අල්ලස් චෝදනා මත රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින නීතිඥ රඛිත රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා ඔහුව ඇප මත නිදහස් කරන ලෙස ඉල්ලමින් අධිකරණය හමුවේ කරුණු කිහිපයක් ඉදිරිපත් කර තිබේ.Sri Lanka Latest News
රඛිත රාජපක්ෂ මහතා වෘත්තියෙන් නීතිඥවරයෙකු වන බැවින් ඔහු විසින් භාරගන්නා ලද නඩු විශාල සංඛ්‍යාවක් විවිධ අධිකරණවල විභාග වෙමින් පවතී. ඔහු රිමාන්ඩ් භාරයට පත් වුවහොත් එම නඩුවලට පෙනී සිටීමට නොහැකි තත්ත්වයක් උද්ගත වන බැවින්, ඇප ඉල්ලීමේදී එය සුවිශේෂී කරුණක් ලෙස සලකන ලෙස ඉල්ලා සිටියේය.
සැකකරු ‘ස්ලීප් ඇප්නියා’ (Sleep Apnea) නැමැති රෝගී තත්ත්වයෙන් පෙළෙන අතර, එය තහවුරු කරන වෛද්‍ය වාර්තා ද අධිකරණයට ඉදිරිපත් කර ඇත. එවැනි රෝගී තත්ත්වයකින් පසුවන පුද්ගලයෙකු බන්ධනාගාරය තුළ රැඳී සිටීම සුදුසු නොවන බවත්, එමඟින් ජීවිත අවදානමක් වුවද ඇතිවිය හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.
මේ අතර චරිත් අබේසිංහගේ නීතීඥයන් පෙන්නා දී තිබුණේ චරිත්ට ස්ටෙන්ට් තුනක් දමා ඇති බවත් තවත් ස්ටෙන්ට් 5ක් දැමීමට නියමිත බවත්ය.











