විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් ‘සමගි ජන සන්ධානය’ නමින් නව දේශපාලන සන්ධානයක් ඉදිරි දෙසතිය ඇතුළත පිහිටුවීමට නියමිත බව වාර්තා වේ.
සමගි ජනබලවේගය පක්ෂය වටා ඒකරාශී වී සිටින සියලු දේශපාලන පක්ෂවලට සාමාජිකත්වය ලබාගත හැකිවන පරිදි නව ව්‍යවස්ථාවක් සකස් කිරීමද ඒ අනුව සිදුවේ.
මෙම සමගි ජන සන්ධානය තුළ නායකත්ව මණ්ඩලයක්ද නිර්මාණය කිරීමට නියමිත අතර එහි නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට පැවරීමට නියමිත බවද වාර්තා වේ.











