ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර සන්නද්ධ ගැටුම අවසන් වී වසර 17ක් සම්පූර්ණ ළුූ අවස්ථාවේ සෑම වසරකම මෙන්ම, මෙවරත් මුල්ලිවයික්කාල් ප්‍රදේශයට දහස් ගණනින් එක්වූ වූ දෙමළ ජනතාව, යුද්ධයේදී හා එහි අවසන් අදියරේදී ජීවිත අහිමි වූවන් සිහිපත් කිරීමටත්, ඔවුන් විඳි දැඩි වේදනාව හා පීඩනය පිළිබඳ සාක්ෂි දරමින් ගෞරව දැක්වීමටත් කටයුතු කළහ.Sri Lanka Latest News
මෙම අනුස්මරණය මගින්, යුද්ධ සමයේ සිදුවූ බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පරීක්ෂණ මගින් ලේඛනගත කර ඇති ජාත්‍යන්තර මානව හිමිකම් සහ මානුෂීය නීති උල්ලංඝන පිළිබඳ විශ්වාසනීය චෝදනා සම්බන්ධයෙන් සත්‍ය අනාවරණය, යුක්තිය හා වන්දි ලබාදීම සඳහා තවදුරටත් පවතින හදිසි අවශ්‍යතාවය අවධාරණය කර තිබේ.
සම්පූර්ණ, අපක්ෂපාතී සහ විශ්වාසනීය විමර්ශන දේශීය යාන්ත්‍රණ මගින් සිදුකරන බවට දේශීය හා ජාත්‍යන්තර වශයෙන් නැවත නැවතත් ප්‍රතිඥා ලබාදී තිබුණද, වත්මන් ආණ්ඩුව ඇතුළු අඛණ්ඩව බලයට පැමිණි ආණ්ඩු ඒවා ඉටු කිරීමට අපොහොසත් වී ඇත.
මෙම ගැඹුරු දඬුවම් රහිතභාවය යුක්තිය, සංහිඳියාව සහ ස්ථාවර සාමයක් සඳහා ඇති අවස්ථා දුර්වල කරමින්, ජාත්‍යන්තර නීතිය යටතේ ශ්‍රී ලංකාවට ඇති වගකීම් ඉටු කිරීම සඳහා නව, ක්‍රියාකාරී පියවරයන්ගේ හදිසි අවශ්‍යතාවය පෙන්වා දෙයි.
ගැටුම් බලපෑමට ලක්වූ ප්‍රදේශවල ජනතාව සමඟ පැවති සංවාදවලදී, දෙමළ ප්‍රජාව නැවතත් අවධාරණය කර ඇත්තේ, දශක ගණනාවක් පුරා පවතින අසාධාරණතා සඳහා සාධාරණ විසඳුම් සහ අතීත අපරාධ සම්බන්ධයෙන් වගවීමක් නොමැති තත්ත්වයකදී, රජය සමඟ අර්ථවත් සම්බන්ධතාවයක් ගොඩනැගීම අපහසු බවයි.
අම්නස්ටි ඉන්ටර්නැෂනල් දකුණු ආසියා කලාපීය කාර්යාලය, ඔවුන්ගේ යුක්තිය සඳහා වන අරගලයට සහාය පළ කරයි


























