• About us
  • Contact us
Saturday, June 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජේ.ආර්.ගේ ඡන්ද ලක්ෂ 25 කා ගාවද? Sri Lanka Latest News

June 20, 2026
in Exclusive, Gurudawa
Reading Time: 4 mins read
A A
ජේ.ආර්.ගේ ඡන්ද ලක්ෂ 25 කා ගාවද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘යූ.ඇන්.පී.ය ආපහු දිනන්න නම් යූ.ඇන්.පී.ය වෙනස් වෙන්න ඕනා. බයිබලයේ තියෙනවා ජේසුස් වහන්සේ කියනවා පවු කරන මිනිස්සුන්ට ස්වර්ගයට යන්න නම් ඔටුවා ඉඳිකටු සිදුරෙන් රිංගන්න පුළුවන් තරමට වෙනස් වෙනවා වගේ වෙනස් වෙන්න ඕනෙ කියලා. අපි බලයට එන්න නම් ඉඳිකටු සිදුරෙන් ඔටුවා රිංගා ගන්න වෙනස් වුණා වගේ වෙනස් වෙන්න ඕනා…’ මේ, ජේ.ආර්. 1970 මහ මැතිවරණයෙන් අන්ත පරාජයක් ලබලා සිටියදී ඔහුව හමුවෙන්න ආ යූ.ඇන්.පී. නායකයන්ට කී කතාවය.Sri Lanka Latest News

ජේ.ආර්. කිව්ව විදියටම යූ.ඇන්.පී.ය වෙනස් කළේය. ගම්වල ප්‍රභූවරුන්ව දමලා තවදුරටත් ඡන්ද දිනන්න බැරි බව ජේ.ආර්. තේරුම් ගත්තේය. යූ.ඇන්.පී.ය හංවඩු ගසා තිබුණේ ප්‍රභූ ධනපති පක්ෂයක් ලෙසය. යූ.ඇන්.පී.යේ ආසන සංවිධායකයෙක් වෙන්න, නාගරික මන්ත්‍රී අපේක්ෂකයෙක් වෙන්න සල්ලි යහමින් තිබෙන ගමේ ගම්මුලාදෑනියෙක්වත් විය යුතුය යන මතයක් ජනගත වී තිබිණි. ජේ.ආර්. ඒ මතය වෙනස් කොට සිරිකොත පොඩි මිනිහාට විවෘත කළේය.

ජේ.ආර්. රණසිංහ ප්‍රේමදාස උස්සලා ගත්තේ යූ.ඇන්.පී.ය තවදුරටත් ප්‍රභූ ධනපති පක්ෂයක් නොවේ කියා ඔප්පු කර පෙන්වන්නටය.
ඩඩ්ලි සේනානායක මියයෑමෙන් පසු පක්ෂ නායකත්වයට පත් ජේ.ආර්. ගම්වල පොඩි පවුල්වල තරුණයන් ආසන සංවිධායකයන් ලෙස පත් කළේය. පක්ෂය වෙනස් කොට ජේ.ආර්. මුහුණ දුන් පළමු මැතිවරණය ජාඇළ අතුරු මැතිවරණයය. එම අතුරු මැතිවරණයට තරග කරන්න ජාඇළ ප්‍රභූ පවුලක කුමාරයෙක් දමන්න පක්ෂයේ ප්‍රභූවරු උත්සාහ ගනිද්දී ප්‍රේමදාස ජේ.ආර්.ව හමුවෙන්න ආවේය.

‘සර්, මේ තරුණයා වැඩ කරන්නේ ජාඇළ රත්නාවලී හෝල් එකේ. පොඩි පවුලක තරුණයෙක්. අපි මෙයාව ඡන්දයට දමමු…’
ප්‍රේමදාස යෝජනා කළේය. ඒ තරුණයා ජෝෂප් මයිකල් විය.

‘පක්ෂයේ වෙනස පෙන්වන්න හොඳම අවස්ථාව මේකයි. අපි මේ තරුණයාව දමලා පෙන්වමු යූ.ඇන්.පී.ය දැන් පොඩි මිනිහගේ පක්ෂයක් කියලා…’
ජේ.ආර්. එහෙම කියලා ප්‍රේමදාසගේ යෝජනාව ඉහ මුදුණින් පිළිගත්තේය.

1977 යූ.ඇන්.පී.ය හයෙන් පහක මහා බලයකින් දින්නේ ජේ.ආර්.ගේ ප්‍රභූ පන්තියේ ඡන්දයි, ප්‍රේමදාසගේ දුප්පත් පන්තියේ ඡන්දයි එකට එකතු කරලාය.
ඩී.ඇස්. සේනානායක කොහොමත් යූ.ඇන්.පී.ය පිහිටෙව්වේ ලංකාවේ ඉහළම ප්‍රභූ ධනපති පන්තියයි අන්ත දුප්පත් පන්තියයි එකට එකතු කරලාය. අන්ත දුප්පත් පන්තිය යූ.ඇන්.පී.යට සමීප වුණේ ගම්වල ප්‍රභූ ධනපති පන්තිය මත යැපුණු නිසාය. බණ්ඩාරනායක ශ්‍රීලනිපය හැදුවේ මැද පන්තිය ඉලක්ක කරලාය. පසුව ලංකා සමසමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂය ශ්‍රීලනිපය සමග සන්ධානගත වීම නිසා නගරයේ සහ ගම්වල දුප්පත් පන්තිය ශ්‍රීලනිප-වාමාංශික හවුලට ආකර්ෂණය විය. ඩී.ඇස්. යූ.ඇන්.පී.යට දුප්පත් පන්තිය ආකර්ෂණය කරගත්තේ දුප්පතුන් යැපුණු ගම්වල ප්‍රභූවරුන් ඡන්දයට දමලාය. ශ්‍රීලනිපය සහ වාමාංශික හවුල ගම්වල ගුරුවරු, දේශීය වෛද්‍යවරු වැනි පොඩි මිනිස්සු දමලා ඡන්දය ඉල්ලීමෙන් දුප්පතුන් ක්‍රම ක්‍රමයෙන් පොඩි මිනිස්සුන්ගේ නායකත්වයට ආකර්ෂණය විය. අනෙක ශ්‍රීලනිප – වාමාංශික හවුල කුඹුරු පනත වෙනස් කිරීමෙන්, වතු ජනසතු කිරීමෙන්, බස් සමාගම් ජනසතු කිරීමෙන් ගම්වල ප්‍රභූවරු දුප්පත් පන්තිය මත දරා සිටි ආධිපත්‍ය අහෝසි විය. යූ.ඇන්.පී.යට දුප්පතුන් අහිමි වීමේ තවත් හේතුවක් වූයේ එයය.

ජේ.ආර්., ප්‍රේමදාස ඇතුළු පොඩි මිනිහාට පක්ෂය විවෘත කළේ මේ බව හොඳින් තේරුම් ගෙනය. 1977 වන තෙක් ශ්‍රීලනිපය සහ වාමාංශික හවුල යූ.ඇන්.පී.යට කිව්වේ ප්‍රභූ ධනපතියන්ගේ පක්ෂය කියාය. 1977 සිට ජේ.ආර්. ප්‍රේමදාස ලවා ශ්‍රීලනිපයට ගැහුවේ රදළ පවුල් පක්ෂය කියාය. ප්‍රේමදාස යූ.ඇන්.පී.යට විශාල දුප්පතුන්ගේ ජන පදනමක් හැදුවේය. ගම්උදාව, කැපකරු මාපිය ක්‍රමය, ජනසවිය ඔහු හැදුවේ දුප්පතුන්ටය. ප්‍රේමදාස ඝාතනය වූයේ දුප්පතුන්ගේ ඡන්ද පදනම හොඳින් යූ.ඇන්.පී.ය තුළ සුරක්ෂිත කරලාය. ප්‍රේමදාස ඝාතනය වූ පසුත් 1993 පළාත් සභා ඡන්දයේදී යූ.ඇන්.පී.ය බස්නාහිර හැර අනෙක් සියලු පළාත් සභාවල බහුතරය හිමිකර ගත්තේ ඒ ඡන්ද පදනම සුරක්ෂිතව තිබූ නිසාය.

ඩී.බී. විජේතුංග ජනාධිපති වී ප්‍රේමදාස ප්‍රතිරූපයට ගහලා ප්‍රේමදාස ප්‍රතිරූපය විනාශ කිරීමත්, රනිල් පක්ෂ නායකයා වී යළි යූ.ඇන්.පී.යට ඉංග්‍රීසි කතා කරන ප්‍රභූ පන්තිය කැඳවාගෙන ඒමත් සමග ප්‍රේමදාස යූ.ඇන්.පී.යට හදලා දුන් දුප්පතුන්ගේ ඡන්ද පදනම දුර්වල විය. පක්ෂය තුළ ප්‍රේමදාසගේ පුත් සජිත් ප්‍රේමදාසගේ නැගීමත් සමග යළිත් රණසිංහ ප්‍රේමදාස හදපු දුප්පත් ඡන්ද පදනම ශක්තිමත් විය. රනිල් සහ සජිත් එක්වී 2014 සජිත්ව නියෝජ්‍ය නායකයා කොට ඌව පළාත් සභාවට තරග කොට යූ.ඇන්.පී. ඡන්ද පදනම ශක්තිමත් කරගත්තේය. 2015 ජනාධිපතිවරණයට මෛත්‍රීපාල සිරිසේන වැනි ප්‍රේමදාසගේ පන්තියේ පොඩි මිනිසෙකු දමලා රාජපක්ෂ පවුල පරාජය කරන්න පුළුවන් වුණේත් සජිත් හරහා ශක්තිමත් කරගත් දුප්පතුන්ගේ ඡන්ද පදනම නිසාය.

සජිත් සමගි ජන බලවේගය පිහිටුවා 2020 මහ මැතිවරණයට තරග කරද්දී යූ.ඇන්.පී.යට ඇප නැතිවන බව තේරුම් ගත් යූ.ඇන්.පී. නායකයන් රනිල් හමුවෙන්න ගොස් නාහෙන් හඬද්දී රනිල් කීවේ අමුතු කතාවකි.

‘යූ.ඇන්.පී.යෙන් ලලිත්, ගාමිණී වගේ ප්‍රබලතම නායකයන් එළියට ගිහිල්ලා ගත්තේ ඡන්ද ලක්ෂ 10යි. සජිත් කීයක් ගන්නද? වැඩිම වුණොත් ලක්ෂ 5ක් ගනී…’
මේ, රනිල්ගේ අමුතු කතාවය. අන්තිමට යූ.ඇන්.පී.ය ගත්තේ ලක්ෂ දෙකහමාරකි. සජිත් ලක්ෂ 27ක් ගත්තේය.

‘එතකොට ඩී.ඇස්., ඩඩ්ලි, ජේ.ආර්. යූ.ඇන්.පී.යට හදලා දීලා ගිය ඡන්ද ලක්ෂ 25ට මොකද වුණේ…?’
ඒ ඡන්ද ආරක්ෂා කරගන්න රනිල් අසමත් විය. හැබැයි සජිත් රණසිංහ ප්‍රේමදාස යූ.ඇන්.පී.යට හදලා දීලා ගිය ඡන්ද ලක්ෂ 20 හෝ 25 සුරක්ෂිත කරගන්න සමත්වී ඇත.
‘සජබය සහ යූ.ඇන්.පී.ය එකතු වුණොත් ඩී.ඇස්., ඩඩ්ලි, ජේ.ආර්.ලා හදලා දුන්න ඡන්ද එකතු කරගන්න පුළුවන්ද..?’

2020 ගෝඨා රැල්ල තිබියදී පරදින මහ ඡන්දයකදී සමගි ජන බලවේගය ඡන්ද ලක්ෂ 27ක් ගත්තේය. 2024 අනුර රැල්ල තිබියදී ජනාධිපතිවරණයේදී සජිත් ඡන්ද ලක්ෂ 43ක් දක්වා ලක්ෂ 27ක් වැඩි කරගත්තේ රනිල් ජනාධිපති වී යූ.ඇන්.පී. – සජබ ඡන්ද කඩද්දීය. ඊළඟ ජනාධිපතිවරණයකදී සමගි ජන බලවේගය මුහුණ දුන් අවසන් ඡන්දය වූ පුංචි ඡන්දයේදී ලබාගත් ඡන්ද ලක්ෂ 22ට තව ලක්ෂ 20ක් එකතු කරගැනීම දුෂ්කර නැත. එතැන තියෙන්නේ සුළු ජාතික ඡන්ද සහ පාවෙන ඡන්දය. දිනන්නේ කවුදැයි අවිනිශ්චිත ජනාධිපතිවරණයකදී හෝ මහ මැතිවරණයකදී ඒ ලක්ෂ 20 ගන්න එක මහ ලොකු කජ්ජක් නොවේ.

ඒත් ප්‍රශ්නය ඩී.ඇස්.ලා, ඩඩ්ලිලා, ජේ.ආර්.ලා යූ.ඇන්.පී.යට හදලා දීලා ගිය ඡන්දවලට මොකද වුණේ කියන එකය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

කොටිකාවත්ත බස් එකෙත් හිටියා – මැදවච්චියේ සැලුන් එකෙත් හිටියා – අනේ මෙහෙමත් මිනිස්සු…! Sri Lanka Latest News

Next Post

තරුණ කොල්ලන්ට මෙහෙම කරන එවුන්ට දඬුවම මොකක්ද? කුඩු පැකට් පර්ස් එකේ තිබ්බ පොලිස් නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක වෙයිද? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මගෙ දෙයියෝ..! මෙහෙම ඇමැති කෙනෙකුට ප්‍රසිද්ධියේ බොරු කියන්න පුළුවන්ද මිනිස්සුන්ට..! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර කිව්වා මැයි මාසේ අත්පුඩි ගහන්න ලෑස්ති වෙන්න කියලා! දැන් පොලොන්නරුවේ ‘රාජ්‍ය නායකයා’ කියනවා ලබන අවුරුද්දේ අත්පුඩි ගහන්න ලෑස්ති වෙන්නලු! ! Sri Lanka Latest News

මාතර ඇමැති කීර්ති අබේවික්‍රම මැරුණා! ලලිත් ඇතුලත්මුදලිට බරපතළ තුවාල! ප්‍රේමදාසට ජේ.ආර්.ට සුළු තුවාල! පාර්ලිමේන්තුවට ගැසූ ජවිපෙ බෝම්බයට අවුරුදු 40යි! Sri Lanka Latest News
Exclusive

මාතර ඇමැති කීර්ති අබේවික්‍රම මැරුණා! ලලිත් ඇතුලත්මුදලිට බරපතළ තුවාල! ප්‍රේමදාසට ජේ.ආර්.ට සුළු තුවාල! පාර්ලිමේන්තුවට ගැසූ ජවිපෙ බෝම්බයට අවුරුදු 40යි! Sri Lanka Latest News

ICC සභාපති ෂා අනුරව හමුවෙයි! ෂාගෙන් විශේෂ X පණිවුඩයක්! ! Sri Lanka Latest News
Exclusive

ICC සභාපති ෂා අනුරව හමුවෙයි! ෂාගෙන් විශේෂ X පණිවුඩයක්! ! Sri Lanka Latest News

අවුරුදු 20ක් පාවිච්චි කළ නොම්බරේ බැසිල් වෙනස් කරයි!
Exclusive

බැසිල්ට උසාවියට එන්නම වෙයි වගේ! ඉල්ලීම මහේස්ත්‍රාත් ප්‍රතික්ෂේප කරයි! ! Sri Lanka Latest News

තාත්තා හිටියා නම් ඔහොම කතා කරන්න දෙන්නේ නෑ…! රෙජී අංකල් නැතිවෙලා අවුරුදු 10යි…! ජවිපෙටත් අමතක වුණු ජවිපෙ නායකයා ගැන ජවිපෙ නායක විජේවීරගේ පුත් උවිඳු තැබූ සටහන! Sri Lanka Latest News
Exclusive

තාත්තා හිටියා නම් ඔහොම කතා කරන්න දෙන්නේ නෑ…! රෙජී අංකල් නැතිවෙලා අවුරුදු 10යි…! ජවිපෙටත් අමතක වුණු ජවිපෙ නායකයා ගැන ජවිපෙ නායක විජේවීරගේ පුත් උවිඳු තැබූ සටහන! Sri Lanka Latest News

කලක වහ වෙන – කලක රහ වෙන PTA ! කුම්බලා මාළු කෑවා නම්…! Sri Lanka Latest News
Exclusive

කලක වහ වෙන – කලක රහ වෙන PTA ! කුම්බලා මාළු කෑවා නම්…! Sri Lanka Latest News

Load More
මගෙ දෙයියෝ..! මෙහෙම ඇමැති කෙනෙකුට ප්‍රසිද්ධියේ බොරු කියන්න පුළුවන්ද මිනිස්සුන්ට..! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර කිව්වා මැයි මාසේ අත්පුඩි ගහන්න ලෑස්ති වෙන්න කියලා! දැන් පොලොන්නරුවේ ‘රාජ්‍ය නායකයා’ කියනවා ලබන අවුරුද්දේ අත්පුඩි ගහන්න ලෑස්ති වෙන්නලු! ! Sri Lanka Latest News

ලබන වසර යනු මහජන මුදල් වංචා කළ දූෂිතයින් සහ හොරුන් සිරගත කෙරෙන වසර බව නියෝජ්‍ය ඇමති ටී.බී. සරත් පවසනවා.Sri Lanka...

Read more
මාතර ඇමැති කීර්ති අබේවික්‍රම මැරුණා! ලලිත් ඇතුලත්මුදලිට බරපතළ තුවාල! ප්‍රේමදාසට ජේ.ආර්.ට සුළු තුවාල! පාර්ලිමේන්තුවට ගැසූ ජවිපෙ බෝම්බයට අවුරුදු 40යි! Sri Lanka Latest News

මාතර ඇමැති කීර්ති අබේවික්‍රම මැරුණා! ලලිත් ඇතුලත්මුදලිට බරපතළ තුවාල! ප්‍රේමදාසට ජේ.ආර්.ට සුළු තුවාල! පාර්ලිමේන්තුවට ගැසූ ජවිපෙ බෝම්බයට අවුරුදු 40යි! Sri Lanka Latest News

ICC සභාපති ෂා අනුරව හමුවෙයි! ෂාගෙන් විශේෂ X පණිවුඩයක්! ! Sri Lanka Latest News

ICC සභාපති ෂා අනුරව හමුවෙයි! ෂාගෙන් විශේෂ X පණිවුඩයක්! ! Sri Lanka Latest News

අවුරුදු 20ක් පාවිච්චි කළ නොම්බරේ බැසිල් වෙනස් කරයි!

බැසිල්ට උසාවියට එන්නම වෙයි වගේ! ඉල්ලීම මහේස්ත්‍රාත් ප්‍රතික්ෂේප කරයි! ! Sri Lanka Latest News

තාත්තා හිටියා නම් ඔහොම කතා කරන්න දෙන්නේ නෑ…! රෙජී අංකල් නැතිවෙලා අවුරුදු 10යි…! ජවිපෙටත් අමතක වුණු ජවිපෙ නායකයා ගැන ජවිපෙ නායක විජේවීරගේ පුත් උවිඳු තැබූ සටහන! Sri Lanka Latest News

තාත්තා හිටියා නම් ඔහොම කතා කරන්න දෙන්නේ නෑ…! රෙජී අංකල් නැතිවෙලා අවුරුදු 10යි…! ජවිපෙටත් අමතක වුණු ජවිපෙ නායකයා ගැන ජවිපෙ නායක විජේවීරගේ පුත් උවිඳු තැබූ සටහන! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.