාන් බාසික්
    ‍මොහොමඩ් ශිරාන් බාසික් නොහොත් ශිරාන් බාසික් ගල්කිස්ස සහ දෙහිවල කේන්ද්‍ර කරගෙන මත්කුඩු ජාවාමට පිවිසි අංක එකේ මත්කුඩු ජාවාරම්කරුවෙකි. වසර 20කට පමණ පෙර රටින් පැනගත් ඔහු ඩුබායිහි රැඳී සිටිමින් මත්කුඩු ජාවාරම මහා පරිමාණයෙන් මෙහෙයවනු ලබන්නේ ඉරාන ජාවාරම්කරුවන් සමග ඍජුව සම්බන්ධ වෙමිනි.
    හෝටල් ව්‍යාපාර හරහා මුදල් විශුද්ධිකරණය මෙරට සිදුකරන ඔහු ඩුබායිහි රැඳී සිටින්නේද ව්‍යාපාරිකයෙක් ලෙසිනි. පසුගිය පළාත් පාලන මැතිවරණ සමයේදී අලුත් දේශපාලන පක්ෂයක් විසින් කොළඹ සංවිධාන කළ රැලියකට වැඩිපුර පිරිස් රැ‍ගෙන ගියේ ඔහුගේ සම්බන්ධීකරණයෙන් දෙහිවල සහ ගල්කිස්සේ පිරිස් රැගෙන යමිනි. ඔහු ඩුබායි සිට ගල්කිස්ස සහ දෙහිවල වැසියන් විශාල පිරිසකට මාසයකට වරක් සලාක ලබාදෙන බවද සඳහන්ය. ශිරාන් බාසික් ඉකුත් මැයි මාසයේදී ඩුබායි පොලිසියට හසුවී ඇත. ඒ ගැන මෙරටට නිල වශ‍‍යෙන් ‍මෙ‍තෙක් දැනුම්දීමක්ද කර නැත.
  6. ගොනාකෝවිලේ අංජු
    සිංහාරගේ අමල් සමින්ද සිල්වා නොහොත් ගොනාකෝවිලේ අංජු රත්මලාන කේන්ද්‍ර කර‍ගෙන 2016 වස‍රේ සිට ක්‍රියාත්මක වූ පාතාල අපරාධකරුවෙකි. ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙකි. අංජු පාතාලයට වැටෙන්‍නේ කඩවත පිහිටි මහර අධිකරණය අසලදී 2016 වසරේදී සිය සහෝදරයා වූ ලංසියා ඝාතනය වීමත් සමගිනි. එම ඝාතනය ගොනාකෝවිලේ රොහා විසින් සිදුකර තිබුණේ දීර්ඝ කාලයක් තිස්සේ පැවැති ආරවුලක ප්‍රතිඵලයක් ලෙසිනි. දෙපාර්ශ්වය අතර පැවැති එම ගැටුමෙන් ඒ වනවිට විසි තිස් දෙනෙක්ම මියගොස් තිබුණි. ලංසියා ඝාතනය කිරීමෙන් සෑහීමට පත්‍නොවූ රොහා විසින් අංජුටද ඉව ඇල්ලුවේය. ඒ වනවිට කිසිදු පාතාල ක්‍රියාකාරකමකට සම්බන්ධයක් නොවූ අංජුට සිදුවන්නේ ජීවිතාරක්ෂාව පතා සිංගප්පූරුවට පැන යන්නටය. ලංසියා වටා සිටි ගෝලබාලයන් අංජු වටා ඒ වනවිට එකතු කරන්නේ ඇල්ටෝ ධර්මෙ විසිනි. අංජු සිංගප්පූරුවේ රැඳීසිටින අතරතුර අපරාධ රැසක් ඔහු‍ගේ අනුදැනුම මත සිදුවුවත් රටේම අවධානය යොමුවන්නේ ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියාව 2018 වසරේදී ඝාතනය කිරීමත් සමගිනි. ඒ වනවිට අංජු රැඳී සිටින්නේ ඩුබායිවලය. පසුව ඔහු සිය බිරිඳවද රැගෙන ප්‍රංශයට පැනගන්නා අතර දේශපාලන රැකවරණයද ඉල්ලා තිබුණි. දැන් ඔහු එරට රැඳී සිටින්නේ ප්‍රංශ ජාතික බිරිඳක් සමග වන අතර ප්‍රංශ පොලිසියද ඔහුව අත්අඩංගුවට ගෙන නිදහස්කර තිබුණේ රතු නිවේදනයක් පවා තිබියදීය.
  7. ඇල්ටො ධර්මේ
    එල්ලාවල ලියනගේ ධර්මසිරි පෙරේරා හෙවත් ඇල්ටෝ ධර්මේ යනු ශ්‍රී ලංකාවේ මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබූ ප්‍රධාන පෙළේ පාතාලයේ ප්‍රබලයෙකි. ඔහු රටින් පනින්නේ 2018 වසරේදී ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වාගේ පියා ඝාතනය කරමිනි. අංජු වෙනුවෙන් ඩුබායි සිට මත්කුඩු ජාවාරම සහ පාතාල කටයුතු මෙහෙයවනු ලබන්නේ ඇල්ටෝ ධර්මේ විසිනි. වරක් ඔහු අබුඩාබිහිදී එරට පොලිසියට හසුවී නිදහස ලබන්නේ රතු නිවේදකයක් තිබියදීය. මේ වනවිට ඔහු සිය ගෝලයන් 03 දෙනෙක් සමග ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටින අතර, එරට පවතින නඩු කටයුතු අවසන්වූ වහාම මෙරටට පිටුවහල් කරනු ඇති බවට විශ්වාස කරයි.
  8. කුඩු ලාල්
    මහ පරිමාණයේ මත්කුඩු ජාවාම්කරුවෙක් යැයි ඔහුව හඳුන්වනු ලැබුවත් මෙතෙක් ඔහුට එරෙහිව පොලිසියේ කිසිදු මත්කුඩු නඩුවක් ඇතැයි අනාවරණ වන්නේ නැත. ඔහුට රතු නිවේදනද නැත. ඔහුට අපරාධ චෝදනාද නැත. ඔහු ලංකාවෙන් පලායන්නේ මහින්ද රාජපක්ෂ යුගයේදී සුදු වෑන් රථ කල්ලිය පස්සෙන් පැන්නීමට පටන් ගැනීමත් සමගිනි. මේ වනවිට එංගලන්තයේ ජීවත්වන ඔහු එරට ව්‍යාපාර කටයුතුවල නිරතව සිටී. පසුගිය ආණ්ඩුවල ප්‍රබල දේශපාලනඥයන් සමග ඉතා සමීපව සම්බන්ධකම් පවත්වන අයෙක් වන ඔහු වසර 20කින් පමණ ලංකාවට පැමිණ නැති බව සඳහන්ය.
  9. කංජිපානි ඉම්රාන්
    මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් නොහොත් කංජිපානි ඉම්රාන් මේ වනවිට රැඳී සිටින්නේ යැයි සඳහන් වන්නේ ප්‍රංශයේය. ඔහු ප්‍රංශයට පනින්නේ 2022 වසරේ දෙසැම්බර් 20 වැනිදා අධිකරණයෙන් ඇප ලැබී නිදහස ලැබීමෙන් අනතුරුවය. බෝට්ටුවක නැගී ඉන්දියාවට පැනගත් ඔහු පසුව ඩුබායි ගොස් එතැනින් ප්‍රංශයට ගිය බව සඳහන්ය.
    මාලිගාවත්ත ප්‍රදේශය කේන්ද්‍ර කරගත් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවූ ඔහු මිනීමැරුම් රැසක මහමොළකරුවෙකි. ලංකාවට මහා පරිමාණයෙන් මත්කුඩු එවන ජාවාරමේ ඔහු දැන් ප්‍රබල‍යෙකි.
  10. මොහොමඩ් සිද්ධික්
    ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මොහොමඩ් මකීන් මොහොමඩ් සිද්ධික් නොහොත් කුඩු සිද්ධික් ‍මෙරට මත්කුඩු ජාවාරමේ අංක එකේ පුද්ගලයෙකි. 2015 මාර්තු 19 වැනිදා පාකිස්තානයේදී අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔහුව මෙරටට රැගෙන ආවේ අපරාධ පරීක්ෂණ ‍දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් පාකිස්තානයට ගොසිණි. ඒ, වෙ‍ලේ සුදාගේ ඔත්තුවකිනි.
    වසර තුනකට වැඩි කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි සිද්ධික් 2018 සැප්තැම්බර් මාසයේදී කොළඹ මහාධිකරණය විසින් ඔහුට එරෙහිව පැවති කුඩු නඩුවලින් නිදොස් කොට නිදහස් කරන ලදී. පසුව 2019 දී ඔහු ඇප මත මුදාහැරීමෙන් පසු නැවතත් රටින් පලාගියේය. ඕමානයේදී ඔහු 2023 අවුරුද්දේ අගෝස්තුවේදී නැවත කොටුවුවත් මෙරටට භාරදීමක් සිදුවූයේ නැත. ඒ, ඔහු සතුව ඒ වනවිට තිබී ඇත්තේ ඉන්දියානු ගමන් බලපත්‍රයක් වූ බැවිනි.
  11. රොටුඹ අමිල
    සේපාල රත්නායකගේ අමිල සම්පත් නොහොත් රොටුඹ අමිල මෑත කාලයේ නිතර නම කියැවුණු පාතාලයේ ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙකි. මාකඳු‍රේ මධුෂ්ගේ දියණියගේ උපන්දින සාදයට ගොස් ඔහුද හසුවූ අයෙකි. 2019 මාර්තු 28 වැනිදා කංජිපානි ඉම්රාන් සමගම ඔහුවත් ‍මෙරටට පිටුවහල් කරන ලදී. බන්ධනාගාරගතව කාලයක් සිටි ඔහු ඇප ලැබීමෙන් පසු රටින් පැන්නේය. ඔහු දැන් සිටින්නේ රුසියාවේය. 2025 මාර්තු මාසයේදී රුසියාවේදී එරට ආරක්ෂක අංශ විසින් දේශසීමා පනින්නට ගොස් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු තාමත් සිටින්නේ රුසියානු ආරක්ෂක අංශ භාරයේය. ඔහුට එරෙහිව එරට ඇති නඩු කටයුතු ‍මේ වනවිට අවසන්ව ඇති බැවින් ළඟදීම ඔහුව මෙරටට භාරදෙනු ඇත.
  12. කුඩු සලිඳු
    සලිඳු මල්ෂිත ගුණරත්න හෙවත් කූඩු සලිඳු පානදුර කේන්ද්‍ර කරගෙන මත්කුඩු ජාවාරම මෙහයවූවෙකි. මැඩගස්කරයේ සිට 2023 මාර්තු 15දා මෙරටට රැගෙන ආ ඔහු 2024 වසරේ දෙසැම්බර් 20 වැනිදා අධිකරණයෙන් ඇප ලැබී පැය 24ක්වත් මෙරට රැඳී සිටියේ නැත. නැවත රටින් පැන්නේය. ඉන්දියාවට බෝට්ටුවකින් පැනගිය ඔහු එතැනින් මැදපෙරදිග රටකට පැනගත්තේය. දැන් ඔහු යුරෝපීය රටක සිටින බව කියනු‍යේ මත්ද්‍රව්‍ය ජාවාරම මහා පරිමාණයෙන් සිදුකරමිනි. මොහු පොලිසියේ ඉහළම අයකු සමග ඉතා කිට්ටුවෙන් සම්බන්ධකම් පැවැත්වූවෙකි. ඇප ලබාගෙන රටින් පැනීමට ඒ පුද්ගලයාගෙන් සහායක් ලැබුණු බවට සැකයක්ද පවතී.
  13. පරෙයි සුද්දා
    ගල්ලෙවත්ත ගමගේ චමින්ද දිල්රුක් නොහොත් වනාතේ පරෙයි සුද්දා ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙකි. වෙලේ සුදාගේ තැනට දැන් පත්ව ඇත්‍තේ ඔහුය. 2019දී අතුරුගිරිය අධිවේගී මාර්ගයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 50ක් සමග පොලිස් අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාරගතව සිටි සුද්දා ඇප මත නිදහස් වීමෙන් අනතුරුව රටින් පැන්නේය. ඩුබායිහි වැඩි කාලයක් ගතකළ ඔහු ජපානයේ ව්‍යාපාරිකයෙක් ලෙස රැඳීසිටින බවට තොරතුරුද පොලිසිය වෙත ලැබී ඇත.
  14. මතුගම ශාන්
    මතුගම කේන්ද්‍ර කරගනිමින් පාතාලයට පිවිසි දොඩම්ගොඩ ලියනගේ ශාන් ආරෝෂ් ජයසිංහ නොහොත් මතුගම ශාන් දේශපාලන හා පොලිස් සම්බන්ධකම් නොඅඩුව ඇති අයෙකි. ඔහු කළුතර ප්‍රබල ‍දේශපාලනඥයන් ඉතා කිට්ටුවෙන් ඇසුරු කරමින් ඔවුන්ගේ දේශපාලන කටයුතු සඳහා උදව් උපකාර කළ අයෙක් ලෙස හඳුනාගෙන තිබේ. හිටපු පොලිස්පතිවරයෙක් සමග ඉතා කිට්ටුවෙන් ඇසුරු කළ අ‍යෙකි. සිංගප්පූරුව, මලයාසියාව, ඩුබායි ආශ්‍රිතව සැරිසරමින් සිටින ඔහු මේ වනවිට යුරෝපීය රටක සිටින බවද සඳහන්ය.
  15. ආමි අසිත
    දික්පිටිය විතානගේ අසිත නොයෙල් හෙවත් ආමි අසිත කුලී ඝාතකයෙකි. මාකඳුරේ මධුෂ්ගේ සැලසුමකට අනුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ වැටලීම් අංශයේ ස්ථානාධිපතිවරයාව සිටි නියෝමාල් රංගජීවට 2017 මැයි 19 ‍වැනිදා පිළියන්දලදී වෙඩි තබන්නේ ඔහුය. එම ඝාතනයත් සමග ඉන්දියාවට බෝට්ටුවකින් පනින ඔහු තවමත් ඉන්නේ ඉන්දියාවේය. එරට ජාතික විමර්ශන ඒජන්සිය තමිල්නාඩුවේ තිරුචිරප්පල්ලි වි‍ශේෂ සරණාගත කඳවුරේ කළ විශේෂ මෙ‍හෙයුමකදී 2022 දෙසැම්බර් මාසයේදී ඔහු අත්අඩංගුවට පත්විය. ඒ පාකිස්තානය සමග කරනු ලබන මත්කුඩු ජාවාරමක් සම්බන්ධයෙනි. අදටත් ඔහු සිටින්නේ ඉන්දියානු ආරක්ෂක අංශ භාරයේය. ඔහුව අත්අඩංගුවට ගැනීමට මග පෑදෙන්නේ කුඩු නවාස්ගේ ඔත්තුවකි.
  16. කුඩු නවාස්
    එම්.එම්.නවාස් නොහොත් කුඩු නවාස් 2017 වසර වන විට මීගමුව කේන්ද්‍රකරගෙන සුළු පරිමාණයෙන් මත්කුඩු ජාවාරමේ නිරතවූවෙකි. මාකඳුරේ මධුෂ්ගේ සැලසුමකට අනුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නියෝමාල් රංගජීව ඝාතනය කිරීමේ සැලසුමේ ප්‍රධාන භූමිකාවක් ඉටුකරනු ලබන්නේ ඔහුය. ඒ මධුෂ්ගේ මත්ද්‍රව්‍ය ජාවාරමක් හසුකර ‍දෙන්නැයි කියා රංගජීව පිළියන්දලට රැ‍ගෙන ගොස් ‍වෙඩික්කරුට ඉලක්කය ලබාදීමෙනි. රංගජීවට වෙඩිතැබීමෙන් දින කිහිපයකට පසු බෝට්ටුවක නැගී ඉන්දියාවට පලායන ඔහු ඉන්දියානුවෙක් ලෙස වෙස් ගෙන එහි ජීවත්වන්‍නේ රෙදිපිළි ව්‍යාපාරිකයෙක් ලෙසිනි. ඒ අතර ඔහු පකිස්තාන් සහ ඇෆ්ගනිස්තාන් ජාවාරම්කරුවන් සමග මත්කුඩු ජාවාරමේ නිරතව ඇත්තේ චෙන්නායි කේන්ද්‍ර කරගෙනය. එම මත්කුඩු ජාලය ගැන ඉන්දියානු මත්ද්‍රව්‍ය නාශක අංශයට කරුණු හෙළිවන්නේ හෙරොයින් කිලෝ 96ක් සහ ගිනි අවි රැසක් සමග 2020 නොවැම්බර් මාසයේදී ඉන්දියානු වෙරළාරක්ෂක බළකායට හසුවන ‘ෂෙනායා දුව’ යාත්‍රාව සම්බන්ධයෙන් කළ වැඩිදුර විමර්ශනයේදීය. ඒ අනුව ඉන්දියානු මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් 2021 දී අත්අඩංගුවටගත් නවාස් තවමත් සිටින්නේ ඉන්දියානු ආරක්ෂක අංශ භාරයේය.
  17. කිඹුලාඇළ ගුණා
    සින්නයියා ගුණසේකරන් නොහොත් කිඹුලාඇල ගුණා එල්.ටී.ටී.ඊ.ය සමග සම්බන්ධකම් පැවැත්වූ කොළඹ රජකළ ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙකි. ඉන්දියාව සහ ලංකාව අතර මත්කුඩු ජාවාරමේ නිරතව සිටි ආරම්භක පුරුකකි. දැඩි දේශපාලන සම්බන්ධකම් මෙන්ම පොලිසියේද සම්බන්ධකම් ඇතිව කොළඹ රජකළ කිඹුලාඇල ගුණා 1999 දෙසැම්බර් 18දා එවක හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට කොළඹ පුරහල භූමියේ පැවැති ජනපති මැතිවරණ වේදීකාවේදී මරාගෙන මැ‍රෙන බෝම්බ ප්‍රහාරය එල්ලකිරීමටද සම්බන්ධ බව කියැවිණි. මහින්ද රාජපක්ෂ යුගයේදී ඔහුගේ සහෝදරයා වැලිකඩ බන්ධනාගාරය අසලින් පැහැරගෙන ගොස් දොම්පේ පැත්තේ සුසාන භූමියකදී වෙඩිතබා මරාදැමීමත් කිඹුලාඇල ගුණාගේ මෙහෙයවීම මත සිදුවූවක් බව කියැවේ. මෝදර කිඹුලාඇල පිහිටි සිය රාජධානියට සන්නද්ධ කණ්ඩායම් කඩාවැදී පහරදී ඔහු විසින් පවත්වාගෙන ගිය පාතාලයේ උසාවිත් පොලිසියත් කුඩුකර දැමීමෙන් අනතුරුව ජීවිතාරක්ෂාව පතා හැමිට්ටන් ඇළ දිගේ බෝට්ටුවක නැගී පලායන ඔහු මතුවන්නේ ඉන්දියාවේ චෙන්නායිවලිනි. එහි සිට මත්කුඩු ජාවාරම මෙ‍හෙයවමින් සිටි ඔහුව ඉන්දියානු මත්ද්‍රව්‍ය කාර්යාංශයට පාවා දෙන්නේ නවාස් විසිනි. ඒ බව දැනගත් කිඹුලාඇල ගුණා සිය පුතාත් ස‍හෝදරයාත් හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙක් වන පුද්ගලික ආරක්ෂකයාත් සමග දිල්ලියට පැනගැනීමට සූදානම් වනවිට 2022 ජනවාරි 31 වැනිදා චෙන්නායි ගුවන් තොටුපළේදී ඉන්දීය මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගත්තේය. තාමත් ඔහු ඇතුළු පිරිස සිටින්නේ ඉන්දියානු ආරක්ෂක අංශ අධික්ෂණය සහිතවය.
  18. බුම්මා
    ස්ටැන්ලි කෙනඩි ප්‍රනාන්දු හෙවත් බුම්මා එල්.ටී.ටී.ඊ.යේ හිටපු වෙඩික්කරුවෙකි. කොස්ගොඩ සුජීගේ සැඟවුණු වෙඩික්කරුවෙක් ලෙස කාලයක් කටයුතු කළ ඔහු දකුණේ සහ කොළඹ සිදුවූ ඝාතන රැසකට සම්බන්ධ වූවෙකි. ඔහුගේ උපන් ගම ලෙස සැල‍කෙන්නේ කොළඹ කොච්චිකඩේය. 2002 සාමගිවිසුම ක්‍රියාත්මක වූ කාලයේදී ඔහු ළමා සොල්දාදුවෙක් ලෙස එල්.ටී.ටී.ඊ.යට බැඳී ඇති බව කියයි. එලිලෝවන් ඔහුගේ එල්.ටී.ටී.ඊ. නාමයයි. කොළඹ මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙක් වන ක්‍රිෂ්ණ කොටහේනේ පිහිටි ඔහුගේ වෙළෙඳසලේදී 2018 ජූලි 09 වැනිදා බුම්මා විසින් ඝාතනය කිරීමත් සමග ඔහු පස්සේ පොලිසිය පන්නන්නට ගත්තේය. පිටරටකින් ලද කොන්ත්‍රාත්තුවකට අනුව ඔහු එම ඝාතනය කර තිබුණි. පොලිසියෙන් සිය ජීවිතය ආරක්ෂා කරගැනීමට බුම්මා ඒත් එක්කම ඉන්දියාවට පැන්නේය. ඒ බෝට්ටුවක නැගීය. ඉන්දියාවේදී රැකවරණය ලබන්නේ කිඹුලාඇල ගුණාගේ සහෝදරයා වූ සුරේෂ්ගෙනි. ඔහු බුම්මාගේ පාසල් මිතුරාය. ඉන්දියාවේ සිට මත්කුඩු ජාවාරමට සම්බන්ධ වන්නේ කිඹුලාඇල ගුණාගේ ගෝලයන් සමගිනි. කිඹුලාඇල ගුණා අත්අඩංගුවට ගැනීමත් සමග ඔහුද ඉන්දියානු මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත්තේය. තවමත් ඔහු ඉන්දියානු ආරක්ෂක අංශ අධීක්ෂණය යටතේ සිටියි.
  19. කොට ගාමිණී
    අලහප්පෙරුම‍ගේ සුනිල් ගාමිණී ෆොන්සේකා හෙවත් කොට ගාමිණී පාතාල‍යේ කුලී ඝාතකයෙකි. ඔහු වැඩිහරියක් සිදුකළේ කිඹුලාඇලේ ගුණාගේ කොන්ත්‍රාත්ය. මිනිස් ඝාතන චෝදනා පමණක් 15කට වැඩි ප්‍රමාණයක් ඔහුට එල්ලවී ඇත. 2005 වසරේදී එවක බස්නාහිර පළාත් සභාවේ ඇමැතිවරයෙක් වූ සුනිල් ‍මෙන්ඩිස් මහතා රාගම සිය නිවසේදී ඝාතනය කිරීමෙන් අනතුරුව ඔහු ඉන්දියාවට පැනගන්නේ කිඹුලාඇල ගුණා සමගිනි. ඉන්දියානු මත්ද්‍රව්‍ය කාර්යාංශයට ඔහු හසුවන්නේ කිඹුලාඇළ ගුණාගේ ජාලය පස්සේ පන්නමින් යමින් සිටියදීය.
  20. පූකුඩිකන්නා
    බාලචන්ද්‍රන් පුෂ්පරාජ් ‍හෙවත් පූකුඩිකන්නා මට්ටක්කුලිය ආශ්‍රිතව මත්කුඩු ජාවාරමේ නිරතව සිටියෙකි. පාතාල අපරාධවලටද සම්බන්ධව සිටි ඔහු දැන් ඉන්නේ ඉන්දියාවේය. කිඹුලාඇල ගුණා‍ගේ මත්කුඩු ජාලයට සම්බන්ධ පූකුඩිකන්නා ද මේ වනවිට සිටින්නේ ඉන්දියානු ආරක්ෂක අංශ අධීක්ෂණයේය. ඔහුව ඉන්දියානු ආරක්ෂක අංශ අත්අඩංගුවට ගන්නේ කේරළ‍යේදීය.
  21. කුඩු අස්මින්
  22. මොහොමඩ් මන්සූර් මොහොමඩ් අස්මින් මට්ටක්කුලිය කේන්ද්‍ර කරගෙන මහාපරිමාණ කුඩු ජාවාරමට සම්බන්ධව සිටි අයෙකි. මත්කුඩු ජාවාරම හේතුවෙන් ඔහුට ජීවිතාන්තය දක්වාම සිර දඬුවම් හිමිව ඇත. සිරදඬුවම ලැබෙන විට ඔහු බෝට්ටුවක නැගී ඉන්දියාවට පලාගොස් තිබුණි. ඉන්දියාවේ සිට ඔහු කිඹුලාඇල ගුණා සමග එක්ව කොළඹ කුඩු පාතාලය මෙහෙයවීය.
  1. කෙසෙල්වත්තේ ධනුක
    නල්ලපෙරුම තන්ත්‍රීගේ ධනුක රොෂාන් හෙවත් කෙසෙල්වත්තේ ධනුක කෙසෙල්වත්ත ආශ්‍රිතව ක්‍රියාත්මක වූ පාතාලයේ ප්‍රබලයෙකි. කප්පම් ගැනීම් මත්කුඩු ජාවාරම, ඇතුළු පාතාල අපරාධවල නිරතවූ ඔහු පාතාලයට අත‍පොත් තබන්නේ කෙසෙල්වත්තේ දිනුකගෙනි. ඩුබායිහිදී හෘදයාබාධයකින් දිනුක මියයාමෙන් පසු කෙ‍සෙල්වත්තේ බලය ඉන්දියාවේ සිට ඇල්ලූ ධනුක ඉන්දියාවේදී කිඹුලාඇල ගුණා සමග මත්කුඩු ජාවාරමට සම්බන්ධව ඇත. කිඹුලාඇල ගුණා අත්අඩංගුවට ගැනීමත් සමග ඉන්දියානු මත්ද්‍රව්‍ය කාර්යාංශය දිනුකත් අත්අඩංගුවට ගත්තේය. තවමත් ඔහු එරට සිටින්නේ ඉන්දියානු ආරක්ෂක අංශ භාරයේය.
  2. අතුරුගිරියේ ලඩියා
    දීනමුල්ල කංකානම්ගේ නලින් චතුරංග නො‍හොත් අතුරුගිරියේ ලඩියා පාතාලයේ චරිතයක් ලෙස කුප්‍රකට වන්නේ 2017 වසරේදී කළුතර එතනමඩලේදී බන්ධනාගාර බස් රථයකට වෙඩිතැබීමේ සිදුවීමත් සමගිනි. එම සිදුවීමෙන් අනතුරුව අංගොඩ ලොක්කා සමග ඉන්දියාවේ තමිල්නාඩුවට බෝට්ටුවක නැගී පැනගන්නා ඔහු එරට රැඳීසිටින්නේ අංගොඩ ලොක්කා සමගිනි. ‍කේරළ ප්‍රාන්තයේ වැඩි කාලයක් රැඳී’සිට ඇත. අනතුරුව දෙදෙනා සමග ඇතිවූ’යම් විරසිකභාවයකින් අනතුරුව බැංග‍ලෝරයට ගොස් සිටි ඔහුව හසුවන්නේ ඉන්දියානු මත්ද්‍රව්‍ය කාර්යාංශයට 2021 වස‍රේදීය. තවමත් ඔහු සිටින්නේ ඉන්දියානු ආරක්ෂක අංශ අධීක්ෂණය යටතේය.
  3. වැල්ලේ සුරංග
    ගමගේ සුරංග ප්‍රදීප් හෙවත් වැල්ලේ සුරංග මෝදර සහ මට්ටක්කුලිය ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන සංවිධානාත්මක අපරාධකරුවෙකි. මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකි. 2020 වසරේ අගෝස්තු 23 වැනිදා ඔහු ‍ගෝලබාලයන් 03 දෙනෙක් සමග ඩුබායි පැනීමට ගුවන්තොටුපළට පැමිණි අවස්ථා‍වේදී පොලිසිය අත්අඩංගුවට ගන්නේ මිනිස් ඝාතන සම්බන්ධයෙනි. අධිකරණයට ඉදිරිපත්කර රක්ෂිත බන්ධනාගාරගතව සිටි ඔහු ඇප ලැබීමෙන් අනතුරුව 2021 වසරේදී බෝට්ටුවක නැගී ඉන්දියාවට පැන්නේය. ඒ අධිකරණයෙන් ඔහුට විදෙස් ගමන් තහනමක් පනවා තිබියදීය. එහෙත් ඔහුට වැඩි කාලයක් එරට නිදහසේ රැඳී සිටීමට ඉඩක් නොවීය. ඉන්දියානු මත්ද්‍රව්‍ය කාර්යාංශයට තමිල්නාඩුවේදි කොටුවිය. තවමත් ඔහු සිටින්නේ ඉන්දියානු ආරක්ෂක අංශ භාරයේය.
  4. ලලිත් කන්නන්ගර
    හංවැල්ල සහ ඒ අවට කේන්ද්‍ර කරගෙන මත්කුඩු ජාවාරම ඇතුළු පාතාල ක්‍රියාකාරකම්වල නිරතව සිටින ලලිත් කන්නන්ගර කුප්‍රකට චරිතයක් බවට පත්වන්නේ කප්පම් නොදීම නිසා හංවැල්ලේ වෙළෙඳ ව්‍යාපාරිකයෙක් ඝාතනය කිරීමත් සමගිනි. 2022 වසරේදී ඔහු බූරු මූණා නමැති කූලී ඝාතකයා යොදා එම ඝාතනය කරවනු ලැබීය. 2022 වසරේ අග භාගයේදී පමණ රටින් පලාගිය ලලිත් කන්නන්ගර මේ වනවිට ඩුබායිහි රැඳී සිටී. රාජ්‍ය බුද්ධි සේවය සහ ජාත්‍යන්තර පොලිසිය විසින් කළ වි‍ශේෂ මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස ඔහු 2025 ඔක්තෝබර් මාසයේදී ඩුබායි පොලිසිය අත්අඩංගුවට ගත්තද මෙතෙක් ඔහුව මෙරටට භාරදුන්නේ නැත.
  5. හඳපාන්ගොඩ හඳයා
    තනූජ සම්පත් නොහොත් හඳපාන්ගොඩ හඳයා හෝමාගම, පාදුක්ක, වටරැක, මීගොඩ, ගොඩගම සහ අතුරුගිරිය කේන්ද්‍ර කරගනිමින් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ මෙහෙයවන ප්‍රධාන පෙළේ අපරාධකරුවෙකි. 2022 වසරේදී රටින් පලාගිය ඔහු පොලිස් විශේෂ කාර්ය බළකායේ විශේෂ ‍මෙහෙයුම් භාර නිලධාරියකුට පවා ජීවිත තර්ජන එල්ලකරනු ලැබීය. ඊට අමතරව ඔහු හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයාට පවා මරණ තර්ජන එල්ලකර තිබේ. ඩුබායිහි රැඳී සිටිමින් ඔහු අපරාධ සහ මත්කුඩු ජාවාරම ‍මෙ‍හෙයවන බව පොලිස් වාර්තාවල සඳහන්ය.
  6. කොණ්ඩ රංජි
    රංජිත් කුමාර නොහොත් කොණ්ඩ රංජි ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙකි. කඳා‍නේ පදිංචිකරුවෙක් වන ඔහු පාකිස්තාන් සහ ඉරාන මත්කුඩු ජාවාරම්කරුවන් සමග කිට්ටුවෙන් ඇසුරුකරන අයෙක් ‍ලෙස හඳුනාගෙන ඇත. ඩුබායිහි ඔහු රැඳී සිටින්නේ ගෝල්ඩන් වීසාවෙනි. ඔහුගේ වීසාව වසර 10ක් වලංගුය. මෙම වසරේ ජනවාරි මාසයේදී ඔහු සිය බිරිඳ හා දරුවන් සමග ඉතාලිය බලා පලායාමේ අපේක්ෂා‍වෙන් ඩුබායි ගුවන් ‍තොටුපොළ වෙත ගිය අවස්ථාවේදී රතු නිවේදනයට අනුව ඩුබායි ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ‍ගෙන තිබුණි. ඔහුව මෙරටට භාරදෙන ලෙස කොතෙකුත් ඉල්ලීම් කළද පසුගිය සතියේ ඔහුව ඩුබායි බලධාරීන් විසින් නිදහස්කර ඇත.
  7. රසල් ස්මිත්
    රසල් ඇලෝසියස් ස්මිත් නොහොත් රසල් ස්මිත් රත්මලාන සහ ගල්කිස්ස ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන අයෙකි. ‍ගොනාකෝවිලේ අංජුගේ ගෝලයෙකි. ඔහුව සමාජය තුළ මතුවන්නේ 2023 වසරේ සිටය. ඔහු පොලිස් නිලධාරීන් පවා යොදා ගනිමින් මත්කුඩු ජාවාරමේ නිරතව සිටින්‍නෙකි. ඔහුගේ ජාවාරමට සම්බන්ධ පොලිස් නිලධාරියෙක් 2025 වසරේ ඔක්තෝබර් මාසයේදී බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයට හසුවන්නේ ග්‍රෑම් 400ක හෙරොයින් සමගිනි. 2023 වසරේදී රටින් පලාගොස් ඩුබායිහි රැඳී සිටින ඔහුව ඩුබායි පොලිසිය වරක් අත්අඩංගුවට ගෙන නිදහස්කර තිබුණි.
  8. බඩෝවිට අසංක
    ගලබොඩ ලියනගේ අසංක ප්‍රදීප් කුමාර නොහොත් බඩෝවිට අසංක මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවකි. ඩුබායිහි සිටිමින් ඔහු මත්කුඩු ජාවාරම සහ පාතාල අපරාධ ක්‍රියාවල නිරත වේ. වෙලේ සුදාගෙන් පසු බඩෝවිට ‍කේන්ද්‍ර කරගනිමින් මත්කුඩු ජාවාරමට පිවිස ඇති අසංක 2021 වසරේ පොලිස් විශේෂ කාර්ය බළකායට මත්කුඩු සමග හසුවිය. ඊට ඇප ලැබීමෙන් අනතුරුව ඔහු රටින් පැන්නේය. දූෂිත පොලිස් නිලධාරීන්ගෙන් වැඩ ගන්නට ඔහු දක්ෂ‍යෙක් බව කියයි. මොහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා කොස් මල්ලීය. ඔවුන් දෙපාර්ශ්වය අතර ඇති ගැටුමෙන් ‍දෙහිවල සහ ගල්කිස්ස ආශ්‍රිතව සිදුව ඇති මරණ ගණන 10කට වැඩිය.
  9. කොස් මල්ලී
    සචිත් අකලංක නොහොත් කොස් මල්ලී දෙහිවල, ගල්කිස්ස සහ බඩෝවිට ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකි. ඔහු බඩෝවිට අසංකගේ ප්‍රධානතම ප්‍රතිවිරුද්ධ පාතාල නායකයා ලෙස හඳුන්වනු ලබයි. බඩෝවිට සහ ගල්කිස්ස ප්‍රදේශවල මත්ද්‍රව්‍ය ජාලයේ ආධිපත්‍යය පැතිරවීම සඳහා කොස් මල්ලි සහ බඩෝවිට අසංක අතර වසර ගණනාවක සිට ඇත්තේ දරුණු ගැටුමකි. කොස් මල්ලිී ඩුබායිහි රැඳීසිටින අතර ඔහු ඩුබායි පනින්නේ දුමිත් නලින් නැමැති පුද්ගලයෙක් ලෙස ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයකිනි. තවදුරටත් ඔහු ඩුබායිහි රැඳී සිටියි.
  10. කැවුමා
    කැලුම් ඉන්දික නොහොත් කැවුමා ගැන රටම දැන ගන්නේ 2019 වසරේ මාර්තු 05 වැනිදා කිරිබත්ගොඩදී පෑලියගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමත් සමගිනි. මාකඳුරේ මධුෂ්ගේ ගෝලයෙක් වන ඔහු පන්නිපිටියේ සිදුවූ රුපියල් ලක්ෂ 500 දියමන්ති මංකොල්ලයට සම්බන්ධ වූවෙකි. ඔහු අවි සහ මත්කුඩු සැඟවීමට යොදාගත්තේ මොරටුව සොයිසාපුර නිවසකි. එහි තිබී හෙරොයින් කිලෝ 177ක් සමග ආයුධ රැසක්ද පොලිස් විශේෂ කාර්ය බළකාය එකල සොයාගත්තේය. බූස්ස බන්ධනාගාරයේ කාලයක් රඳවා සිටි ඔහු 2020 වසරේ රටින් පලාගොස් තිබුණි. ඔහු රැඳී සිටින්නේ කුමන රටකදැයි නිශ්චිතවම තවමත් අනාවරණ වන්නේ නැත.
  11. කරන්දෙණිය සුද්දා
    සෝබන හන්දි ජයලත් ද සිල්වා නො‍හොත් කරන්දෙණිය සුද්දා හමුදාවේ කමාන්ඩෝ බළකායේ සිටි සෙබළෙකි. කුලී ඝාතකයෙක් වන ඔහු කුප්‍රකට චරිතයක් වන්නේ සිය සහෝදරයා වූ රාජු සමග එක්ව කරන්දෙණිය රෝහලේ සේවය කළ ‘හිත හොඳ දොස්තර’ ලෙස ප්‍රසිද්ධව සිටි වෛද්‍ය ප්‍රියන්ත ජයසිංහ මහතා 2011 සැප්තැම්බර් 29 වැනිදා ඝාතනය කිරීමත් සමගිනි. මුළු රටම කැලඹූ එම ඝාතනය ඔවුන් දෙදෙනා විසින් කරනු ලැබුවේ හමුදා සේවයේ සිටින අතරතුරදීය. එම ඝාතනය සම්බන්ධයෙන් කාලයක් බන්ධනාගාරගතව සිටි ඔහු ඇප ලැබීමෙන් පසුවද වසරකට වැඩි කාලයක් බන්ධනාගාරගතව සිටි‍යේ ආරක්ෂක අංශ විසින් ඔහුව ඝාතනය කරනු ඇතැයි සැක කරමිනි. පසුව ඔහු කාටත් හොරා ඇප ලබා ඩුබායි පනින්‍නේ ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයකිනි. එරට සිට ඔහු මෙම වසරේ පෙබරවාරියේදී අකුරේ‍ගොඩදී නීතිඥ බුද්ධික මල්ලවාරච්චි සහ ඔහු‍ගේ බිරිඳ ඝාතනය කරවනු ලැබීය. පොලිස් පරීක්ෂක බලේන්ද්‍රසීහ, විශ්‍රාමික බන්ධනාගාර අධිකාරිවරයෙක්, බන්ධනාගාර ජේලර්වරයෙක්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක්ද ‍ඝාතනය කරවීය. පොලිස් වි‍ශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කිහිප දෙනෙක්ද ඔහුගේ ඉලක්කය වී ඇති බව බුද්ධි අංශ සඳහන් කරයි.
  12. රත්ගම විදුර
    පුබුදුමුනි විදුර ලක්ෂාන් ද සොයිසා විජේසිංහ නොහොත් රත්ගම විදුර දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ මෙහෙයවන ප්‍රබල පාතාල කල්ලි නායකයෙකි. නාවික හමුදාවේ සිටි සෙබළෙක් වන ඔහු ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙක් ලෙස කුප්‍රකටය. කළු සල්ලි ඔහු සුදුකළ බව කියනු ලබන්නේ දකුණේ දේශපාලනඥයන් සහ ව්‍යාපාරිකයන් මගිනි. දකුණේ එජාපයේ ප්‍රබල දේශපාලනඥයකු සහ විදුර අතර ඇති සම්බන්ධකම් ගැන බුද්ධි අංශ වාර්තා පවා ඇත. එකී දේශපාලනඥයා නියෝජනය කළ පක්ෂයට බලය ආ සෑම අවස්ථාවකදීම පාහේ දකුණේ පොලිස් පුටුවලට නිලධාරීන් පත්කරන විට විදුරද තමන්ට කැමැත්තක් ඇති අය පත්කරගෙන තිබුණි. ඒ එම දේශපාලනඥයා සහ විදුර අතර ඇත්තේ ගහට පොත්ත මෙන් වූ සම්බන්ධයක් වන බැවිනි.
    2006 වසරේදී ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයකින් මෙරටින් පලාගිය ඔහු, දැනට ඉතාලියේ රැඳීසිටින බව සඳහන්ය.
  13. ප්‍රංශ රූබන්
    අලගෝරම් ජෝති රූබන් නො‍හොත් ප්‍රංශ රූබන් හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකි. 2009 වසරේදී මෙරට සිවිල් යුද්ධය අවසන් වූ කාලවකවානුවේදී ඔහු රටින් පැන්නේය. ඔහු‍ගේ උපන් ගම යාපනයයි. මත්කුඩු ජාලය සහ පාතාල කටයුතු සිදුවන්නේ කොළඹ මෝදර සහ මට්ටක්කුලිය ආශ්‍රිතවය. ලංකාවට අයිස් ගේන්න මුල්වූ මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරු ‍ලෙස හඳුනාගෙන සිටින ඔහු ප්‍රංශයේ ජීවත්වන බව සඳහන්ය.
  14. ගොත අසංක
    ලියනගේ අසංක සිරිනාත් නොහොත් ගොත අසංක අංගොඩ, නවගමුව ආශ්‍රිතව ක්‍රියාත්මක වූ පාතාල අපරාධකරු‍වෙකි. අං‍ගොඩ ‍ලොක්කාගෙන් පසු ඒ තැනට පත්වූයේ ඔහුය. එල්.ටී.ටී.ඊ.‍යේ වෙඩික්කරුවන්ගෙන් පවා වැඩගත් ඔහු 2023 වසරේදී රටින් පැන්නේය. ඉන්දියාවේ රැඳීසිටියදී බැංගලෝර්වලදී ඔහුව ඉන්දීය මධ්‍යම අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවටද ගත්තේය. අනතුරුව ඔහු ඩුබායි පැනගත් බව සඳහන් විය.
  15. මෝදර නිපුන
    මෑතකදී මෝදර ආශ්‍රිතව සිදුවූ වෙඩිතැබීම් සහ ඝාතන රැසකට නම නියැවුණු චරිතයකි. ඔහු දැනට ඩුබායිහි රැඳී සිටියි.
  16. අප්පුගේ පුතා චමිල
    ‘කෝපි කඩේ’ ‍ටෙලිනාට්‍ය මාලා‍වේ අප්පුගේ චරිතයට පණ පෙවූ ශ්‍රී ලාල් අබේ‍කෝන් කලාකරුවාගේ පුත්‍රයා වන චමිල අබේකෝන් මත්කුඩු ජාවාරම සිදුකරන මහා පරිමාණයේ ජාවාරම්කරුවෙකි. ඩුබායි රැඳී සිටිමින් ඔහුගේ අනුදැනුම මත ‍මෙරට වෙඩිතැබීම් කිහිපයක්ද මෙහෙයවා ඇත.
  17. දිප්පිටිගොඩ ලහිරු
    දිප්පිටිගොඩ ආරච්චිලාගේ ලහිරු අනුෂාන් නොහොත් දිප්පිටිගොඩ ලහිරු මත්කුඩු ජාවාරමට සම්බන්ධ ප්‍රබල පාතාල අපරාධකරු‍වෙකි. ඔහු ජපානයේ මේ වනවිට රැඳීසිටින බවට තොරතුරු ඇත.
  18. හීනටියන මහේෂ්
    නුරේෂ් සුපුන් දයාරත්න ‍නොහොත් හීනටියන මහේෂ් දැනට ඩුබායි රාජ්‍යයේ සැඟව සිටිමින් මිනුවන්ගොඩ, මීගමුව සහ දංකොටුව යන ප්‍රදේශවල ව්‍යාපාරිකයන් බියගන්වා කප්පම් ගැනීම්වල නිරතව සිටියි. ඔහුගේ ගෝලයින් කිහිප දෙ‍නෙක්ම පොලිස් වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත. ඔහු ඩුබායි පනින්නේ ව්‍යාජ ‍ලෙස සකස් කළ වි‍දෙස් ගමන් බලපත්‍රයකිනි. එම වි‍දෙස් ගමන් බලපත්‍රය සකස්කළ නි‍යෝජ්‍ය ආගමන විගමන පාලකවරායද 2024 වසරේ අත්අඩංගුවට පත්විය.
  19. උනාකූරුවේ ශාන්ත
    ශාන්ත කුමාර නොහොත් උනාකූරුවේ ශාන්ත දකුණේ උනාකූරුව ගම්මානයේ වැසියෙකි. ආරම්භක ජවිපෙ සාමාජිකයෙක් වන ඔහු පසුව රාජපක්ෂවරුන්ට සම්බන්ධව සිටියෙකි. මහා පරිමාණයේ මත්තුඩු ජාවාරමට සම්බන්ධව සිටින ඔහු ඩුබායි සිට ‍බෙලරූස් රාජ්‍යයට සංක්‍රමණ වී එහි සිට මත්කුඩු ජාවාරම මෙහෙයවන බව සඳහන්ය.
  20. දෙහිබාලෙ මල්ලි
    පටබැඳි මද්දුමාගේ ශෙහාන් සත්සර නොහොත් ‍දෙහිබාලේ මල්ලි කිලෝ සිය ගණනින් මත්කුඩු බෝට්ටු මගින් මෙරටට ගෙන්වූ අයෙකි. පොලිසියේ ඉහළ නිලධාරීන් සමග ඉතා කිට්ටු සම්බන්ධකම්ද ඔහුට ඇත. දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාල‍යේ වාහල්කඩ ඉදිරිපිටදී 2025 මාර්තු 21 ‍වැනිදා ඔහු තරුණයන් දෙදෙනෙක් වෙඩිතබා මරාදැමුවේය. දෙහිබා‍ලේ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ගැන රටම දැන ගන්නේ ඒත් සමගිනි. එකල පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ලොක්කෙක්ද දෙහිබාලේගේ නිවසට නිතර යන එන අයෙක් බව හෙළිවන්නේත් දෙහිබාලේ මල්ලි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ලේඛනයේ පවා නැති බවත් අනාවරණ වන්නේ ඒත් සමගිනි. ඔහු ඩුබායිහි රැඳීසිටින බව සඳහන්ය. එහෙත් ඔහු යුරෝපීය රටකට පැන ඇති බවටද තොරතුරු ඇත.
  21. චූවා සමන්ත
    අධිකාරි‍ගේ සමන්ත පෙරේරා ‍‍නොහොත් චූවා සමන්ත ‍දෙහිවල සහ බඩෝවිට ආශ්‍රිතව මත්කුඩු ජාවාරමේ නිරත කල්ලි නායකයෙකි. ඔහු ඩුබායි රැඳී සිටිමින් අපරාධවල සහ මත්කුඩු ජාවාරමේ නිරතව සිටියි.
  22. ගිහාන් ෆොන්සේකා
    සූරසිංහ ආරච්චි‍ගේ ගිහාන් ෆොන්සේකා මේ වන විට රැඳීසිටින්නේ ඩුබායි රාජ්‍යයේය. ඔහු යුරෝපයට පැනයාමේ සූදානමක්ද ඇත. මාකඳු‍රේ මධුෂ්ගේ පාතාල ගුරුන්නාන්සේ යැයි කියැවෙන්නේ මොහුය. 2020 පෙර ඔහු රටින් පැනගිය අතර රටින් පනින්නට පෙර මීගමුව බන්ධනාගාරයේ කාලයක්ම රිමාන්ඩ් සිරකරුවෙක් ලෙස සිටියේය. ඔහුට බන්ධනාගාරයේ වෙනම කුටියක් තිබූ අතර එම කුටියේ කුඩා ශිතකරණයක්, සැප පහසු මෙට්ටයක්, රූපවාහිනී ඇතුළු පහසුකම් රැසක්ම පැවතුණි.
  23. ජිලේ
    ඉෂාන් ජි‍ලේ නොහොත් ජිලේ අංගොඩ දෙල්ගහවත්තේ පදිංචිකරුවෙකි. අංගොඩ ලොක්කාගේ සමීපතයෙක් ලෙස පාතාලයට බැස්ස ඔහු ලොක්කාගේ මරණින් පසු තනිවම කල්ලියක් නඩත්තු කළේය. 2022 අගෝස්තු 02දා කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී සුමුදු රුක්ෂාන් ඝාතනය කරවන්‍නේ ඔහුය. ඩුබායි වෙත ඔහු පලා යන්නේද එකලය.
  24. පලනි ශිරාන් 45. පලනි කෙනිස්ටන් 46. පලනි රිමෝෂන්
    මෝදර මට්ටක්කුලිය ආශ්‍රිතව මත්කුඩු ජාවාරමේ අණසක පතුරුවාගෙන සිටි කාන්තාවක් වූ කුඩු සෙල්විගේ වැඩිමහල් පුතා වන්නේ පලනි ශිරාන් ක්ලෝරියන් නො‍හොත් පලනි ශිරාන්ය. පූකුඩිකන්නාගේ සැලසුමකට අනුව බුම්මා විසින් කුඩු සෙල්වි සහ ඇගේ සැමියා ඝාතනය කිරීමෙන් අනතුරුව පලනි ශිරාන් පාතාලයට වැටෙන්නේ කංජිපානි ඉම්රාන්ගේ අඩිපා‍රේ යමිනි. සිය ස‍‍හෝදරයන් දෙදෙනා වන පලනි කෙනිස්ටන් සහ පලනි රිමෝෂන් සමග එක්ව මත්කුඩු ජාවාරමට සම්බන්ධ වෙමින් මව සහ පියා මැරූ ඝාතකයන්ගෙන් පළිගැනීම ආරම්භ කරන ඔවුන් පසුව ඉන්දියාවට පනින්නේ ජීවිතාරක්ෂාව පතාය. මේ වනවිට ඔවුන් තිදෙනාම සිටින්නේ ඉන්දියානු ආරක්ෂක අත්අඩංගුවේය.
    ‍මෙම පිරිස හැරුණු කොට දෙමටගොඩ චමින්දගේ පුතා, සයිමා, තම්මිට අවිස්ක, දෙහිවල සැන්ඩෝ, රන් මල්ලී, පෑලියගොඩ ශක්ති, කැන්ගර් අප්පු, සුරංජිත් සිල්වා, ගල්කිස්ස ධනුෂ්ක, පොඩි පැටී, වනාතේ චතූ ඇතුළු තවත් පාතාලයේ අපරාධකරුවන් පිරිසක් එක්සත් එමීර් රාජ්‍යයෙත් ජපානයේත්, රුසියාවේත් රැඳී සිටිති.

රුවන් වෙඩිවර්ධන

SendShareShare
Previous Post

පරණ උපාධි පාඨමාලා 12,000ක් කුණු කූඩෙට! ලංකාව අසැබි වෙබ්වල පැටලෙද්දි චීනය ඉස්කෝලෙට අධිතාක්ෂණය අරන් එයි! සජිත් එදා ඉඳන් කිව්වෙත් මේකම තමයි! Sri Lanka Latest News

Next Post

තොත්තු සහ කොත්තු! Sri Lanka Latest News

MORE NEWS

තොත්තු සහ කොත්තු! Sri Lanka Latest News
Exclusive

තොත්තු සහ කොත්තු! Sri Lanka Latest News

පරණ උපාධි පාඨමාලා 12,000ක් කුණු කූඩෙට! ලංකාව අසැබි වෙබ්වල පැටලෙද්දි චීනය ඉස්කෝලෙට අධිතාක්ෂණය අරන් එයි! සජිත් එදා ඉඳන් කිව්වෙත් මේකම තමයි! Sri Lanka Latest News
Exclusive

පරණ උපාධි පාඨමාලා 12,000ක් කුණු කූඩෙට! ලංකාව අසැබි වෙබ්වල පැටලෙද්දි චීනය ඉස්කෝලෙට අධිතාක්ෂණය අරන් එයි! සජිත් එදා ඉඳන් කිව්වෙත් මේකම තමයි! Sri Lanka Latest News

ගුරු-බුධ-රාහු විපරීත පිහිටීමක! නින්දිත යුද්ධයක් පටන් ගන්නවා! ආණ්ඩුවේ ලොකු පුටු අසීරුවේ! විපක්ෂයේ නායකයන්ට කට වරදිනවා! මළ කෙළියයි ජූලි 07න් පස්සේ ලොකු කලබලයක්…! Sri Lanka Latest News
Exclusive

ගුරු-බුධ-රාහු විපරීත පිහිටීමක! නින්දිත යුද්ධයක් පටන් ගන්නවා! ආණ්ඩුවේ ලොකු පුටු අසීරුවේ! විපක්ෂයේ නායකයන්ට කට වරදිනවා! මළ කෙළියයි ජූලි 07න් පස්සේ ලොකු කලබලයක්…! Sri Lanka Latest News

අපි ආණ්ඩුව දණගැස්සුවා! අත්අඩංගුවට ගැනීම් රනිල්ගෙන් නතර වුණා! දයාසිරි එජාප වේදිකාවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජාතිවාදීන් – හොරු – මංකොල්ලකාරයෝ! දයාසිරි ආණ්ඩු හදන්න ඉස්සෙල්ලා මේක කියවලා ඉන්න…! Sri Lanka Latest News

සෙනසුරු අපල මතක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ නීතිඥවරුන්ට දුන් උපදෙස! Sri Lanka Latest News
Exclusive

සෙනසුරු අපල මතක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ නීතිඥවරුන්ට දුන් උපදෙස! Sri Lanka Latest News

උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන්න හදන ආණ්ඩුවේ උත්සාහයට එරෙහිව ශ්‍රී ලංකා නීතීඥ සංගමය කැඳවූ සාකච්ඡාවට විපක්ෂනායක සජිත් එක්වෙයි! මේක නීතියේ ආධිපත්‍යයට එල්ල කරන මරු පහරක්! මාලිමාව අද අධිකරණයේ ස්වාධීනත්වය විනාශ කරමින් සිටිනවා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන්න හදන ආණ්ඩුවේ උත්සාහයට එරෙහිව ශ්‍රී ලංකා නීතීඥ සංගමය කැඳවූ සාකච්ඡාවට විපක්ෂනායක සජිත් එක්වෙයි! මේක නීතියේ ආධිපත්‍යයට එල්ල කරන මරු පහරක්! මාලිමාව අද අධිකරණයේ ස්වාධීනත්වය විනාශ කරමින් සිටිනවා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
තොත්තු සහ කොත්තු! Sri Lanka Latest News
Exclusive

තොත්තු සහ කොත්තු! Sri Lanka Latest News

මිස්ටර් කියලා කිව්වම ඊළඟට ඔයාට කෑමක නමක් කියන්න කිව්වොත් මතක් වෙන්නේ මොනවාද? හරි. හොඳයි. ඔයාට මතක් වුණේ රටේ හැමතැනම තියෙන,...

Read more
ගිය සැරේ ඇතුළේ ඉන්න පාතාලේ දැම්මා! රටින් පැන්න පාතාලේ…! Sri Lanka Latest News

ගිය සැරේ ඇතුළේ ඉන්න පාතාලේ දැම්මා! රටින් පැන්න පාතාලේ…! Sri Lanka Latest News

පරණ උපාධි පාඨමාලා 12,000ක් කුණු කූඩෙට! ලංකාව අසැබි වෙබ්වල පැටලෙද්දි චීනය ඉස්කෝලෙට අධිතාක්ෂණය අරන් එයි! සජිත් එදා ඉඳන් කිව්වෙත් මේකම තමයි! Sri Lanka Latest News

පරණ උපාධි පාඨමාලා 12,000ක් කුණු කූඩෙට! ලංකාව අසැබි වෙබ්වල පැටලෙද්දි චීනය ඉස්කෝලෙට අධිතාක්ෂණය අරන් එයි! සජිත් එදා ඉඳන් කිව්වෙත් මේකම තමයි! Sri Lanka Latest News

ගුරු-බුධ-රාහු විපරීත පිහිටීමක! නින්දිත යුද්ධයක් පටන් ගන්නවා! ආණ්ඩුවේ ලොකු පුටු අසීරුවේ! විපක්ෂයේ නායකයන්ට කට වරදිනවා! මළ කෙළියයි ජූලි 07න් පස්සේ ලොකු කලබලයක්…! Sri Lanka Latest News

ගුරු-බුධ-රාහු විපරීත පිහිටීමක! නින්දිත යුද්ධයක් පටන් ගන්නවා! ආණ්ඩුවේ ලොකු පුටු අසීරුවේ! විපක්ෂයේ නායකයන්ට කට වරදිනවා! මළ කෙළියයි ජූලි 07න් පස්සේ ලොකු කලබලයක්…! Sri Lanka Latest News

අපි ආණ්ඩුව දණගැස්සුවා! අත්අඩංගුවට ගැනීම් රනිල්ගෙන් නතර වුණා! දයාසිරි එජාප වේදිකාවේ! VIDEO I Sri Lanka Latest News

ජාතිවාදීන් – හොරු – මංකොල්ලකාරයෝ! දයාසිරි ආණ්ඩු හදන්න ඉස්සෙල්ලා මේක කියවලා ඉන්න…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.