අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 337 සීමාව ඉක්මවා ගොස් තිබේ.Sri Lanka Latest News
මහ බැංකුව විසින් අද (03) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 328.00ක් ලෙස සටහන් වී ඇති අතර විකුණුම් මිල ලෙස රුපියල් 337.97ක් ලෙස සටහන් වී ඇත.
ඊයේ (02) වනදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද විනිමය අනුපාතිකයන්ට අනුව, අමෙරිකානු ඩොලරයක මිලදී ගැණුම් මිල රුපියල් 326.75ක් ලෙස සටහන් විය.
එමෙන්ම ඩොලරයක විකිණීමේ අනුපාතිකය රුපියල් 336.60ක් ලෙස ඊයේ ප්‍රකාශයට පත් කර ඇත.










