ශ්‍රී ලංකාවට ආසන්න නැගෙනහිර මුහුදේදී ඉන්ධන ප්‍රවාහනය කරමින් සිටියදී හදිසියේ ගිනි ගැනීමකට ලක්වූ MV New Diamond නෞකාවේ ගින්න පාලනය කිරිමට කැපවූ සියළු දෙනාට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ස්තුතිය පුදකර ඇත.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.
“සාගරයේ විනාශකාරී තත්වයක් වළක්වා ගැනීමෙන් සමුද්‍ර ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීම සඳහා ඔබ කළ දායකත්වය මම බෙහෙවින් අගය කරමි” යනුවෙන් ජනාධිපතිවරයා ට්විටර් සටහනක් තබමින් ශ්‍රී ලංකා නාවික හමුදාවට, ගුවන් හමුදාවට, වරාය අධිකාරියට සහ ඉන්දීය ආරක්ෂක අංශ වෙත සිය කෘතඥතාවය පුදකර ඇත.











