• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රුපියල්වලට මවු සෙනෙහස යට වුණාදෝ…! Sri Lanka Latest News

May 24, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
රුපියල්වලට මවු සෙනෙහස යට වුණාදෝ…! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ සිදුවීම ඇත්තෙන්ම හදවත කම්පාකරවන ඛේදවාචකයක්. දස මාසයක් කුසේ තියාගෙන ජීවිතේ ලස්සනම කාලය දරුවන් වෙනුවෙන් කැප කරපු අම්මා කෙනකුට මෙහෙම කරන්නේ මොන හිතකින්ද? අවසානයේ තමන් ආදරයෙන් උස් මහත් කළ දරුවා අතින්ම මෙවැනි අවාසනාවන්ත ඉරණමක් අත්වීම ඉතා ඛේදනීයයි. මේ අම්මා ජීවිතයේ බොහෝ කාලයක් දුක් විඳිමින් කඳුළු සඟවාගෙන තම දරුවන් දෙදෙනා වෙනුවෙන් ජීවිතයම කැපකළා. ඇගේ අත්දෙක මෘදු වුණේ නැහැ. ඒ අත්දෙක පිටරට වැඩකරලා රළු වෙලා තිබුණේ. නමුත් ඒ අත්වල තිබුණේ මේ ලෝකයේ උණුසුම්ම සෙනෙහසයි.Sri Lanka Latest News

දරුවන්ට කන්න දෙන්න ඇය තමන්ගේ කුසගින්න අමතක කරන්න ඇති. දරුවන්ට ලස්සනට අන්දන්න තමන් අලුත් ඇඳුම් ගත්තේ නැති වෙන්න ඇති. රෑ නින්දට යන්න කලින් ‘මගේ දරුවෝ හොඳින්ද’ කියන ප්‍රශ්නය හැමදාම ඇගේ හදවතේ තියෙන්න ඇති. දරුවන්ගේ අනාගතය ලස්සන කිරීම වෙනුවෙන් අවුරුදු ගානක් ඇය දුක් වින්දා. දරුවන් ලොකුමහත් වුණා. ජීවිත වෙනස් වුණා. සම්බන්ධකම් වෙනස් වුණා. මේක තමයි වර්තමානයේ බහුතරයක් ජීවිතවල අවසාන ඉරණම. ඒත් අම්මාගේ හදවත කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.

තම බාල දියණියගේ විවාහ ජීවිතය අසාර්ථක වුණාම ඒ අම්මාගේ හිතට දරාගන්න බැරි වේදනාවක් එන්න ඇති. හිතන්න ඇති ‘මගේ දුව හිනාවෙලා ආයේ ජීවත් වෙන්න ඕනේ’ කියලා. ඒ අම්මාගේ එකම පැතුම වෙන්න ඇත්තේ ඒක. ඒ නිසාම තමයි ඇය තමන් ජීවත් වෙන නිවසට ඇවිල්ලා දුවටයි දුවගේ අනියම් සැමියාටයි ජීවත් වෙන්න කියලා කිව්වේ.
නමුත් සිදුවුණේ කවුරුත් නොසිතුව දෙයක්. අම්මා විදෙස්ගත වෙලා හරිහම්බ කළ මුදල් සහ රන් භාණ්ඩ ලබාගැනීමේ චේතනාවෙන් මේ බාල දියණිය තම මව ඝාතනය කිරීමයි සිදුවුණේ. නමුත්, 65 හැවිරිදි තම මව නිදි යහනේදීම අසනීපයක් නිසා මියගොස් ඇති බව බාල දියණිය විසින් තිරප්පනේ පොලිසියට පැමිණිල්ලක් කරමින් කියා සිටියා.
මේ අවාසනාවන්ත ඛේදවාචකයට මුහුණ පා තිබුණේ පී. පද්මලතා නමැති 65 හැවිරිදි දෙදරු මවක්. ඇගේ බාල දියණිය සහ ඇගේ අනියම් සැමියා කියන පුද්ගලයා තිරප්පනේ ඇතුන්ගම පිහිටි මවගේ නිවසේ ඉතා කෙටි කලක් එකට ජීවත්වුණා. ඒ මවගේ ආරාධනාවෙනි. මුදල් ආරවුලක් මත මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව ඇති බවයි පොලිසිය අනාවරණ කළේ. මියගිය මව තම දරුවන් වෙනුවෙන් වසර 24කට ආසන්න කාලයක් විදෙස් රටක ගෘහ සේවය කළේ තම දරුවන්ට ලස්සන අනාගතයක් උදාකරදීමේ අදහසින්. ඇය තම බාල දියණියවද විදේශයට ගෙන්වා ගත්තේ ඇගේ අනාගතය සාර්ථක කර දීමේ අරමුණෙන්. ඒ අනුව බාල දියණියද වසර 14ක් විදේශගතව සිට ලංකාවට පැමිණ තිබුණා. මේ කාලය අතරතුර ඇගේ විවාහයද අසාර්ථක වී තිබූ අතර, පසුව මිතුරියකගේ මාර්ගයෙන් කුරුණෑගල ඉබ්බාගමුව ප්‍රදේශයේ තරුණයකු සමග ඇය අනියම් සම්බන්ධකමක් ඇතිකරගෙන තිබුණා. අනියම් සම්බන්ධකම පවත්වාගෙන ගිය එම තරුණයා හමුදා සේවයෙන් පලා ආ පුද්ගලයකු බවද පසුව අනාවරණ වී තිබුණා.

මේ බාල දියණිය ලංකාවට පැමිණ තිබුණේ මීට මාස 3කට පෙරයි. ඇය එසේ ලංකාවට පැමිණ ඇගේ පුංචි අම්මා ජීවත්වන වළගම්බාහුව පයින්ඩිකුලම පිහිටි නිවසේ තම අනියම් සැමියා සමග ජීවත්වන අතරතුර මේ මවට දුක සිතී තමාගේ නිවසට පැමිණ ජීවත් වෙන්නැයි දියණියට පවසා තිබුණා. ඒ අම්මා හිතුවේ මගේ දුව හිනාවෙලා ජීවත් වෙන්න ඕනේ කියලා. ඒ අම්මාගේ එකම පැතුම වෙන්න ඇති. නමුත් මේ දියණියගේ අදහස වී තිබුණේ වෙනස් කතාවක්. මවගේ මුදල් සහ රන් භාණ්ඩ සොරාගැනීම ඇගේ අපේක්ෂාව වී තිබුණා. ඇගේ ඒ තණ්හාව අම්මාගේ සෙනෙහසට වඩා වටිනා දෙයක් බවට පත්ව තිබුණා.

පසුගිය අප්‍රේල් 10 වැනිදා ඔවුන් දෙදෙනා මවගේ ආරාධනයෙන් තිරප්පනේ නිවසට පැමිණ ඇති අතර, තිදෙනාම එක නිවසේ කල් ගෙවන්නට වුණා. මේ අතර කාලයේ එම නිවස වටා තාප්පයක් සකසන්නට කටයුතු සිදුකර තිබුණා. මේ තාප්පය සැකසිමේදීද දියණියගේ අනියම් සැමියා එහි අත්උදව් කරන්නට වුණා. මේ අතරවාරයේදීද ඔවුන් අතර ආරවුල් හටගෙන තිබූ බව පරීක්ෂණවලදී හෙළිවී තිබුණා. එම ආරවුල් හේතුවෙන් පසුගිය මැයි 11 වැනිදා තම නිවසින් පිටවන ලෙස මව දියණියට සහ අනියම් සැමියාට දන්වා තිබෙනවා. ඒ අනුව මෙම පුද්ගලයා තම ගම වන ඉබ්බාගමුවට යන බව පවසා නිවසින් පිටව තිබුණා. නමුත් ඔහු ගොස් තිබුණේ ඔහුගේ බිරිඳගේ පුංචි අම්මාගේ නිවසටයි. පසුව දියණියද විදෙස් ගතවීමට ගමන් බලපත්‍රය සැකසීමට අවශ්‍ය බව මවට පවසමින් පුංචි අම්මාගේ නිවසටම ගොස් තිබුණා.

ඉන් අනතුරුව පසු දින රාත්‍රී 7ට පමණ මෙම යුවළ ත්‍රිරෝද රථයකින් පයින්ඩිකුලම සිට තිරප්පනේ නිවසට පැමිණ තිබුණේ මවගෙන් පළිගැනීමේ චේතනාවෙනි. ඒ වනවිට දියණියගේ අනියම් සැමියා අධික ලෙස මත්පැන් පානය කර සිට ඇත. ඒ අනුව දියණිය සහ ඇගේ අනියම් සැමියා කුමන්ත්‍රණය කර මව ඝාතනය කර ඇති බවයි මූලික පොලිස් විමර්ශනවලදී හෙළිව තිබුණේ. එසේ තම මව ඝාතනය කිරීමෙන් පසුව ඔවුන් දෙදෙනා බස් රථයකින් දඹුල්ල ප්‍රදේශයේ හෝටලයකට ගොස් ඇති බවද හෙළිව ඇත.
පසු දින මවට දුරකතන ඇමතුමක් දුන්නද එයට ඇය ප්‍රතිචාර නොදක්වන බව පවසමින් නිවසට පැමිණ ඒ පිළිබඳ සොයා බැලූ බවත්, එසේ සොයා බලද්දී මව අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇඳ මතම මියගොස් ඇති ආකාරය දුටු බවත් ඔවුන් පොලිසියට පැමිණිලි කරමින් පවසා තිබේ.

තිරප්පනේ පොලිස් ස්ථානාධිපති ටී.ඩී.එස්.කේ.පී. ජයතිලක මහතාගේ උපදෙස් අනුව කළ පරීක්ෂණවලදී පවුලේ ඥාතීන් ලබාදුන් තොරතුරු පරස්පර විරෝධී වීම හේතුවෙන් මෙම මරණය සැක සහිත බවට අනුරාධපුර අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමට පොලිසිය කටයුතු කර තිබුණා. පසුව නිවස අවට ආරක්ෂිත කැමරා පරීක්ෂා කිරීමටද ඔවුන් කටයුතු කර තිබුණා.

පසුගිය 15 වැනිදා මවගේ අවසන් කටයුතු තිරප්පනේ පොදු සුසාන භූමියේදී සිදුකෙරුණා. ඒ වනවිටත් මෙම මරණය ඝාතනයක් බව කිසිවකුත් දැන සිටියේ නැහැ. දියණිය ද තම මවගේ අවමඟුල අවස්ථාවේ කඳුළු සලමින් සිටීම නිසා ඇය කිසිවකුගේ සැකයට බඳුන් නොවුවත්, අවසාන මොහොතේ සත්‍ය හෙළිකර ගැනීමට පොලිසියට හැකියාව ලැබුණා.
මවගේ දේහය නිවසින් රැගෙන යන අවස්ථාවේම 32 හැවිරිදි බාල දියණිය සහ ඇගේ 25 හැවිරිදි අනියම් සැමියා සැකපිට අත්අඩංගුවට ගැනුණා. ඔවුන් ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර, පසුව කළ විමර්ශනවලදී හෙළිවුණේ මියගිය කාන්තාව සතුව තිබූ රුපියල් ලක්ෂ 10ක් හා රන් භාණ්ඩ ලබාගෙන ඔවුන් විදෙස් ගතවීමට සූදානම්ව සිටි බවයි. එම අරමුණෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට දියණිය හා අනියම් සැමියා පොලිසිය හමුවේ පාපෝච්චාරණය කළ බව තිරප්පනේ පොලිසිය අනාවරණය කළා.

අම්මා කියන්නේ මුදලින් මැනිය නොහැකි සෙනෙහසක්. තමන්ගේ කුසට කෑම නැති වුණත් තමන්ගේ දරුවන්ගේ කුසගින්න නිවන හදවතක් අම්මාට තියෙන්නේ. බොහෝ මවුපියන් තමන්ගේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් විදෙස් ගතවෙලා දහදුක් විඳින්නේ තමන් නොවිඳි සතුටක් දරුවන්ට ලබාදෙන්න. ඒ අම්මාත් අවුරුදු 24කට අධික කාලයක් වෙහෙසිලා උපයාගත් මුදලින් දරුවන්ගේ ජීවිත ලස්සන කරන්න උත්සාහ කළා. නමුත් අවසානයේ ඒ ආදරයෙන්ම ඇයට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවීම හරිම වේදනාකාරියි.
වර්තමාන සමාජයේ ගුණධර්ම, මනුෂ්‍යත්වය ටිකෙන් ටික වියැකෙමින් යන බවට මෙවැනි සිදුවීම් සාක්ෂි දරනවා. මුදල් ආශාව වැරදි සබඳතා කේන්තිය සහ ලෝභය මිනිස්සුන්ගේ හදවත් අන්ධ කරන තරමට වර්ධනය වෙලා. අම්මා තාත්තා කියන්නේ තමන්ගේ ජීවිතවල මුල්ම වීරයෝ. අපි පොඩි කාලේ අසනීප වුණාම අපේ ළඟ රෑ නිදි නැතිව දුක්විඳපු මිනිස්සු. දරුවන් කුඩා කාලයේ සිටම ගුණධර්ම කරුණාව මවුපියන්ට ගරුකිරීම වැනි ජීවිතයේ වටිනාකම් කියලා නොදුන්නොත් සමාජය මෙවැනි අඳුරු තැනකට යාම වැළැක්විය නොහැකියි. හැම දරුවෙක්ම නරක නැහැ. අදත් මවුපියන් පණ වගේ රැකබලා ගන්නා දරුවෝ මේ මිහිපිට ඉන්නවා. ඒ නිසාම තරුණ පරපුර මෙයින් පාඩමක් ඉගෙනගත යුතුයි. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ජීවත් වෙලා ඉන්නකොට ඔවුන්ගේ වටිනාකම තේරුම් ගන්න. අම්මා තාත්තා නැති දවසක ලෝකය පුරාම මිනිස්සු හිටියත් පුතේ… දුවේ… කියලා ආදරයෙන් කතා කරන හඬ ආයේ කවදාවත් අහන්න ලැබෙන්නේ නැහැ.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

අවුරුදු 13ක් කොටි පාලනයේ තිබූ තොප්පිගල මුදාගත් විජයග්‍රාහී මෙහෙයුම! Sri Lanka Latest News

Next Post

ලංකාව ගැන 7 වැනි සියවසේදී චීන හාමුදුරුවෝ ලියපු අරුම පුදුම තොරතුරු! Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.