• About us
  • Contact us
Monday, June 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

ශ්‍රී ලංකාවේ හදිසි ආපදා මෙහෙයුම් ක්‍රියාන්විත කාර්යක්ෂමව කිරීම සඳහා Marlbo Trading Company විසින් Holmatro Rescue හඳුන්වා දෙයි! PHOTOS I Sri Lanka Latest News

June 22, 2026
in Business
Reading Time: 14 mins read
A A
ශ්‍රී ලංකාවේ හදිසි ආපදා මෙහෙයුම් ක්‍රියාන්විත කාර්යක්ෂමව කිරීම සඳහා Marlbo Trading Company විසින් Holmatro Rescue හඳුන්වා දෙයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ හදිසි ආපදා මෙහෙයුම් ක්‍රියාන්විත කාර්යක්ෂමව සිදු කිරීම සහ ආපදා ප්‍රතිචාර හැකියාවන් තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, නෙදර්ලන්තයේ පිහිටි ලොව ප්‍රමුඛතම Rescue Solutions නිෂ්පාදකයෙකු වන Holmatro Rescue සන්නාමය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට Marlbo Trading Company සතුටින් නිවේදනය කරයි.Sri Lanka Latest News

ශ්‍රී ලංකාව තුළ සෑම වසරකම මාර්ග අනතුරු, ගිනි අනතුරු, කර්මාන්තශාලා හදිසි අවස්ථා, ගොඩනැගිලි කඩාවැටීම් සහ ස්වභාවික ආපදා හේතුවෙන් විශාල පිරිසක් මිය යන අතර තවත් දහස් ගණනක් තුවාල ලබති. මෙම අවස්ථාවන් බොහොමයකදී ජීවිත බේරාගැනීම සඳහා ඉතා වේගවත් සහ කාර්යක්ෂම ගලවා ගැනීමේ මෙහෙයුම් සිදු කිරීම අත්‍යවශ්‍ය වේ.

හදිසි අවස්ථාවකදී සෑම තත්පරයක්ම වටිනා වේ. වාහනයක සිරවී සිටින පුද්ගලයෙකු වෙත ප්‍රවේශ වීම, ගිනිගත් ගොඩනැගිල්ලකට ආරක්ෂිතව ඇතුළු වීම, කඩා වැටුණු ව්‍යුහයක් තුළ සිරවී සිටින පුද්ගලයන් වෙත ළඟාවීම හෝ ආපදා අවස්ථාවකදී වේගවත් ප්‍රතිචාර දැක්වීම වැනි කාර්යයන් සඳහා නවීන Rescue Tools අත්‍යවශ්‍ය වේ.

ලොව පුරා දියුණු රටවල්වල ගිනි නිවීම් සහ ගැලවීමේ සේවාවන්, ගුවන් තොටුපළ ගැලවීමේ ඒකක, හමුදා, පොලිස් විශේෂ ඒකක සහ ආපදා කළමනාකරණ කණ්ඩායම් අද වන විට නවීන Rescue Technologies භාවිතයෙන් ගැලවීමේ කාලය අවම කරමින් ජීවිත රැකගැනීමේ සාර්ථකත්වය ඉහළ නංවා ඇත.

වසර 50කට අධික කාලයක් පුරා Holmatro Rescue විසින් ලොව රටවල් 100කට අධික සංඛ්‍යාවක හදිසි ප්‍රතිචාර ආයතන සඳහා Vehicle Extrication Tools, Forcible Entry Solutions, Technical Rescue Equipment සහ Disaster Response Systems සපයා ඇති අතර, ගෝලීයව විශ්වාසදායක Rescue Brand එකක් ලෙස පිළිගැනේ.

ශ්‍රී ලංකාවේ හදිසි ආපදා මෙහෙයුම් ක්‍රියාන්විත කාර්යක්ෂමව කිරීමේ වැදගත්කම සැලකිල්ලට ගනිමින්, Marlbo Trading Company විසින් Holmatro Fire & Rescue Seminar & Live Practical Demonstration වැඩසටහන සංවිධානය කර ඇත.

මෙම වැඩසටහන තුළ පහත මාතෘකා ආවරණය කෙරේ.

• Vehicle Extrication සඳහා නවීන Hydraulic Rescue Tools

• ගිනි නිවීම් සහ හදිසි ප්‍රතිචාර සේවාවන් සඳහා Rescue Solutions

• නීතිය ක්‍රියාත්මක කිරීමේ සහ ආරක්ෂක මෙහෙයුම් සඳහා Forcible Entry Tools

• ගොඩනැගිලි කඩාවැටීම් සහ ආපදා තත්ත්වයන් සඳහා Rescue Equipment

• Holmatro Rescue Technologies පිළිබඳ Live Practical Demonstrations

මෙම වැඩසටහන සඳහා ගිනි නිවීම් හා ගැලවීමේ සේවාවන්, මහ නගර සභා, ගුවන් තොටුපළ ගැලවීමේ ඒකක, ත්‍රිවිධ හමුදා, පොලිසිය, ආපදා කළමනාකරණ ආයතන, කර්මාන්තශාලා හදිසි ප්‍රතිචාර කණ්ඩායම්, වරාය හා උපයෝගිතා ආයතන සහ ආරක්ෂක වෘත්තිකයන් සහභාගී වීමට අපේක්ෂා කෙරේ.

Marlbo Trading Company ප්‍රකාශකයෙකු සඳහන් කළේ,

“අද හදිසි ආපදා අවස්ථාවන් වඩාත් සංකීර්ණ වන බැවින් නවීන Rescue Equipment සහ Rescue Techniques වල අවශ්‍යතාවය පෙර කවරදාටත් වඩා වැඩි වී ඇත. Holmatro Rescue සමඟ අපගේ සහයෝගීතාවය හරහා ශ්‍රී ලංකාවේ හදිසි ප්‍රතිචාර ආයතන වෙත ලෝක මට්ටමේ Rescue Solutions හඳුන්වා දීමෙන් ජීවිත රැකගැනීමේ හැකියාව වැඩිදියුණු කිරීමට අප බලාපොරොත්තු වෙමු.”

මෙම වැදගත් හඳුන්වාදීම සනිටුහන් කරමින්, සම්මන්ත්‍රණයට පෙර විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වෙන අතර, ශ්‍රී ලංකාවේ හදිසි ප්‍රතිචාර ක්ෂේත්‍රය මුහුණදෙන අභියෝග, Holmatro Rescue විසඳුම් සහ නවීන Rescue Technologies වල වැදගත්කම පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කෙරේ.

Marlbo Trading Company පිළිබඳ

Marlbo Trading Company යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම Industrial, Safety, Testing, Measurement සහ Emergency Response Solutions සැපයුම්කරුවෙකු වන අතර ජාත්‍යන්තරව පිළිගත් සන්නාම රැසක් නියෝජනය කරයි.

Holmatro Rescue පිළිබඳ

Holmatro Rescue, Netherlands යනු Hydraulic Rescue Equipment සහ Rescue Innovation ක්ෂේත්‍රයේ ලෝක ප්‍රමුඛයා වන අතර, රටවල් 100කට අධික සංඛ්‍යාවක Fire & Rescue, Military, Police, Airport Rescue සහ Disaster Response Organizations සඳහා විසඳුම් සපයයි.

SendShareShare
Previous Post

අලුත් බඳවා ගැනීම්වලින් 800කට අසාධාරණයක්! වනජීවී නිලධාරීන් විපක්ෂනායක සජිත් හමුවී ප්‍රශ්න කතා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

අගලවත්තේ සමූප ඡන්ද ප්‍රතිපලය සජබෙ ජගත් නාමයෝජනා දෙද්දිම කියයි! මාලිමාවෙ අයත් විපක්ෂයට ඇවිත්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ජාත්‍යන්තර තේ දිනය නිමිත්තෙන් බැසිලර් තේ (Basilur Tea) සමාගම ‘රූට්ස් ඔෆ් සිලෝන්’(Roots of Ceylon) වැඩසටහන දියත් කරයි! Sri Lanka Latest News
Business

ජාත්‍යන්තර තේ දිනය නිමිත්තෙන් බැසිලර් තේ (Basilur Tea) සමාගම ‘රූට්ස් ඔෆ් සිලෝන්’(Roots of Ceylon) වැඩසටහන දියත් කරයි! Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News
Business

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

Load More
පොලිසිය බස්-ත්‍රීවීල්වල කෑලි ගලවන්නේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ යටතේද? මහජන ආරක්ෂක ඇමැතිත් සිද්ධියට මැදිවෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මන්ත්‍රී වුණාට පසුවත් ජනාධිපතිගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා විදිහට කටයුතු කරලා! ඇමැති ආනන්ද විජේපාලට එරෙහි පෙත්සම විභාගයට ගන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුස්සෙකු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ අභියාචනයක් විභාගයට...

Read more
කියපු කිසි දෙයක් අනුර කරන්නේ නෑ කියලා සමහරු මඩ ගහනවනේ..! ඔන්න කියපු එකක් හරියටම කරලා! ණය අරන් දයා ගමගේ බැංකුවලට තිබ්බ පොල්ලට ඩොලර් මිලියන 1.42ක දේපොළ වෙන්දේසි කිරීම තහවුරුයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

තත්ත්වය භයානකයි! පළමු වතාවට පැය 24ට ඩෙංගු රෝගීන් 1000 පන්නයි! දැනට 28ක් මැරිලා! මරණ ගණන වැඩිවෙන්නත් පුළුවන්! රෝහල් පද්ධතියේ කඩා වැටීමක් අත ළඟ? I Sri Lanka Latest News

පොලිසි සහ බන්ධනාගාර ඇතුළේ සිද්ධ වෙන වැඩ ගැන එක්සත් ජාතීන්ගේ වධහිංසා වැළැක්වීමේ කමිටුව ආණ්ඩුවට රහස්‍ය වාර්තාවක් දෙන්න යයි! I Sri Lanka Latest News

පොලිසි සහ බන්ධනාගාර ඇතුළේ සිද්ධ වෙන වැඩ ගැන එක්සත් ජාතීන්ගේ වධහිංසා වැළැක්වීමේ කමිටුව ආණ්ඩුවට රහස්‍ය වාර්තාවක් දෙන්න යයි! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

බැංකු 13ක ගිණුම් 227ක්! 36ක්ම අකුරක්වත් බැරි කුඩුකාරයන්ගේ නම්වලින්! ඩොලර් මිලියන ගණනක් රටින් පන්නපු ‘සමාගම් හිමිකරු’ අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.