තමිල්නාඩු මහ ඇමැති තලපති විජේ නුදුරේදීම යාපනයේ සංචාරයක නිරත වීමට සැලසුම් කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කොට තිබේ.Sri Lanka Latest News
තමිල්නාඩු මහ ඇමැතිවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව උතුරු නැගෙනහිර දෙමළ දේශපාලන පක්ෂවලින් දිගින් දිගටම ලැබුණු ඉල්ලීම්වලට අනුව තමිල්නාඩු මහ ඇමැති තලපති විජේ යාපනයේ සංචාරයක නිරත වීමට කැමැත්ත ප්‍රකාශ කොට ඇති බව දැනගන්නට ඇත.
එම සංචාරයේදී උතුරු නැගෙනහිර වාසය කරන දමිළ ජනතාවගේ ප්‍රශ්න සහ උතුරු නැගෙනහිරට ලබාදිය යුතු දේශපාලන විසඳුම් සම්බන්ධයෙනුත්, පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙනුත් තලපති විජේ සාකච්ඡා කරනු ඇති බව වාර්තා වේ.
මීට පෙර මාධ්‍ය වාර්තා කොට තිබුණේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත කච්චතිව් දූපතේ මංගල්‍යයට සහභාගි වන ලෙසටද තලපති විජේ හට ලංකාවෙන් ආරාධනාවක් ලැබී ඇති බවකි.










