දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය අද (02) දිනයේදීත් තවදුරටත් පවතිනු ඇතැයි බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇති විය හැකි අතර ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී සුළගේ වේගය ක්ෂණිකව පැ. කි. මි (70-80) දක්වා ඉහළ යා හැක.
මේ අතර, ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, නාගොඩ සහ බද්දේගම යන ප්‍රදේශවලටත් කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර ප්‍රදේශයටත් නායයාමේ අනතුරු ඇඟවිම් නිකුත් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.











