භික්ෂුත්වයෙන් නෙරපා හැර සිටින බව තියන රාජාංගනේ සද්ධාරතන හිමිට නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් ප්‍රහාරයක් එල්ල කර ඇති බව පොලීසිය පවසයි. පසුගිය සෙනසුරාදා (06) රාත්‍රී කාලයේදී මෙම පහරදීම සිදුව තිබේ.Sri Lanka Latest News
පොලීසිය සඳහන් කරන ආකාරයට, වෑන් රථයකින් පැමිණ ඇති මෙම නාඳුනන පුද්ගලයින් දෙදෙනා සිය මුහුණු ආවරණය කරගෙන පැමිණ මෙම පහරදීම සිදු කර, ඉන්පසුව පළා ගොස් ඇත. පහර කෑමෙන් තුවාල ලැබූ අදාළ සද්ධාරතන හිමි මේ වන විට ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බවට තොරතුරු වාර්තා වේ.
මෙම ප්‍රහාරයට හේතුව කුමක්ද යන්න හෝ පහර දුන් පුද්ගලයින් කවුරුන්ද යන්න පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැත. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයා මේ වන විටත් වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මක කර තිබේ.










