දෙමටගොඩ පිහිටි කොළඹ දිසා අපරාධ කොට්ඨාසය ආසන්නයේ ඇති නිවාස සංකීර්ණයක නිවසක සඟවා තිබී ගිනි අවි 19ක් සහ මත්පෙති ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරින් මේ වන විට සොයාගෙන ඇත.Sri Lanka Latest News
මෙම ගිනි අවි 19 දේශීය වශයෙන් නිෂ්පාදිත ඒවා බවත් මෙතරම් ගිනි අවි තොගයක් එකම ස්ථානයකින් සොයාගත් පළමු අවස්ථාව මෙය වන බවත් පොලිස් ආරංචි මාර්ග අනාවරණය කරයි.
අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 40කට අධික ප්‍රමාණය සමඟ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කළ වැඩිදුර විමර්ශනයකින් මෙම ස්ථානය ගැන තොරතුරු අනාවරණය වී ඇති බව සඳහන්ය.










