• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

June 7, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විපක්ෂ නායක සජිත්ද පසුගිය සතියේ සිය මන්ත්‍රී කණ්ඩායමේ කිහිප දෙනකු කැඳවා මෙහෙයුම් කිහිපයක්ම ඔවුන්ට භාරදීමට පියවර ගත්තේය. ඉන් පළමු වැන්න වූයේ ජනාධිපතිවරයා විසින් අගවිනිසුරු සහ උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට එරෙහි මෙහෙයුම සුජීවට සහ දයාසිරිට භාරදීමය. ඉන් අනතුරුව සජිත් ආණ්ඩුව ඇතුළේ සිදුවන අක්‍රමිකතා රටට හෙළිදරව් කිරීම සඳහා වෙනම කමිටුවක් ආරම්භ කළ අතර, එහි ප්‍රධානත්වය මුජිබර් රහුමාන්ට ලබාදීමට කටයුතු කළේය. එමෙන්ම මෑත කාලයේ ආණ්ඩුව විශාල දෙදරීමකට ලක්කළ බාල ගල්අඟුරු ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් සොයා බලා පාර්ලිමේන්තුව සහ රට දැනුවත් කිරීමේ වගකීම මරික්කාර්ට පැවරීමටද සජිත් පියවර ගත්තේය. ඊට හේතු වී තිබුණේ විදුලිබල ක්ෂේත්‍රයේ විශේෂඥයන් විසින් ඉදිරියේදී බරපතළ බලශක්ති අර්බුදයක් රට තුළ මතුවීමේ අවදානමක් ඇති බවට සජිත්ට තොරතුරු වාර්තා කර තිබීම නිසාය. මීට අමතරව සජිත් පසුගිය සතියේ සිවිල් සංවිධාන නියෝජිතයන් කැඳවා ඔවුන් සමගද ආණ්ඩුවට එරෙහිව විශාල මෙහෙයුමක් දියත් කිරීම පිළිබඳ සාකච්ඡා කිරීමට පියවර ගත්තේය.Sri Lanka Latest News

ආණ්ඩුව නැමෙයි

ඒ අතරවාරයේ පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ පැවැති පක්ෂ නායක රැස්වීමේදී අපූරු සිදුවීමක් සිදුවිය. සාමාන්‍යයෙන් පසුගිය කාලය පුරාම පැවැති පක්ෂ නායක රැස්වීම්වලදී ආණ්ඩුව සිය ආධිපත්‍යය එහි පතුරුවාගෙන අනම්‍ය ආකාරයෙන් සිටීමට කටයුතු කළත්, පසුගිය සතියේ පැවැති පක්ෂ නායක රැස්වීමේදී ඊට හාත්පසින්ම වෙනස් සිදුවීමක් සියලු දෙනාටම දැකගන්නට ලැබීම ඊට හේතුව විය. එදින පක්ෂ නායක රැස්වීමට ආණ්ඩුව නියෝජනය කරමින් බිමල් රත්නායක, වසන්ත සමරසිංහ ඇතුළු ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් කිහිප දෙනකු සහභාගි වී සිටි අතර, විපක්ෂය නියෝජනය කරමින් සජිත් ඇතුළු පක්ෂ නායකයන් රැසක් එක්ව සිටියහ. මෙහිදී සජිත් මුලින්ම ආණ්ඩුව ඉදිරියේදී ගෙන ඒමට සූදානමින් සිටින පරිසර පනතකට පාරිසරික සංවිධානවලින් දැඩි විරෝධයක් එල්ලවී ඇති බව පෙන්වා දී එම ගැටලුව විසඳන තෙක් පරිසර පනත ගෙන ඒම කල් දමන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය. සාමාන්‍යයෙන් වෙනදා නම් සජිත්ගෙන් හෝ විපක්ෂයෙන් මෙවැනි ඉල්ලීමක් ලද වහා ආණ්ඩුව ඊට එරෙහිව ප්‍රතිචාර දැක්වුවද එදින කිසිදු ගැටුමකින් තොරව සජිත් ඉල්ලූ ආකාරයටම එම පරිසර පනත් කෙටුම්පතේ ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගන්නා තෙක් එය කල් දැමීමට ආණ්ඩුව කටයුතු කළේය.

මීට අමතරව මතුවෙමින් පවතින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් දිනක විවාදයක් ඉල්ලා සිටීමට විපක්ෂය යෝජනා කරද්දී යම් අදහස් හුවමාරුවකින් පසු ඊටද එකඟතාව පළකිරීමට ආණ්ඩුව කටයුතු කිරීම විශේෂත්වයක් විය. ඒ අනුව වෙනදා නම් විපක්ෂය සමග කැත්තට පොල්ල ලෙස සිටි ආණ්ඩුව මේ වනවිට විපක්ෂය සමග නම්‍යශීලී සහ සුහදශීලී ආකාරයෙන් කටයුතු කිරීමට තීරණය කර ඇති ආකාරයක් දැකගත හැකි විය.

එමෙන්ම පසුගිය සතියේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවත් විශේෂ හමුවක් විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වීය. ඒ සඳහා ලංකාවම නියෝජනය වන පරිදි හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් කැඳවීමට පියවර ගැනීමය. එහි ඇති විශේෂත්වය වූයේ එම රැස්වීමට මේ වනවිට සජබය නියෝජනය කරන හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් පමණක් නොව, එජාපය නියෝජනය කරන පළාත් සභා මන්ත්‍රීවරුන් පවා එක්ව සිටීමය. ඒ බව දුටු සජිත් පවා පුදුමයට පත්ව ඔවුන් සමග කතාබස් කරන විට ඔවුන් සජිත්ට කියා සිටියේ එජාපය එකතු වූවත් නැතත් ඉදිරි පළාත් සභා මැතිවරණයේදී සජබය සමග එක්ව තරග වැදීමට තමන් සූදානම් යැයි කියාය. ඒ අනුව මේ වනවිට සජිත් තීරණය කොට ඇත්තේ විපක්ෂයේ අනෙකුත් සියලු පක්ෂ ඒකාබද්ධ කොටගෙන පළාත් සභා මැතිවරණය ඉල්ලා අලුත් සටනක් ආරම්භ කිරීමටය.

රාජ්‍ය රහස්!

SendShareShare
Previous Post

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

Next Post

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

MORE NEWS

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News
Exclusive

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News
Exclusive

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

පොලිස්පතිවරයා ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවකු වෙලා! පොලිස්පතිවරයා කරපු ප්‍රකාශයෙන් පැමිණිලිකරු අපරාධකරු වෙලා! වහාම ආරක්ෂාව සපයන්න! මන්ත්‍රී ජගත්‌ගේ වරප්‍රසාද කඩවීම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබය කරපු චෝදනාව තහවුරුයි! මාලිමාව ප්‍රා. සභාවල බලය අල්ලලා තියෙන්නේ මුදල් අල්ලස් දීලා! හඬපටත් එළියට එයි! බුලත්සිංහල සජබ මන්ත්‍රීවරු පස්දෙනා දොට්ට දැමූ හේතුව ජගත් විතාන පහදයි! VIDEO I Sri Lanka Latest News

Load More
ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

විසේකාර කෙල්ලන් අතරට එකතු වුණු ඇය චනුෂි දෙව්මිණි. දවසින් දවස විවිධ නිර්මාණ අතරට එකතු වන රුවැත්තියන් අතර මේ දිනවල ඔබට...

Read more
‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.