• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

චන්දරේගේ වයිෆ්ව අතහරින්න මට හිත දුන්නෙම නැහැ…! මට හොඳ මිලක් තියෙන්න ඕනේ…! හිතට වැදුණොත් ඒක රිජෙක්ට් කරන්නේ නැහැ…! හැමදාම ඕනේ වුණේ හොඳ දේවල්…! නදීෂා හේමමාලි I Sri Lanka Latest News

May 24, 2026
in Heart
Reading Time: 4 mins read
A A
චන්දරේගේ වයිෆ්ව අතහරින්න මට හිත දුන්නෙම නැහැ…! මට හොඳ මිලක් තියෙන්න ඕනේ…! හිතට වැදුණොත් ඒක රිජෙක්ට් කරන්නේ නැහැ…! හැමදාම ඕනේ වුණේ හොඳ දේවල්…! නදීෂා හේමමාලි I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘නදීෂා හේමමාලි කියන නිළියව මරාදාලා ඉපදුණු දරිද්‍රතාවෙන් පෙළෙන ‘ගංගා’ කියන ගැහැනිය, චන්දරේගේ වයිෆ් විදියට මහපොළොවෙ පයගහලා කරන සැබෑ රංගනයට ඕනෑම තරාතිරමක ගැහැනියකගේ හිත ගැස්සෙනවා. ඇඟ හිරිවැටෙනවා. ඇත්තටම කියනවා නම් එතැන ඉන්නේ නදීෂා නෙවෙයි, චන්දරේගේ වයිෆ්ම තමයි….’
මුහුණු පොතේ තිබුණු මේ වෙනස් විදියේ පෝස්ට් එක ඇහැ ගැහුණම චන්දරේගේ වයිෆ්ගේ හදවතට ඩිංගක් තට්ටු කරලා බලන්න හිතුණා. මේ පෝස්ට් එක විතරක් නෙවෙයි චන්දරේගේ වයිෆ් වෙනුවෙන්ම නිර්මාණය වුණු පෝස්ට් කිහිපයක්ම මේ දවස්වල සෝෂල් මීඩියාවල සංසරණය වෙනවා. ‘චන්දරේගේ වයිෆ්’ ඒ තරමට හිට් වෙලාද? ඔව්. ඈ ගැන හැමෝම කතාකරනවා. ඒ හින්දම අපටත් හිතුණා ඈ සමග කතා කරන්න.
Sri Lanka Latest News

ඉතින් කියන්න කොහොමද මං ඔබව අමතන්න ඕනෑ? නදීෂා කියන්නද? ‘චන්දරේගේ වයිෆ්’ කියන්නද?
කැමැති විදියකට කතා කරන්න. මට ඔය කොයිකත් එකයි. හැබැයි මේ දවස්වල නම් හැමෝම ‘චන්දරේගේ වයිෆ්’ කියලා තමයි කතා කරන්නේ.
මේ දවස්වල හුඟක් කාර්යබහුලව ඉන්නේ ‘චන්දරේගේ වයිෆ්’ නිසයි?
ඔව්. චිත්‍රපටයේ ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් මගේ උපරිම සහාය දෙනවා. ඒ අතරම චිත්‍රපට කිහිපයකම වැඩත් පසුගිය දවස්වල අවසන් වුණු නිසා ඒ වෙනුවෙන් කාලය මිඩංගු කරලයි තිබුණේ.
තව චිත්‍රපට කිහිපයක් කිව්වේ?
කිහිපයක්ය කිව්වේ අලුත් චිත්‍රපට පහකටම ගිවිසුම් අස්සන් කරලයි තිබුණේ. පසුගිය කාලයම ගෙවුණේ ඒවායේ ෂූටින්වලටයි.
දිගු නිහැඬියාවකින් පසුව ඔබ ආයෙම කලා කටයුතු අතර අවිවේකී වෙලා?
හොඳ නිර්මාණයකට ආරාධනා ලැබුණොත් මම එය භාරගන්නවා තිර පිටපත හිතට වැදුණොත්. මතක හිටින යමක් ප්‍රේක්ෂකයා වෙනුවෙන් කරන්න පුළුවන් නම් මම එය රිජෙක්ට් කරන්නේ නැහැ.

බොහෝ කාලයක් නිහඬව හිටියේ එහෙම නිර්මාණයක් නොලැබුණු නිසාද?
ඔව් කියන උත්තරය තමයි ඒකට කෙටියෙන්ම දෙන්න වෙන්නේ.
ටෙලි කලාවෙන් ඈත් වෙලා ඔබ සිනමාවට සින්න වුණා වගෙයි?
නැහැ. හොඳ ටෙලි ඩ්‍රාමා එකකට ආරාධනා ආවොත් අනිවාර්යයෙන් මම ටෙලිනාට්‍යවලටත් දායකත්වය දෙනවා.
ඒ කියන්නේ ඔබ බොහෝ නිර්මාණ රිජෙක්ට් කරනවා?
බොහෝවිට. සෑහෙන අවස්ථාවන් තියෙනවා එහෙම රිජෙක්ට් කරපු.
ඒවාට හේතු දක්වන්න පුළුවන්ද?
මම මෙහෙම කියන්නම්. සීමාවක් ඇතිව චරිත තෝරාගැනීම මගේ රංගන කලාව තුළ එදා ඉඳන්ම තිබුණු නිර්ණායකයක්. ඊට අමතරව තියන කාරණා අතර ඒ ඒ නිර්මාණයන්ට දෙන්නට කාලය තියෙනවද කියන එක ගැන හිතනවා. මටයි කියලා මිලක් තිබිය යුතු නිසා ඒ ගැන හිතනවා. චරිතයෙහි ස්වභාවය ගැනද එහිදී හිතන්නට වෙනවා. ඒ නිසා බොහොම සුහදව ඇතැම් නිර්මාණ ප්‍රතික්ෂේප කරන්න වෙනවා.
‘චන්දරේගේ වයිෆ්’ ගැන කතා කරමු අපි?
මම සූදානම්. ඒ ගැන හැමෝම කතාකරනවා. සමාජ මාධ්‍ය පුරාම ‘චන්දරේගේ වයිෆ්’ ලොකු ඉමේජ් එකක් වෙලා. ඇත්තටම සතුටුයි.
දිගු නිහැඬියාවකට පසුවයි ඔබ මේ පෙරළිය කරන්නේ?
ඔව්. ප්‍රසන්න ජයකොඩි මහත්තයගෙ ආරාධනාවකටයි ආවේ. මීට කලින් කිහිප වතාවක්ම ඔහුගේ සිනමා නිර්මාණ සඳහා මට ආරාධනා ආවත් මට ඊට සම්බන්ධ වෙන්න බැරි වුණා. ඒත් ‘චන්දරේගේ වයිෆ්’ව අතහරින්න මට පොඩ්ඩක්වත් හිත දුන්නේ නැහැ. අනෙක ප්‍රසන්න ජයකොඩි කියන්නේ අමුතුම කලාවක් අනුව සිනමා නිර්මාණයන්හි නැයැළෙන වෙනස් ඇහැක් තියෙන ප්‍රවීණ සම්මානනීය නිර්මාණකරුවෙක්. ඔහු වැනි අයකු සමග කටයුතු කරන්න ලැබීම භාග්‍යයක්.
‘චන්දරේගේ වයිෆ්’ව අතහරින්න හිතුණේ නැති හේතුව?
පෞද්ගලිකවම තිරපිටපත බලද්දි ‘ගංගා’ කියන ධෛර්යවන්ත ගැහැනිය ගැන, සෙනෙහෙබර තිදරු මව ගැන මට හරි ලෝභ හිතුණා. ඒ වගේම චිත්‍රපටයේ සංගීතය, චරිත නිරූපණයන්වල ස්වභාවය, එහි එන ඉතා සරල සිදුවීම්, පීඩිත පන්තියේ සැබෑ චරිත මගේ හිතට තදින් කාවැදුණා. අන්න ඒ නිසාම මම ඇයට තදින් ඇලුම් කරන්න ගත්තා.
චිත්‍රපටයේ තේමාව ගැන ඔබ හැම තැනකදිම කතාකරලා තිබුණා?
මම හුඟක්ම ආසා වුණේ ඒ තේමාවට තමයි. මේක චන්දරේගේ සහ චන්දරේගේ වයිෆ්ගේ කතාව විතරක් නෙවෙයි. ඇගේ දරුවන් තුන්දෙනාගේ කතාව විතරක් නෙවෙයි. මේක හැම අම්මා කෙනකුගේම තාත්තා කෙනකුගේම දරුවකුගේම කතාව වෙන්න පුළුවන්. හැම ගැහැනියකවම ‘චන්දරේගේ වයිෆ්’ තුළින් නියෝජනය වෙනවා. අපේ රටේ බොහොමයක් ගැහැනුන් මැදිව සිටින අරගලයට තමයි ‘ගංගා’ කියන ගැහැනිය මැදිවෙලා ඉන්නේ.
‘චන්දරේගේ වයිෆ්’ට නදීෂා හේමමාලි සාධාරණයක් කළා කියලා හිතනවද?
මට පුළුවන් උපරිමය ඉතා සියුම්ව ඉටුකළා. එය කෙතරම් නම් අපූරුදැයි තීරණය කිරීම ප්‍රේක්ෂකයන්ට භාරයි.
ප්‍රතිචාර ඉතා අසීමිතයි සහ සතුටුදායකයි කියලයි ආරංචිය?
සත්තකින්ම. මම සතුටු වෙනවා ‘චන්දරේගේ වයිෆ්’ විදියට සිනමාවට එන්න ලැබීම ගැන.
නදීෂා හේමමාලි කියන නිළියව මරා ‘චන්දරේගේ වයිෆ්’ ඉපදුණු බවයි ප්‍රේක්ෂකයන් කියන්නේ?
ඔව්. මම මට ලැබෙන කිසිම චරිත නිරූපණයකදි නදීෂා හේමමාලිව කවදාවත් ඉස්මතු කළේ නැහැ. හැම මොහොතකදිම වුණේ මා තුළ සිටින නිළිය යටපත්වී චරිත නිරූපණය ඉස්මතු වීමයි.
අභියෝගාත්මක චරිත නිරූපණයට ඔබ හරිම ලෝභයි?
අනිවාර්යයෙන්ම මම හැමදාමත් මනාප පෙරළිකාර චරිත නිරූපණයකටයි. එයින් මා ලබන ආත්ම තෘප්තිය අතිවිශාලයි.
නිළියක වීමේ සිහිනය සැබෑ කරගන්නා විට හිතුවද ඔබ මේ විදියට කතාබහට ලක්වෙයි කියලා?
ඔව්. මම හැමදාමත් වාගේ හඹාගියේ හොඳ දේවල් පසුපසයි. මම මගේ ඉලක්කය ජයගත්තා. රංගනයට ඇවිදින් අවුරුදු 24ක් රඟපෑවේ සීමිත නිර්මාණ ගණනකයි හැබැයි. ඒ සුළු චරිත රංගනය හරහා ප්‍රේක්ෂකයන් මාව මතක තබාගත්තා. ඒ මතකය මට හුඟක් වටිනවා.
රූපවාහිනී චැට් ෂෝවලට ඔබ සහභාගි නොවන හේතුව?
චැට් සෝ එකකට ඇවිදින් නිකන් පෙනීසිටින්න මම කැමැති නැහැ. ආවොත් එන්නේ යමක් කතාකරන්න තියෙනවා නම් පමණයි.
අද ඔබට කතාකරන්න ‘චන්දරේගේ වයිෆ්’ ඉන්නවා?
ඔව්. ආරාධනාවක් ආවොත් මම යනවා ඈ ගැන කතාකරන්න. ඒක මම මා රඟපෑ සිනමා පටයට කළ යුතු සාධාරණයක්.
තව කියන්න යමක් තියෙනවද ඔබට?
ගරාවැටෙමින් තිබූ සිනමාව යළි යම් තැනකට ගේන්න වෑයම් කරන බවක් අපි දකිනවා. කලා ශිල්පීන් ලෙස අපි වාගෙම චිත්‍රපට නරඹන්නට සිනමා ශාලාවලට එන ප්‍රේක්ෂකයන්ගෙනුත් එයට අවැසි සහාය මෙලෙස ලැබීම ගැන සතුටට පත්වෙනවා. ඒ වගේම ‘චන්දරේගේ වයිෆ්’ චරිතය මොන තරම් නම් සාර්ථකද, ඒ සාර්ථකත්වයෙහි ගෞරවය මට විතරක් නෙවෙයි, එයට දායකත්වය දැක්වූ හැමෝටම, මට ඒ සඳහා සහාය දැක්වූ හැමෝටම ලැබෙන්න ඕනෙ.

මල්මි කෞෂල්‍යා

SendShareShare
Previous Post

ආණ්ඩුව කරන්නේ මාලිමාවෙන්ද-පැලවත්තෙන්ද? මාලිමාවේ ඇමැති කියනවා පළාත් සභා මේ අවුරුද්දේ තියනවා කියලා! ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් යාපනයටම ගිහින් කියනවා මේ අවුරුද්දේ පළාත් සභා නෑ කියලා..! ලබන අවුරුද්දෙත් තියන්න වෙන්නේ වෙන ප්‍රශ්න මොනවත් ආවෙ නැත්නම්ලු! VIDEO I Sri Lanka Latest News

Next Post

නුවරඑළියේ කෝටි 1000ක් වටින අකුණු සන්නායකය අතුරුදන් වීම අලුත් පැත්තකට යයිද? ඇමැති නලින්දට ආපු ලියුම මොකද්ද? මාලිමාවේ මන්ත්‍රීවරු පස්දෙනා සද්ද නැතිව ඉන්නේ ඇයි? PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News
Exclusive

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

කොටගල ප්‍රා.සභා මන්ත්‍රීට මාලිමාවේ පිරිසක් පහරදී ඇති බවට චෝදනා. Sri Lanka Latest News

Read more
ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!

බීලත් හමාරයි! විස්කි බ්‍රැන්ඩි 100කින් නගී! අරක්කු 20කින් නගී! I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.