• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විපක්ෂය දකින එළුවාගේ ඇටේ (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

September 5, 2020
in Exclusive
Reading Time: 1 min read
A A
විපක්ෂය දකින එළුවාගේ ඇටේ (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)
Share on WhatsAppShare on Facebook

ලෝකප්‍රකට වෙබ් අඩවියක් වන “ෆොරින් පොලිසි” වෙබ් අඩවියේ මීට දින කිහිපයකට ඉහතදී ලංකාව සම්බන්ධයෙන් එක්තරා විශේෂ ලිපියක් පළව තිබිණ. එම ලිපියෙන් අවධාරණය කොට තිබුණේ රාජපක්ෂවරුන් ලංකාව ඇතුළේ ඔවුන්ගේ දේශපාලන අධිරාජ්‍යය ගොඩනගා ගත්තද එම දේශපාලන අධිරාජ්‍ය එළිපත්තේ ඇති දැවැන්ත ආර්ථික අර්බුදය එම අධිරාජ්‍යයට අවදානම් සහගත ලෙස බලපානු ඇති බවකි. එම ආර්ථික අර්බුදය රාජපක්ෂවරුන්ගේ අධිරාජ්‍යයට අති භයානක ලෙස බලපානු ඇති බවද එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව තිබිණ.
මේ ආකාරයේ ජාත්‍යන්තර මාධ්‍ය පමණක් නොව බටහිර රටවල්ද, ඇතැම් රාජ්‍ය නොවන සංවිධානද සිතා සිටින්නේ කොවිඞ් 19 වසංගතයෙන් පසු ලෝකයම මුහුණදීමට නියමිත ආර්ථික අවපාතය මුල්කරගෙන රාජපක්ෂලාගේ දේශපාලන අධිරාජ්‍ය සුන්නද්ධූලි වී යනු ඇතැයි කියාය. දැනටමත් ලෝක ආර්ථික අර්බුදය සංවර්ධිත රටවලට පවා භයානක ලෙස බලපෑම් එල්ල කරමින් පවතින පසුබිමක ලංකාව වැනි ණය ආර්ථිකයකින් මිරිකී හෙම්බත් වී පවතින රටකට කිසිසේත්ම දැරිය නොහැකි බව ඔවුන්ගේ මතය වී තිබේ.
මේ ජාත්‍යන්තර රටවල් සහ රාජ්‍ය නොවන සංවිධාන පමණක් නොව ලංකාවේ විපක්ෂයද සිතාගෙන සිටින්නේ ළඟ ළඟ එන මේ ආර්ථික අර්බුදයට රාජපක්ෂලා ළඟ විසඳුම් නැතැයි කියාය. ලංකාවට සංචාරකයෝ එන එකක් නැතැයි කියාය. අපනයන සම්පූර්ණයෙන්ම කඩාවැටේවි යැයි කියාය. ආනයන දැඩි ලෙස සීමා කර ඇති වටපිටාවක් යටතේ මිනිස්සුන්ට කන්නවත් බැරි තත්ත්වයක් මතුවේ යැයි කියාය. අවුරුද්දක් දෙකක් යන්න ඉස්සෙල්ලා රටේ මිනිස්සු රාජපක්ෂවරුන්ට එරෙහිව පාරට බැහැල ගල් ගහන තැනට පත්වේවි යැයි කියාය. බලාගෙන සිටිද්දී මේ ආණ්ඩුව කඩාවැටී හොම්බෙන් යාවි යැයි කියාය.
අද විපක්ෂය චූන් එකේ ඉන්නේ මේ හීනය දැක දැකය.
විපක්ෂය විතරක් නොව ආණ්ඩුව ඇතුළේ ඉන්න සමහර කල්ලි පවා හිතාගෙන ඉන්නේ වැඩිකල් දුවන්නට පෙර ආණ්ඩුව කඩාගෙන වැටේවි යැයි කියාය. ඔවුන්ද හිතාගෙන ඉන්නේ ආර්ථික අර්බුදය මැද්දේ ආණ්ඩුව හෙල්ලෙන්න ගනිද්දී විපක්ෂයට පැන ආණ්ඩුව වට්ටනවා යැයි කියාය.
හැබැයි මේ කවුරුවත් නොදන්නා කතාවක්ද මේ පසුපස තිබේ. ඒ මේ වගේම ලෝක ආර්ථික අර්බුදයක් හමුවේ රාජපක්ෂලා ආණ්ඩු කරපු ආකාරයය.
1930න් පසු ලොව බරපතළම ගෝලීය ආර්ථික අර්බුදය ආවේ 2008 – 2009 කාලපරිච්ඡේදයේදීය. එකල මේ ගෝලීය ආර්ථික අවපාතය ලොව ප්‍රබල රටවල් විනාශ කරගෙන සුළිසුළඟක් ලෙසින් හමාගෙන යද්දී ලෝක ආර්ථික විශ්ලේෂකයන් විසින් එම ආර්ථික සුළිසුළඟින් විනාශව යා හැකි රටවල් පිළිබඳව ලැයිස්තුවක් සකස් කළේය. ඒ ලැයිස්තුවේ ඉහළින්ම ලංකාවද තිබිණ. ඔවුන් එම ලැයිස්තුව සකස් කොට කියා සිටියේ ගෝලීය ආර්ථික අර්බුදයට මුහුණදීමට ලංකාවට නොහැකි වනු ඇති බවත්, රටේ ආර්ථිකය පමණක් නොව රාජපක්ෂ ආණ්ඩුවද ඒ ආර්ථික අර්බුදය හමුවේ විනාශ වී යනු ඇති බවත්ය.
එම ආර්ථික විශේෂඥයන් ලංකාව ගැන එහෙම පුරෝකතනය කිරීමට බලපෑ තවත් විශාල හේතුවක් තිබිණ. ඒ, ලංකාව ඒ වන විටත් ලොව ප්‍රබලතම සහ දරුණුතම ගරිල්ලා සංවිධානය වූ එල්.ටී.ටී.ඊ. කොටි සංවිධානය සමඟ මුහුණට මුහුණ සටනක නිරත වී සිටීමය. 2008 – 2009 කාලය යනු යුද්ධයේ අති බිහිසුණු කාලපරිච්ඡේදයය. යුද්ධය ජයග්‍රහණයකින් කෙළවර කිරීම සඳහා මෙම වසර දෙක තුළ ආණ්ඩුවට ප්‍රබල අවි ආයුධවල අවශ්‍යතාවය දැඩිව මතුව තිබිණ. එම ආයුධ ටී-56, ගල්කටස් වැනි සාමාන්‍ය ආයුධ නොව මල්ටි බැරල්, රොකට් ලෝන්චර්, අධිබල කාලතුවක්කු වැනි මිල අධික ආයුධ විය. මේවා ගැනීමට යුද්ධය අවසන් සමයේ ආණ්ඩුවට ආර්ථික වශයෙන් වත්කමක් තිබුණේ නැත. ඒ නිසා ලෝකයම බලා සිටියේ මෙවැනි බරපතළ ලෝක ආර්ථික අර්බුදයක් යටතේ සහ ලංකාව ඇතුළේ ආර්ථික අර්බුදයක් පවතින වටපිටාවක හමුදාව යුද්ධය ජයගන්නේ කෙසේද යැයි කියාය. එහෙමත් නැත්නම් යුද්ධයකට සල්ලි පුච්චන ගමන් ලංකාවේ ආණ්ඩුව ආර්ථික අර්බුදය ජයගන්නේ කෙසේද යැයි කියාය.
එල්.ටී.ටී.ඊ.යත්, ප්‍රභාකරනුත් මෙය හොඳාකාරවම දැන සිටියේය. ඔවුන්ද යුද්ධයේ අවසන් අදියරට එළැඹෙද්දී ඉලක්ක කළේ රටේ ආර්ථික මර්මස්ථානයන්ය. ඔවුන්ටත් අවශ්‍ය වූයේ ලංකාවට සල්ලි එන මාර්ග වසා දමා ආණ්ඩුවේ අවි ආයුධ ගැනිල්ල නවතා දමන්නටය. ඒ යන විදිහට ආණ්ඩුවට වැඩිකල් යුද්ධය අල්ලන් ඉන්න බැරි බව එල්.ටී.ටී.ඊ.යද දැන සිටියේය.
හැබැයි මහින්ද යුද්ධයේ අවසන් අදියරේදී පවා මේ රටේ මිනිස්සුන්ට ලෝකයේ ආර්ථික අවපාතයක් ඇති බවක් දැනෙන්නට ඉඩ හැරියේ නැත. රටේ සියලුම ජනතාව එකල බලා සිටියේ යුද්ධයේ අවසන් අදියර දෙසය. වීරෝදාර රණවිරුවන් උතුරේ කොපමණ ගම් බිම් ප්‍රමාණයක් අල්ලා ගත්තාදැයි කියාය. කොච්චර කොටි ප්‍රමාණයක් මරාදැමුවාදැයි කියාය. ප්‍රභාකරන් අල්ලාගෙන මරාදමන්නේ කවදාදැයි කියාය.
ලංකාව ඇතුළේ මෙහෙම වෙද්දී ලෝක ආර්ථික අවපාතය හමුවේ ඩොලරය පවා විශාල අර්බුදයකට ගියේය. ඩොලරයට සාපේක්ෂව ලොව අනෙකුත් මුදල් ඒකක බලාගෙන සිටිද්දී කඩාගෙන වැටුණේය. විශේෂයෙන්ම ශක්තිමත් මුදල් ඒකක පැවැති දකුණු කොරියාව, තායිලන්තය, ඉන්දුනීසියාව වැනි රටවල මුදල් ඒකක කඩාගෙන වැටුණේ හරියට රොකට් කඩාගෙන බිමට වැටෙනවා වගේය.
ලෝකයේම මුදල් ඒකක ඩොලරයට සාපේක්ෂව එහෙම කඩාගෙන වැටෙද්දී මහින්ද ලංකාවේ රුපියල ඩොලරයට සාපේක්ෂව 110.66ට තියාගෙන සිටීමට සමත් විය. මීට අමතරව යුද්ධය ජයග්‍රහණයකින් කෙළවර කිරීමට නම් තවත් විශාල සල්ලි කන්දරාවක් අවශ්‍ය වන බවද රාජපක්ෂවරු වටහාගෙන සිටියහ. යුද්ධය කරන අතරවාරයේදී රටේ ආර්ථිකයද යම් ස්ථාවර මට්ටමකින් පවත්වාගෙන යායුතු බවද ඔවුහු වටහාගෙන සිටියහ.
ඒ අනුව ආණ්ඩුව සල්ලි හොයන ක්‍රමයක් කල්පනා කළේය. චීනය මූලික කරගත්, චීන ආධාර මූලික කරගත් ආර්ථික මොඩලයකට යෑමට ආණ්ඩුව තීන්දු කළේ ඒ අනුවය. මොකද ඒ වන විටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව ලංකාවට පමණක් නොව ලොව කුමන රටකටවත් ආධාර ලබා නොදෙන බවට තීන්දුවක් ගෙන තිබිණ.
ඒ වන තෙක්ම චීනයට ලංකාව ගැන කිසිම වගේ වගක් තිබුණේ නැත. චීනයට ලංකාවේ ඇති වටිනාකමක් දැනුනේද නැත. නමුත් ආණ්ඩුව දකුණු ආසියාවේ පවතින භූ දේශපාලනික තත්ත්වය උපයෝගි කොටගෙන චීනයට ලංකාවේ ඇති උපායික වැදගත්කම පෙන්වා දීමට සමත් විය. චීනයට ලංකාවේ මුහුදු මාර්ගවල ඇති වැදගත්කම පෙන්වා දීමට කටයුතු කළේය. ලෝක ආර්ථික අර්බුදය අස්සේත්, ලංකාවේ යුද්ධය අස්සේත් චීනය ලංකාවට සල්ලි පොම්ප කළේ ඒ අනුවය. ඒ අසීරු සමයේ ලංකාවේ ආර්ථිකය වැටෙන්නේ නැතුව දිව්වේ චීනයේ සල්ලිවලින්ය.
ඒ අතරතුරේ රාජපක්ෂ ආණ්ඩුව රට ඇතුළේද විවිධ ව්‍යාපෘති දියත් කිරීමට පියවර ගත්තේය. විශේෂයෙන්ම දිවිනැඟුම, ස්වයංරැකියා ව්‍යාපෘති, එක ගමකට එක වැඩක්, රට පෙරට වැනි වැඩසටහන් යටතේ මුළු රටේම ගම් සංවර්ධනය කිරීමට රාජපක්ෂ ආණ්ඩුව පියවර ගත්තේය. රටේ සියලුම මාර්ග කාපට් කිරීමට කටයුතු කළේය. වැව්, ඇළවේලි හැදුවේය. කොටින්ම කියනවා නම් ආර්ථික අර්බුදයක් නැති කාලයේවත් හදාගන්න බැරිවුණු දක්ෂිණ අධිවේගී මාර්ගය යුද්ධය අතරතුරදී හදා නිමකොට පෙන්නුවේය. ලෝක ආර්ථික අර්බුදයක් මැද්දේ සහ දැවැන්ත යුද්ධයක් කටඋඩ තියාගෙන රාජපක්ෂවරු මේ කරපු විප්ලවයෙන් ජාත්‍යන්තරය පවා එවකට සිටියේ ඇස් උඩ තියාගෙනය.
එපමණක් නොව කොළඹ ලස්සන කළේය. ආසියාවේ හොඳම නගරය බවට කොළඹ පත්කළේය. කොළඹ වටේම දැවැන්ත ගොඩනැඟිලි ඉදිකළේය. පාලම් හැදුවේය. එසේ කොට ජනතාව අතර මුදල් සංසරණය වීම ඉහළ නැංවූයේය. යුද්ධ දෙකක් මැද්දේ රාජපක්ෂවරු රටේ ආර්ථිකය ගොඩදාලා පෙන්නුවේ ඒ විදිහටය.
“ඒ විදිහටම මේ පාරත් රාජපක්ෂලා කොරෝනා වසංගතයෙන් විනාශ වෙලා තියෙන රටේ ආර්ථිකය ගොඩදාල පෙන්නයිද”
දැන්ම තියා ඒක කියන්න බැරි වුණත් ආර්ථික අර්බුදවලට මුහුණදී ඒවායෙන් ගොඩ එන මන්තරය රාජපක්ෂලා හොඳින්ම දන්නා බව කිව යුතුය. 2008 – 2009 කාලයේදී ලෝක ආර්ථික අවපාතයක් මැද සහ බිහිසුණු යුද්ධයක් මැද රාජපක්ෂවරු රටේ ආර්ථිකය ගොඩදා පෙන්නුවේ මේ මන්තරය ජපකරලාය. ඒ නිසා මෙවරත් රාජපක්ෂවරු ඒ ආර්ථික මන්තරය ජප කිරීමට පටන්ගතහොත් විපක්ෂයට වෙන්නේ ආණ්ඩුව වැටෙන තෙක් අර එළුවගේ මොකක්ද එක වැටෙනකන් පස්සෙන් ගියා වගේ ආණ්ඩුව පස්සෙන් යන්නටය.

විමලසිරි ජයලත්

SendShareShare
Previous Post

ශ්‍රී ලංකා ආධුනික ඔරු පදින්නන්ගේ සංගමයේ හබල දිමුත්ට

Next Post

‘බලාපොරොත්තුවේ සිත්තම්’ ලංකා බැංකුවෙන්

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.