ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව (SLRC), ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව (SLBC ) සහ ස්වාධීන රූපවාහිනී සේවය (ITN ) යන රජයේ මාධ්‍ය ආයතන පවත්වාගෙන යාමට නොහැකි තත්වයක් මතුවීම නිසා ඒ සඳහා අවශ්‍ය මුදල් ලබා දෙන ලෙස මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කර තිබේ.
covid -19 වෛරසය ව්‍යාප්තිය නිසා එම ආයතනයන්හි අදායම ඉතා ශීඝ්‍ර ලෙස පහත වැටීම නිසා රූපවාහිනී, ගුවන් විදුලි සහ ස්වාධින රූපවාහිනී යන ආයතනයන්හි වැටුප් හා අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීමට ඔවුන්ට නොහැකි වීම මෙයට බෙහෙවින්ම බලපා ඇත.
ඒ නිසා 2020 සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා මාස 04 ක කාලයක් සඳහා එම ආයතනවල අත්‍යවශ්‍ය පුනරාවර්තන වියදම් සඳහා මුදල් මහා භාණ්ඩාගාරයෙන් ලබා ගැනීම සඳහා ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින් කරන ලද යෝජනාවකට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.
මෙම ආයතනවල ආදායම ඉහළ නැංවීම සඳහා උපායමාර්ගික සැලසුම් සකස් කළ යුතු බවත්, භාණ්ඩාගාරයේ එකඟතාවය මත එම සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බවත් අමාත්‍ය මණ්ඩලය විසින් එහිදී තීරණය කරන ලදී.










