ඉන්දියාවේ සුප්‍රකට සිනමා අධ්යක්ෂවරයකු වත මනිරත්නම්ගේ නවතම සිනමා නිර්මාණය “පොන්නියන් සෙල්වන් “Ponniyen Selvan” රූගත කිරීම්වල ඉතිරි කොටස ලබන ඔක්තෝබර් මාසයේ සිට ශ්‍රී ලංකාවේද සිදුකිරීමට කටයුතු යොදා තිබේ.
මෙම චිත්‍රපටයේ රූගත කිරීම්වල 30% පමණ මීට පෙර තායිලන්තයේදී සිදුකර තිබේ. ඉතිරි සම්පුර්ණ කොටස මෙරට රන්මිනිතැන්න සිනමා ගම්මානය, දඹුල්ල ඇතුළු ප්‍රදේශ කිහිපෙයකදී දින 100ක කාලයක් තුළ
රූගත කිරීමට සියලු සැලසුම් සුදානම් කර ඇති බව දැනගන්නට ඇත.
ලංකාව – ඉන්දියාව සම්බන්ධ වූ වෝල අධිරාජ්‍යය පදනම් කරගෙන කල්කි ක්‍රිෂ්ණමූර්ති නැමැති ප්‍රකට ලේඛකයා රචිත නවකතාවක් ඇසුරෙන් නිර්මාණය කරන මෙම චිත්‍රපටය සඳහා එහි ප්‍රධාන නළු නිළියන් වන සුරූපී නිළි අයිශ්වර්යා රායි බච්චන්, වික්‍රම්, කානික්, ට්‍රිෂා ක්‍රිශ්ණ, ප්‍රභු, ජෙයම් රවි, අයිශ්වර්යා ලක්ෂ්මී, ජෙයරාම්, වික්රම්ප්රභු, සරත් කුමාර්, කිලර් කුමාර්, අශ්වින්, රියාස් ඛාන්, ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
මෙහිදී ඔවුන් සමග මෙරට නළු නිළියන් 500කට අධික සංඛ්‍යාවක් රංගනයෙන් දායකවීම විශේෂත්වයකි.










