• About us
  • Contact us
Thursday, July 2, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තොරතුරු තාක්ෂණ-විදුලි හා ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයේ කර්මාන්තකරුවන්ට අනුරගෙන් ඉලක්කයක්! PHOTOS I Sri Lanka Latest News

July 2, 2026
in Exclusive
Reading Time: 13 mins read
A A
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ වන විට 5%ක මට්ටමේ පවතින මෙරට ආර්ථික වර්ධනය ඉදිරි වසරවලදී 7%-8% මට්ටම දක්වා ගෙන ඒමට වෙහෙසිය යුතු බවත්, එම ගමනේදී තොරතුරු තාක්ෂණ, විදුලි හා ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයන්හි පුළුල් දායකත්වයක් අපේක්ෂා කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.Sri Lanka Latest News

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ තොරතුරු තාක්ෂණ, විදුලි හා ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයන්හි ප්‍රමුඛ පෙළේ සංගම් කර්මාන්තකරුවන් සහ ආයෝජකයන් සමග අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක් වෙමිනි.

රටේ අනාගතය සුරක්ෂිත කළ හැක්කේ දේශීය කර්මාන්තකරුවා ශක්තිමත් කිරීමෙන් බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා රටේ පවතින සැබෑ විභවතාව ජය ගැනීමට රජය සමඟ අත්වැල් බැඳගන්නා ලෙස සියලුම ව්‍යවසායකයන්ට ආරාධනා කළ අතර මෙම කාර්යය ජය ගැනීම සඳහා වූ සිය යෝජනා මෙන්ම ක්ෂේත්‍රයේ දැනට මතුව ඇති ගැටලු පිළිබඳ වාර්තාවක් හැකි ඉක්මණින් ඉදිරිපත් කරන ලෙසද ඉල්ලා සිටියේය.

මෙරට ආර්ථික වර්ධනය වේගවත් කිරීම වෙනුවෙන් ලබන වසරේදී ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් ට්‍රිලියන 2ක් වෙන් කිරීමට අපේක්ෂා කරන බවත්, මෙමගින් ඇතිවන ඩොලර් ඉල්ලුම පියවා ගැනීමට අපනයන ක්ෂේත්‍රයේ දායකත්වය හැකි උපරිමයෙන් රජය අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඩොලර් ආදායම ඉහළ නංවා ගැනීම වෙනුවෙන් තොරතුරු තාක්ෂණ, විදුලි හා ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රවලින් ලබාගත හැකි පුළුල් දායකත්වය පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස විමසා බැලිණි.

දැනට ලංකාවේ පවතින තුන්වන විශාලතම අපනයන ආදායම් ක්ෂේත්‍රය වන තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය මගින් වසරකට ඩොලර් බිලියන 05ක අපනයන ආදායමක් උපයා ගැනීමේ විභවතාව පවතින බවත්, දැනට ඩොලර් මිලියන 500ක් පමණ වන විදුලි හා ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයේ අපනයන ආදායම ඩොලර් බිලියන 2ක් දක්වා ඉහළ නැංවීමේ විභවතාව පවතින බවත් මෙහිදී අනාවරණය කෙරිණි.

තොරතුරු තාක්ෂණ, විදුලි හා ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයන්හි ගෝලීය සන්නාමයක් බවට ශ්‍රී ලංකාව පත් කර ගැනීමේ අවශ්‍යතාවත්, එම ක්ෂේත්‍ර දෙකටම අදාළ ඉහළ ශ්‍රම බලකායක් ශ්‍රී ලංකාව සතු බැවින් ඔවුන්ට අවශ්‍ය පහසුකම් නැංවීම සහ යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කෙරිණි.

එමෙන්ම මෙම ක්ෂේත්‍රවලට අදාළ තාක්ෂණික කොටස් ආනයනයේදී පවතින සංකීර්ණතා, වරාය නගරය ආශ්‍රිත සමාගම්වලට බැංකු පද්ධතිය සමග ගනුදෙණු කිරීමේදී පවතින බාධා, දේශීය ව්‍යාපාරිකයන්ගේ නිෂ්පාදන දේශීය වෙළෙඳපොළ තුළ ප්‍රවර්ධනය කිරීමේදී මතුවී ඇති ගැටලු ඇතුළු ක්ෂේත්‍රයේ කටයුතු කරගෙන යාමේදී මුහුණ දීමට සිදුව ඇති අභියෝග පිළිබඳ මෙහිදී ව්‍යාපාරිකයෝ ජනාධිපතිවරයා දැනුවත් කළ අතර එම බාධා ඉවත් කර ගැනීම ඇතුළු නීති අණපනත්වල සිදු විය යුතු සංශෝධන පිළිබඳවද අවධානය යොමු විය.

කර්මාන්තකරුවන්ගේ ගැටලු සහ යෝජනා සෘජුව ලබා ගැනීම සහ ඒවාට කඩිනම් විසඳුම් ලබා දීමට අදාළ පාර්ශ්ව නියෝජනය කරන විශේෂ ඒකකයක් ස්ථාපිත කිරීමටද මෙහිදී අවධානය යොමු විය.

එමෙන්ම මෙම ක්ෂේත්‍රයන්හි පහසුකම් පුළුල් කිරීම වෙනුවෙන් දැනටමත් රජය සැලසුම් කර තිබෙන වැඩසටහන් පිළිබඳවද මෙහිදී ව්‍යාපාරිකයෝ දැනුවත් කෙරිණි.

මේ අතර Virtual Special Economic Zone සහ දත්ත මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සඳහා වන සැලසුම්, පර්යේෂණ හා සංවර්ධන (R&D) කටයුතු සඳහා අවශ්‍ය විද්‍යුත් උපාංග ආනයනයේදී පවතින රේගු බාධා ඉවත් කිරීමට “Green Channel” වැනි ක්‍රමවේදයක් හඳුන්වා දීමට අදාළ සැලසුම්, Cloud සහ SaaS (Software as a Service) වැනි අත්‍යවශ්‍ය සේවාවන් සඳහා විදේශීය ගෙවීම් කිරීමේදී පවතින ක්‍රෙඩිට් කාඩ්පත් සීමාවන් සහ බැංකු පද්ධතියේ ගැටලුවලට විසඳුම් ලබා දීමට ගෙන ඇති පියවර මෙහිදී පැහැදිළි කළ ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා ක්ෂේත්‍රයේ වෘත්තිකයන් විදේශගත වීම වැළැක්වීම සඳහා විකල්ප සහන ලබා දීම පිළිබඳව රජයේ අවධානය යොමු වී ඇති බවද සඳහන් කළේය.

කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ යන මහත්ම මහත්මීන්ද, ශ්‍රී ලංකා මෘදුකාංග සහ සේවා සමාගම් සංගමයේ (SLASSCOM) ෂෙහානි සෙනෙවිරත්න මහත්මිය ඇතුළු එම ක්ෂේත්‍රය නියෝජනය කරන ආයතන ප්‍රධානීන් සහ ව්‍යවසායකයන්ද, ශ්‍රී ලංකා ඉලෙක්ට්‍රොනික නිෂ්පාදකයින්ගේ සහ අපනයනකරුවන්ගේ සංගමයේ (SLEMEA) සභාපති ගාමිණි රණසිංහ, හිටපු සභාපති ආචාර්ය අජිත් පැස්කුවල්, VARIOSYSTEMS PVT LTD කළමනාකරණ අධ්‍යක්ෂ තේවන් සතීෂ්වරන්, GPV Lanka කළමනාකරණ අධ්‍යක්ෂ චන්දන දිසානායක යන මහත්වරු ඇතුළු එම ක්ෂේත්‍රයේ ප්‍රකට ව්‍යවසායකයන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2026-07-01

SendShareShare
Previous Post

‘දැන් නම් අමාරුයි’! ආණ්ඩුවට එරෙහි විරෝධතා හැමතැනම! VIDEO I Sri Lanka Latest News

Next Post

සුන්දර වෙනිසියුලාව මිහිපිට අපායක් වෙයි! භූකම්පනයෙන් මියගිය ගණන 2295ක්! තවත් 50000ක් සුන්බුන්වලට යටවෙලා හොයාගන්නවත් බෑ! නගර මිනීකුණු ගඳින් පිරෙයි! I Sri Lanka Latest News

MORE NEWS

දයාසිරි නිසා ඒකාබද්ධ විපක්ෂයේත් අවුලක්? දයාසිරි කරපු කතාවක් ගැන මාධ්‍ය ප්‍රශ්න කරද්දීම රාජිත-ජී.එල්. ඇතුළු ඒකාබද්ධ විපක්ෂයම උත්තර නොදී නැගිට යයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

දයාසිරි නිසා ඒකාබද්ධ විපක්ෂයේත් අවුලක්? දයාසිරි කරපු කතාවක් ගැන මාධ්‍ය ප්‍රශ්න කරද්දීම රාජිත-ජී.එල්. ඇතුළු ඒකාබද්ධ විපක්ෂයම උත්තර නොදී නැගිට යයි! VIDEO I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයිද? I Sri Lanka Latest News

කටකතා සියල්ලම බොරු! පළාත් පාලන ඡන්දය කල් දාන්නෙ නෑ! නාමයෝජනාත් ලෑස්තියි! අපි ඡන්දවලට බය නෑ! ‌පොහොට්ටු කාර්යාලයෙන් විශේෂ ප්‍රකාශයක්! (VIDEO)
Exclusive

එස්.එම්.ට ඇප ලැබිලා අද එළියට ආවා! I Sri Lanka Latest News

විජේ තමයි දැන් තමිල්නාඩුවේ රජු! VIDEO I Sri Lanka Latest News
Exclusive

තලපති විජේගේ රාජධානිය පෙරළන්න මහා දේශපාලන කුමන්ත්‍රණයක්! මන්ත්‍රීවරුන් 15ක් බාගන්න කෝටි 35ක දැවැන්ත සල්ලියක් විසිකරලා! මන්ත්‍රීවරු 15ක් එකවර ඉල්ලා අස්වෙයිද? I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

‘කෙහෙල්බද්දර පද්මේ’ එක්ක සම්බන්ධයක් තියෙනවද? නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර CIDයට කැඳවයි! I Sri Lanka Latest News

කාදිනල් මැල්කම් රංජිත් හිමියන්ගේ 75 වැනි ජන්ම දිනය අදයි !
Exclusive

කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විශ්‍රාම ගැනීමේ ලියුම බාරදෙයි! I Sri Lanka Latest News

Load More
දයාසිරි නිසා ඒකාබද්ධ විපක්ෂයේත් අවුලක්? දයාසිරි කරපු කතාවක් ගැන මාධ්‍ය ප්‍රශ්න කරද්දීම රාජිත-ජී.එල්. ඇතුළු ඒකාබද්ධ විපක්ෂයම උත්තර නොදී නැගිට යයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

දයාසිරි නිසා ඒකාබද්ධ විපක්ෂයේත් අවුලක්? දයාසිරි කරපු කතාවක් ගැන මාධ්‍ය ප්‍රශ්න කරද්දීම රාජිත-ජී.එල්. ඇතුළු ඒකාබද්ධ විපක්ෂයම උත්තර නොදී නැගිට යයි! VIDEO I Sri Lanka Latest News

අද පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් විසින් දයාසිරි ජයසේකර මහතා මීට පෙර කර තිබූ ප්‍රකාශයක් පිළිබදව ප්‍රශ්න කරද්දී රාජිත සේනාරත්න, ජී.ඇල්....

Read more
දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයිද? I Sri Lanka Latest News

කටකතා සියල්ලම බොරු! පළාත් පාලන ඡන්දය කල් දාන්නෙ නෑ! නාමයෝජනාත් ලෑස්තියි! අපි ඡන්දවලට බය නෑ! ‌පොහොට්ටු කාර්යාලයෙන් විශේෂ ප්‍රකාශයක්! (VIDEO)

එස්.එම්.ට ඇප ලැබිලා අද එළියට ආවා! I Sri Lanka Latest News

විජේ තමයි දැන් තමිල්නාඩුවේ රජු! VIDEO I Sri Lanka Latest News

තලපති විජේගේ රාජධානිය පෙරළන්න මහා දේශපාලන කුමන්ත්‍රණයක්! මන්ත්‍රීවරුන් 15ක් බාගන්න කෝටි 35ක දැවැන්ත සල්ලියක් විසිකරලා! මන්ත්‍රීවරු 15ක් එකවර ඉල්ලා අස්වෙයිද? I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

‘කෙහෙල්බද්දර පද්මේ’ එක්ක සම්බන්ධයක් තියෙනවද? නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර CIDයට කැඳවයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.