කැකිරාවේ පිහිටි රජයේ තානායම තුළ අද උදෑසන පිපුරුමක් සිදුව ඇත.
මෙම පිපුරුම සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට රජයේ රස පරීක්ෂක කැදවන බව කැකිරාව පොලීසිය සඳහන් කරයි.Sri Lanka Latest News
මුළුතැන් ගෙයි ගෑස් ටැංකියක් පුපුරා ඇතැයි සැකකරන බ ව පොලිස් මාධ්‍ය ප්‍රකාශක උදය කුමාර වුඩ්ලර් පවසයි.
ගිනි ගැනීමක් සිදුව නැති බවත් වහලයට හානි වී ඇති බවත් පොලීසිය සඳහන් කරයි. මෙම පිපුරුමෙන් එක් අයෙක් තුවාල ලබා ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.










