• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කිරීමක් කියලා හිතාවි! විනිසුරුවරුන්ගේ ගෞරවයටත් හානි වේවි! භයානක පූර්වාදර්ශයක් වේවි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමේ තීරණය ගැන නීතීඥ සංගමයෙන් ජනාධිපති අනුරට ලිපියක්! I Sri Lanka Latest News

June 3, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු පුරප්පාඩු 4 පිරවීම ගැන ශ්‍රී ලංකා නීතීඥ සංගමයෙන් අනුරට උපදෙස් ලියුමක්! ජ්‍යෙෂ්ඨත්වය-සුදුසුකම්-කුසලතාව-විනිවිද බව සලකා බලන්න! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමට ඇති බව කියන පියවර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ. Sri Lanka Latest News

මේ මොහොතේ දී අධිකරණවල දැනට සේවයේ යෙදී සිටින විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස ඉහළ නැංවීම යනු අධිකරණයේ ස්වාධිනත්වයට බලපෑම් කිරීමට දරන පැහැදිලි උත්සාහයක් ලෙස මහජනතාව විසින් සැලකීමට ඉඩ ඇති බව අදාළ ලිපිය මඟින් අවධාරණය කර ඇත.

දිගු කාලීන සැලසුමකින් තොරව එවැනි පියවරක් ඉදිරියට ගෙන යාම එම අධිකරණවල මෙන්ම විනිසුරුවරුන්ගේ ගෞරවයටද හානි කරනු ඇතැයි සිය විශ්වාස බව නීතිඥ සංගමය නිකුත් කළ ලිපියේ වැඩිදුරටත් දැක්වේ.

තවද, වර්තමාන රජය එවැනි පියවරක් ඉදිරියට ගෙන යන්නේ නම් එය, අනාගත රජයන්ට ද අධිකරණමය කාර්යයන් සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට දිගු කාලීන සැලසුමකින් තොරව සංශෝධන හඳුන්වා දීම පිළිබඳ භයානක පූර්වාදර්ශයක් වනු ඇති බවද ජනාධිපතිවරයාට යොමු කළ ලිපියේ වැඩිදුරටත් දැක්වේ. 

අධිකරණයේ ස්වාධීනත්වය සහ මහජනතාව ඒ කෙරෙහි තබා ඇති විශ්වාසය යනු නීතියේ ආධිපත්‍යයේ සහ අපගේ ජනරජයේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවේ අත්‍යවශ්‍ය මූලස්ථම්භ වන බවත්, ඒ සම්බන්ධයෙන්, අධිකරණය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ස්වාධීන බව පමණක් නොව, පූර්ණ වශයෙන් ස්වාධීන, අපක්ෂපාති සහ ඉතාම සුළුවශයෙන් හෝ බලපෑම්, අනුග්‍රහයන් හෝ නුසුදුසුකම්වලින් තොරව මහජනතාවට දැකගත හැකිවීම අතිශයින් වැදගත් බවද නීතිඥ සංගමය අවධාරණය කරයි.

එබැවින්, නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම පිළිබඳව තම යුතුකම ඉටු කිරීමේදි ශ්‍රී ලංකා නීතිඥ සංගමය, අධිකරණයේ හෝ ජනතාවගේ අවශ්‍යතා සඳහා නොවන, එවැනි යෝජිත සංශෝධනයක් සම්බන්ධයෙන් තම දැඩි අවධානය යොමු කර සිටින බව ගෞරවාන්විතව ප්‍රකාශ කර සිටින බවද අදාළ ලිපිය මඟින් පෙන්වා දී ඇත.

මෙම තත්ත්වයන් යටතේ, අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස ඉහළ නැංවීම සඳහා යෝජිත කිසිදු ව්‍යවස්ථාමය සංශෝධනයක් සමඟ ඉදිරියට නොයන ලෙස නීතිඥ සංගමය අදාළ ලිපිය මඟින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.

ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදි පාලනය පවත්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය වන අධිකරණයේ ස්වාධීනත්වය, අඛණ්ඩතාවය, ගෞරවය සහ මහජන විශ්වාසය ආරක්ෂා කිරීමේ වැදගත්කම පිළිබඳව ජනාධිපතිවරයාගේ නිසි අවධානය දක්වනු ඇතැයි තම විශ්වාසය බවද අදාළ ලිපිය මඟින් වැඩිදරුටත් සඳහන් කර ඇත.

SendShareShare
Previous Post

අගවිනිසුරු ඇතුළු ඉහළ අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට ජනාධිපති තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

Next Post

කොළඹ අපරාධ කොට්ඨාසයට පේන දුරින් ගිනි අවි සහ මත්පෙති මතුවෙයි! I Sri Lanka Latest News

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.