• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මල් වානා… ත්‍රිල් ඕනා…! Sri Lanka Latest News

May 24, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
මල් වානා… ත්‍රිල් ඕනා…! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මොකක්ද මේ මල්වානේ ගෙදර සහ එම ගෙදරට සරසවි සිසුන් කඩාපැනීමේ නාඩගම? ඒ ගැන ඔබට කියන්නයි සූදානම් වෙන්නේ. Sri Lanka Latest News
2015 වසරේ ලංකාවේ විශාල ආන්දෝලනයකට ලක්වෙච්ච නිවසක් පිළිබඳ කතාවක් එළියට එනවා. දොම්පේ මල්වාන කියන ප්‍රදේශයේ කැලණි ගඟ ආසන්නයේ අක්කර 16ක විතර විශාල නිවසක් හම්බවෙනවා. එහි තියෙනවා තටාකයක්, සත්ව ගොවිපළක්. මේක හරිම සුඛෝපභෝගී නිවසක්. රජයේ පොදු මුදල් අවභාවිත කරමින් මෙම දේපළ මිලදීගෙන ඇති බවට කතාවක් රටේ පැතිරෙන්න පටන් ගන්නවා. එවක ආර්ථික සංවර්ධන අමාත්‍යවරයාව හිටපු බැසිල් රාජපක්ෂ මහත්තයාට මෙම නිවස හිමි බව විටක කියවෙනවා, ඒ වගේම ව්‍යාපාරික තිරුකුමාර් නඩේෂන් මහත්තයාගෙ නමත් මේකත් එක්ක සම්බන්ධ වෙනවා. ඔවුන්ගේ තියෙන නෑදෑකමොත් එක්ක මේ කතාව පැටලෙනවා. අවසානයේදී මේ නිවස අයිතිකරුවෙක් නැති නිවසක් බවට පත්වෙනවා.

මේ නඩු විභාගය අතරතුරේදී අපිට දැනගන්න තියෙන විදිහට බැසිල් රාජපක්ෂ මහත්තයා තමන්ගේ නීතිඥයන් මාර්ගයෙන් අධිකරණයට දන්වලා තියෙනවා එහෙම කිසිම දේපළක් තමන්ට හිමි නෑ කියලා. එහි ලියාපදිංචි හිමිකරුවා විදිහට සඳහන් වෙන්නේ වාස්තු විද්‍යාඥ මුදිත ජයකොඩි කියන නමක් බව තමයි අපිට අතීත වාර්තා පරීක්ෂා කරද්දි දැනගන්න හම්බවුණේ. 2016 වසරේදී පූගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නිවස සහ ඉඩම ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා එම මුදල් අධිකරණයට භාරදෙන ලෙස නියෝගයක් නිකුත් කරපු බව මේ වාර්තා පරීක්ෂා කරද්දී අපිට දැනගන්න ලැබුණා.

වසර හතක් පුරා පැවැති දීර්ඝ නඩු විභාගයකින් පස්සේ පැමිණිල්ල විසින් චෝදනාව සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට අපොහොසත් වීම සහ ප්‍රධාන සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශයන්හි පරස්පරතා හේතුවෙන් 2022 ජුනි මස 03 වැනිදා ගම්පහ මහාධිකරණය බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාර් නඩේෂන් යන අයව නිදොස් කොට නිදහස් කරනවා මේ නඩුව සම්බන්ධයෙන් බවට අපිට වාර්තා හම්බවුණා.

2022 වසරේදී ලංකාවේ තිබිච්ච අරගලය අවස්ථාවේදී උද්ඝෝෂකයන් විසින් මේ මල්වාන නිවසට ගිනි තියලා අර්ධ වශයෙන් නිවසට හානි කරනවා. නිවස යම් තරමකට විනාශ වෙලා යනවා. නිවසේ තිබුණු තත්ත්වය ගොඩක් පහළට වැටෙනවා. මෙම නිවසට කිසිදු පාර්ශ්වයන් නීත්‍යානුකූලව හිමිකාරීත්වය ඉල්ලා නොගැනීම නිසා අක්කර 15ක පමණ භූමිය සහ දේපළ අධිකරණ අමාත්‍යාංශය හරහා රජයට පවරා ගත්තා කියලා පසු අපිට දැනගන්න ලැබුණා. එහෙම රජයට පවරා ගන්නේ විනිසුරුවන් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස අධිකරණ අමාත්‍යාංශය මගින් මෙම ස්ථානය පවත්වාගෙන යන්නට කියලා.

කෙසේ වෙතත් 2026 මැයි මාසේ 14 වැනිදා හදිසියේම මේ නිවස පිළිබඳ කතාව යළිත් කරළියට එනවා. ඒ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ යැයි කියාගත් සිසුන් පිරිසක් විසින් මෙම නිවසට අනවසරයෙන් ඇතුළු වෙලා එහි හිමිකාරීත්වය විශ්වවිද්‍යාලයට ලබාදෙන්න, නැත්නම් විශ්වවිද්‍යාල නේවාසිකාගාර සඳහා ලබාදෙන්න කියලා කරපු ඉල්ලීමත් එක්ක. මහජන මුදලින් ඉදිකිරීම, ඒ වගේම දැනට හිමිකරුවෙක් නොමැති වීම, විශාල පහසුකම් සහිත ස්ථානයක් වීම වගේ දේවල් නිසා මේ පිළිබඳ ඔවුන් තමන්ට හිමිකාරීත්වය ඉල්ලනවා.

නමුත් රජයේ දේපළකට අනවසරයෙන් ඇතුළු වීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරයා විසින් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තියෙනවා කියලත් අපිට දැනගන්න ලැබුණා. මෙවැනි නිවසක් මෙවැනි දේපළක් හිමිකරු හිටියා හෝ නොහිටියා එහි කුමන හෝ ආකාරයකට හිමිකරුවෙක් ඉන්නවා නම්, රාජ්‍ය මට්ටමේ හිමිකරුවෙක් හරි ඉන්නවා නම් එහෙම ඇතුළු වෙන්න පුළුවන්කමක් තියෙනවද කියන ප්‍රශ්නයත් තියෙනවා. මල්වානේ නිවසේ මේ අය රාත්‍රිය ගතකළා දවස් කීපයක්ම.

අවසාන වශයෙන් අධ්‍යාපන අමාත්‍යවරියත් සමග කරපු සාකච්ඡාවලින් පස්සේ මේ කතන්දරය නැත්නම් මේ නාට්‍යය යම් තරමකට නිමාවුණා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙම නාට්‍ය පෙන්වන්න මිනිස්සුන්ට පුළුවන්ද පොදු දේපළත් එක්ක කියලා. මෙහි තවත් කොටසක් විදිහට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ යැයි කියාගත් කණ්ඩායමක් ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා කියනවා ‘මේ අපි නෙමෙයි, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය තමයි අපි, මේ අන්තරේ නෙමෙයි’ කියලා. ඒත් එක්කම මේ අන්තරේ කතාව ඇතුළේ ‘නව අන්තරේ’ කියලා නමක් කරළියට එනවා. එතකොට මේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය නෙමෙයි මේක නව අන්තරේ කියලා කියනවා. ඉතින් මෙවැනි කතන්දර විවිධ නාට්‍ය විවිධ ජවනිකා ඉදිරිපත් වෙමින් තියෙනවා.

ඇත්තටම අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය කියලා කිව්වේ ඉස්සර බොහොම සරුසාර ආයතනයක්. ඔවුන් ඉතාම දක්ෂයි, ඔවුන් විනයගරුකයි. ඔවුන්ගේ ශිෂ්‍ය දේශපාලනය ලංකාවේ දේශපාලනය හා සමාන මට්ටමක තිබුණා. ඔවුන්ට ශිෂ්‍ය දේශපාලකයෝ විදිහට ලංකාවේ මහා දේශපාලනය හොල්ලන්න පුළුවන්කම තිබුණා. 5,000ක් 10,000ක් අරන් ඇවිල්ලා කොළඹ වටකරන බලය ශිෂ්‍ය දේශපාලනය සතුව තිබුණා. ඒ නිසාම ශිෂ්‍ය දේශපාලනයට අපේ රටේ ලොකු ඉඩක් වෙන්වෙලා තිබුණා. අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාලා පවා මේ ශිෂ්‍ය දේශපාලනයෙන් ඉපදිච්ච අය. ඔවුන් කැලණියේ ශිෂ්‍ය දේශපාලනය කරපු අය.

ශිෂ්‍ය දේශපාලකයෝ කියන්නේ පිස්සෝ පිහාට්ටෝ නෙමෙයි. ඔවුන් කලා කෘති රස විඳින, සංස්කෘතික අවකාශ තුළ ජීවත් වෙන, විවිධ දේශපාලන කියවීම් සහිත උගත් බුද්ධිමත් සහ දක්ෂ තරුණයන්. රජයක් ඔවුන්ට බය වුණා හැම වෙලාවකම. රජය විසින් ඔවුන් මර්දනය කළා. ඔවුන් නිරන්තරයෙන්ම රජයක් තිගස්වන්නට පුළුවන් තරම් විශිෂ්ටයන් බවට පත්වෙලා හිටියා. නමුත් අවාසනාවකට දැන් මේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය හෝ එවැනි ආයතනයක් ලෙස පෙනීසිටින මේ කණ්ඩායම හරියට විහිළු සපයන්නන් බවට පත්වෙලා තියෙනවා. අනුන්ගේ නිවාසවලට බලෙන් ගිහිල්ලා ඒවා අත්පත් කරගන්න දඟලන විහිළු සපයන්නන්ගේ චරිත තමයි මේ අය නිරූපණය කරන්නේ.
ඔවුන් ඉල්ලා හිටියේ මල්වාන නිවස කැලණි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය නේවාසිකාගාරයක් විදිහට පවත්වාගෙන යන්න කියලා තමයි අපි විශ්වාස කරන්නේ. ඉතින් එවැනි යෝජනා පවා ප්‍රායෝගිකද කියලා අපිට කල්පනා කරන්න සිද්ධ වෙනවා. හේතුව ඔවුන්ට නේවාසිකාගාර පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා වෙන්න පුළුවන්. ඒ ගැන අපේ කිසිම තර්කයක් නැහැ. නමුත් කැලණි විශ්වවිද්‍යාලයේ ඉඳලා මල්වානට තියෙනවා කිලෝමීටර් 43ක්. සාමාන්‍ය යතුරුපැදියක යනවා නම් ඒ ගමන යන්න පැයයි මිනිත්තු 08ක් ගතවෙනවා. ඇත්තටම බස් එකක යනවා නම් මේක තවත් විශාල කාලයක් බවට පත්වෙනවා. සාමාන්‍යයෙන් කාර් එකක යන්නත් පැයයි විනාඩි දෙකක් විතර යනවා දවල් කාලයක. එවැනි තැනක ශිෂ්‍ය නේවාසිකාගාරයක් හදලා වැඩක් තියෙනවද කියන එක සම්බන්ධව අපිට ප්‍රශ්නයක් තියෙනවා.

මොකද ලංකාවේ ශිෂ්‍ය නේවාසිකාගාර හදන්නේ විශ්වවිද්‍යාල ආසන්නයේ, විශ්වවිද්‍යාල ශිෂ්‍යයාට පහසුවෙන් යන්න පුළුවන් විදිහට. ඇත්තටම මේ විදිහට හදපුවාම සමහර ශිෂ්‍යයින්ට තමන්ගේ ගමේ ඉඳන් එන එක ලේසියි විශ්වවිද්‍යාලයට. මොකද යතුරුපැදියකින් එන්න ඔච්චර පැය ගාණක් ගතවෙනවා නම්, මොකද කිලෝමීටර් 43ක දුරක් තමයි තියෙන්නේ. කැලණි විශ්වවිද්‍යාලයේ ඉඳලා කිලෝමීටර් 43ක දුරක් කියන්නේ සැලකිය යුතු දුරක්. මොකද කැලණි විශ්වවිද්‍යාලය තියෙන්නේ ප්‍රධාන පාර අසල. ඒ නිසා කිලෝමීටර් 43ක් දුර ඉන්න කෙනෙකුට විශ්වවිද්‍යාලයට එන්න සෑහෙන කාලයක් ගතවෙනවා. මම දන්න තරමට නිවැරදි නම් විශ්වවිද්‍යාලයේ කිලෝමීටර් 70ක සීමාවේ ඉන්න අයට හොස්ටල් පවා හම්බ වෙනවා. ඒ නිසා මෙවැනි විකාර වැඩ ජුගුප්සාජනකයි සහ ඉතාම විහිළුසහගතයි කියලා තමයි අපිට හිතෙන්නේ.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

අනුරට ඉල්ලා අස්වීම් පෝලිමක්! ආණ්ඩුකාරවරයා ඉල්ලා අස්වුණා! රටම ආදරය කරන තානාපති මහින්ද සමරසිංහ ඉල්ලා අස්වෙනවා! ජනාධිපති ලේකම් ගැනත් ලොකු හාහූවක් යනවා! මහබැංකු අධිපතිත් යන්න වගේ හදන්නේ? රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

Next Post

UNP එකේ ඡන්ද පදනමක් නැති දෙතුන් දෙනෙක් සජබ-එජාප සමගිය කඩන්න තාමත් ගේම් ගැහුවට UNP ජනප්‍රිය තරුණ නායකයන් දැනටමත් සජබය එක්ක එකතු වෙලා අවසන්! විපක්ෂනායක සජිත් අද ගිය කුලියාපිටි රැස්වීමට එජාප උපනායක අකිලත් ඇවිත්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…
Exclusive

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

Load More
වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

අන්තර්ජාල ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් චීන ජාතිකයන් 19 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නිසි දින අධිකරණයට ඉදිරිපත් නොකර මුදා හැරීම සඳහා...

Read more
මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.