• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුර යාපනේ ගිහින් ජොගින් ගියේ කොහොමද? යුද ජයග්‍රහණයට අවුරුදු 17 පිරෙද්දී නාමල් රණවිරු ගම්මානයට ගිහින් කියපු කතාව! I Sri Lanka Latest News

May 18, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
අනුර යාපනේ ගිහින් ජොගින් ගියේ කොහොමද? යුද ජයග්‍රහණයට අවුරුදු 17 පිරෙද්දී නාමල් රණවිරු ගම්මානයට ගිහින් කියපු කතාව! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රණවිරුවො යුද්ධෙ ඉවර නොකලා නම් වර්තමාන ජනාධිපතිවරයාට යාපනයට යන්න නෙවෙයි අපේ හාමුදුරුවනේ ප්‍රභාකරන්ගෙන් අහල අවසර අරගෙන තමයි ජොගින් යන්න වෙන්නේ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය ඔහු මේ බව ප්‍රකාශ කලේ 2026.05.17 අවිස්සාවේල්ල රණවිරු ගම්මානයේ පැවති රණවිරු සැමරුමකට සහභාගීවී ජනතාව අමතමිනි.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතාSri Lanka Latest News

අද අපි දකිනවා යුද්ධය අවසන්. යුද්ධය අවසන් උනාට බෙදුම්වාදීී ආකල්ප නැතුව යුද්ධය අවසන් කරන නායකත්වය දීපු අයගෙන් කරන පලිගැනීම අවසන් නෑ.කණගාටුවට කාරණය ඒක.අවාසනාවන්ත කාරණය ඒක. අද ඔබ මම දහ අට වෙනිදා නිදහස සමරනවා වගේම අද ඔබ මට නිදහස සමරන්න දායකත්වය දීපු රණවිරුවෝ දහස් ගණනක් තවම ආබාධිතව ජීවත් වෙනවා.ඒ වගේම ඒකට නායකත්වය දීපු නිලධාරීන් අදටත් හිරබත් කනවා.බුද්ධි අංශ නිලධාරීන් හිරබත් කනවා.ආණ්ඩුවේ උවමනාව එල්ටීටී ත්‍රස්තවාදීන්ගේ උවමනාව ඉෂ්ඨකරන්න ආණ්ඩුව මැදිහත්වෙමින් සිටිනවා. අදටත් කණගාටුවට කාරණය ඒක.හිටපු නාවික හමුදාපතිවරයා උළුගේතැන්න මහත්තයා මේ ආණ්ඩුව ආපු ගමන් ගිහිල්ල දැම්මා ඇතුලට බොරු චෝදනා දාලා සුරේෂ් සලේ බුද්ධි අංශ ප්‍රධානියා අදටත් හිරගෙදර.පාස්කු ඉරිදා ප්‍රහාරය ෆයිල් එක යට ගහපු අයට අද ප්‍රමෝෂන් මේ රටේ වැඩ නොකර බොරු කිව්වොත් ෆයිල් යට ගැහුවොත් ප්‍රමෝෂන්.වැඩ කරොත් හොරෙක් බවට පත්වෙලා හිරේ යන්න වෙනවා.ඒක තමයි ජේවීපී න්‍යාය පත්‍රය.

බුද්ධි අංශ නිලධාරීන්ගේ කැපවීම ඔවුන්ගේ තරුණ විය රට ජාතිය වෙනුවෙන් කැප කරලා ජීවිත පරදුවට තියලා සේවය කරේ.ඒ තොරතුර මත තමයි රණවිරුවට සටන් කරන්න පුළුවන් සැලැස්ම හදන්න පුළුවන් වාතාවරණය හැදුනේ.ඒ සියල්ල පැත්තකට දාලා අද දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව ඔවුන්ව සිර ගෙවල්වලට ගිහින් දාල තියෙන්නෙ.තවමත් සමහර උදවිය එල්.ටී.ටී.ඊ ඩයස්පෝරාව අපි එල්ටීටීඊ ඩයස්පෝරාවටත් කියන්නේ අපි යුද්ධ කරේ දෙමළ ජනතාව එක්ක නෙවෙයි. එල්ටීටීඊ එකත් එක්ක.අපිට තියෙන ප්‍රශ්නෙ දෙමළ මිනිස්සු එක්ක නෙමෙයි.අපි දැන් මිනිස්සු එක්ක සහයෝගයෙන් සහෝදරත්වයෙන් එකට වැඩ කරනවා.අපේ නෑදෑයෝ ඥාති ඉන්නවා දමිල අය හැබැයි අපිට එල්ටීටීඊ එකත් එක්ක ප්‍රශ්නයක් තිබ්බා.ලෝකයේ තහනම් ත්‍රස්තවාදී සංවිධානයක් ඒ ලෝකයේ තහනම් කරපු ත්‍රස්තවාදී සංවිධානය ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා ඝාතනය කරපු අපේ රටේ නායක නායිකාවෝ ඝාතනය කරපු අහිංසක කිරිසප්පයෝ මරපු මේ රටේ බෙදුම්වාදයේ වපුරලා වෙනම රාජ්‍යයක් ස්ථාපනය කරන්න ගිහිපු එල්ටීටීඊ ත්‍රස්තවාදය එක්ක අපි සටන් කෙරුවා.අපි ඔහොම පරාජය කරා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ.ඒ වාඩුව ගන්න ඒ අය තවමත් මාන බලනවා කියන එක අපි මතක් කරන්න ඕනේ.

හැබැයි අපි රණවිරුවන්ට කියන්නේ ජීවිතය පූජා කරපු රණවිරුවන්ගේ බිරින්දෑවරුන් මෙතන ඉන්නවා ජීවිත පරිත්‍යාග කරපු රණවිරුවන්ගේ අම්මල තාත්තලා දරුවෝ මෙතන ඉන්නවා අදටත් ආබාධිත තත්ත්වයේ ඉන්න රණවිරුවෝ මෙතන ඉන්නවා අද රටේ බොහොමයක් ඉන්නවා ලෝකයේ නොයෙක් තැන්වලට ගිහිල්ලා අද ජීවත් වෙනවා. රණවිරු දෙමව්පියෝ ඉන්නවා බිරින්දෑවරු ඉන්නවා අපි ඔබට කියන්නේ ඔබේ ගෞරවය ඔබේ කැපවීම ඔබේ පරිත්‍යාගය අපි කිසි දිනක අමතක කරන්නේ නෑ වගේම ඒ සඳහා සාධාරණීකරණය කරන්න අපි කිසිදාක අමතක කරන්නේ නෑ. එය සාධාරණීකරණය කරන්න අපි මැදිහත් වෙනවා කියන එකත් අපි ඔබ තමුන්නාන්සේලාට මතක් කරනවා.යම්කිසි දවසක ඔබගේ දරුවන්ට මුණුබුරන්ගේ මිණිබිරියන්ගේ කාලයේ ඔවුන් ඉතා ගෞරවයෙන් ආදරයෙන් භක්තියෙන් ඔබ ගැන කතා කරාවි.ඒ තැනට අපි මේ රටේ පරිවර්තනයක් ඇති කරනවා.ඔබේ පරම්පරා ගණනාවකට පස්සේ ඔබේ නම රන් අකුරෙන් ලියවෙන තැනකට අපි මේ රට පරිවර්තනය කරනවා.ඔබ දීපු නිදහස ඔබ කරපු කැප කිරීම් එක්ක තමයි අද මේ රටේ මෙවැනි පරිසරයක් වාතාවරණයක් ගොඩනැගිලා තියෙන්නේ.වර්තමාන ජනාධිපතිවරයාට යාපනයට ගිහිල්ලා සිල් ගන්නවනම් ශ්‍රී මහා බෝධියේ සිල්ගන්න නාගදීපයට එන්න එපා කියන්න නිදහස ලැබුනේ එල්ටීටීඊ ත්‍රස්තවාදය නැති කරපු නිසා.එහෙම නැත්නම් වර්තමාන ජනාධිපතිවරයාට යාපනයට යන්න නෙවෙයි අපේ හාමුදුරුවනේ ප්‍රභාකරන්ගෙන් අහල අවසර අරගෙන තමයි ජොගින් යන්න වෙන්නේ.අද මේ රට ගොඩනැගෙන නිදහස ලැබිලා තියෙන්නේ ඒ නිසයි.

අද ආණ්ඩුවේ නොහැකියාව වහගන්න ආණ්ඩුව පළිගන්නවා මේ මාසෙ එනකොට අපි දන්නවා අපිට අභියෝගවලට මුහුණ දෙන්න වෙනවා.යුද්ධය අවසන් කරපු මාසනේ දැන්.අද මාණ්ඩලික ප්‍රධානි තනතුරත් අයින් කරලා 18 වෙනිදා කියන්නේ හෙට යුද්ධය අවසන් කරලා යුද සැමරුම නැත්නම් නිදහස මේ රටේ එක්සේසත් කරපු දවස.ලෝකයේ දරුණු ත්‍රස්තවාදය ලෝකයේ හැමෝම පරාජය කරන්න බැහැ කියපු ත්‍රස්තවාදය නැති කරපු දවසට පැය 24ක් තියලා වර්තමාන ආණ්ඩුව ත්‍රිවිධ හමුදාව ශක්තිමත් කරන්න ගොඩනඟපු මාණ්ඩලික ප්‍රධානී තනතුර ගැසට් පත්‍රයකින් අයින් කරලා.කාගෙ උවමනාවටද.

මේ රටේ ජනතාව හැමදාමත් රණවිරුවටත් රණවිරුවට වගේ පවුලටත් උපහාර දක්වන්න දෙවතාවක් මැලි වන්නේ නැහැ කියලා මතක් කරන්න ඕන.අද මේ මාසෙ ළං වෙනකොට අපි දන්නවා මහින්ද මහත්තයා ගෙනාවා හැබැයි මහින්ද මහත්තයා සීඅයිඩී එකට යනකොට බ්‍රයිබරියට ඇයි ගෙනාවේ, බලහත්කාරයෙන් ලියාගත්ත කට උත්තරයක් නිසා.

ජනාධිපතිවරයා කියනවා නීතිය සැමට සමානයි කියලා හැබැයිප් ඉස්සෙල්ලම ජනාධිපතිවරයා පරීක්ෂණයක් කරන්න ඕන නීතිය සහ කාටත් සමානයි කියලා බලහත්කාරයෙන් කට උත්තරය ලියපු කෙනාගෙන්.අපේ රවින්ද්‍ර ජයසිංහ මහත්තයා නීතිඥවරයෙක් එහෙම පුළුවන්ද පොලිසියට බලහත්කාරයෙන් කට උත්තර ලියා ගන්න.නීතිය හැමෝටම සමානයි නම් බලහත්කාරයෙන් ලියා ගත්ත නිලධාරියාව පරීක්ෂණයකට ලක් කරන්න ඕනේ.හැබැයි එහෙම කරේ නෑ.හැබැයි අවසානයේ කට උත්තරේ දීප මනුස්සයා සියදිවි හානි කරගත්තා කියලා කියනවා. ඒ තැනට ඔහුට පීඩනයක් ගෙනාවා. ඔහු දිවුරුම් ප්‍රකාශයකින් ඒ පීඩනය සම්බන්ධයෙන් ඒ කරපු බලපෑම සම්බන්ධයෙන් අධිකරණයට දැනුම් දීලා තියෙනවා.එහෙනම් ජනාධිපතිවරයා කියන විදියට නීතිය හැමෝටම සමානයි නම් ඒ නිලධාරියාව ප්‍රශ්න කරන්න තිබ්බා.හැබැයි මැයි18කලින් මහින්ද මහත්තය ගෙනල්ලා ප්‍රශ්න කරා.හැබැයි හැංගිච්ච එක කාරණයක් තියෙනවා රාජපක්ෂල හොරා ඔන්න හොරකම් කරා කියනකොට දැන් නාමල්ගේ උපාධිය ගැන ප්‍රශ්න කරනකොට බලනකොට කතානායකවරයාගේ උපාධිය නෑ.ඒක යට ගහන්න මොකක්ද කරේ නාමල් ගැන හොයන්න පටන් ගත්තා.

කන්ටේනර් 323 ක් වරායෙන් පන්නනවා ඒක යට ගහන්න රාජපක්ෂලාගේ කරේ දැම්මා දැන් එයා බස් ගණුදෙනුවත් සම්බන්ධයෙන් පරීක්ශණ හින්ද මහත්තයා සම්බන්ධ කරනවා. බලනකොට ශ්‍රී ලංකා ගුවන් සමාගමෙන් වෙන නමකට සල්ලි යවලා. .පුදුම වැරදීම් වෙන්නේ වැරදි ගිණුමකට මුදල් දීලා ඒකත් හැකර් කෙනෙක් පැනලා කියලා තමයි කියන්නේ.පෞද්ගලික බැංකුවක බිලියන 13ක් හොරාට එළියට ගත්තා මුදල් අමාත්‍යාංශය දන්නෙත් නැහැ මහ බැංකුව දන්නෙත් නැහැ මුදල් ඇමැති දන්නෙත් නැහැ.මුදල් අමාත්‍යංශයේ කෝටි අසූවකට වැඩි ගානක් වැරදි ගිණුමකට සල්ලි ගෙවනවා public finance management පනත යටතේ ජනාධිපතිවරයා මුදල් ඇමතිවරයා විදියට වගකියන්න ඕනේ. මුදල් ලේකම්වරයා විදිහට මේකට වගකියන්න ඕන පනත අනුව.නීතිය ඒ අයට වඩා උඩට නැත්නම් වගකියන්න ඒක තමයි නීතිය.

හැබැයි දැන් මොකද්ද කරන්නේ යට ගහනවා.බාල ගල් අගුරු ගේනවා දැන් 2009 ඉඳන් හොයන්න ගන්නවා. හොඳයි හැබැයි හොයන්න අපේ 2009 නොරොච්චෝලේ තිබ්බද.හොයන්න හොයන එක අපිටත් හොඳයි අපිටත් ඕන ඔය චෝදනා ඉවරයි. හැබැයි මේ ආණ්ඩුවෙන් ගෙනාපු බාල ගල් අඟුරු වල චෝදනාව වහගන්න හදන්න එපා.මොකද ආණ්ඩුව හැමදාම කරන්නේ පික්පොකට් න්‍යාය.ආණ්ඩුව පික්පොකට් එක ගහල දුවන ගමන් කියනවා මෙන්න පික් පොකට්කාරයෙක්ලු අනේ ඉතින් වටේ හැමෝම පොකට්කාරයා පස්සේ දුවනකොට ඇත්තටම පික්පොකට් ගහපු එකා අරක සාක්කුවේ දාගෙන හෙමිහිට ගෙදර යනවා වැරදි මිනිහෙක් ගුටි කනවා.

අපිට වුණෙත් ඒක.හැමදාම රාජපක්ෂලා හොරා හොරා කියලා පොලිසිය සීඅයි ඩී එක බ්‍රයිබරිය අපේ පස්සේ එවනවා. යහපාලන ආණ්ඩුවත් එහෙම කළා මේ ආණ්ඩුවත් ඒකම කරනවා අපේ පස්සේ එනවා. හැබැයි දැන් මොකද වෙලා තියෙන්නෙ කන්ටේනර් පන්නලා මුදල් අමාත්‍යංශයේ කෝටි 80 ක් ගිණුමකට දාගෙන අද රජයේ බැංකුවකින් මිලියන 600 ක් තවත් ගිණුමකටදාගෙන ලෝකයේ වැඩියෙන්ම ගෙවලා තෙල් මිලදී ගන්නවා බාල ගල් අගුරු ගේනවා කෝටි ගානක් පාඩුව ඒ පාඩුව වහගන්න ජනතාවගේ බද්ද වැඩි කරනවා.කැබ් ගේනවා ඇමතිවරු මේ අස්සේ ආණ්ඩුව මොකද කරන්නේ අපිට බැණපෙන රාජපක්ෂලා හොරා හොරා කිය කිය පික්පොකට් ගහනවා.අපි ගැන හොයන්න හොයන්න ඕනේ. මම කිව්වනේ අපේ ඕනෑම පරීක්ෂණයකට එනවා අපේ හාමුදුරුවනේ අපි බය නෑ අපි වැරදි කරලා නෑ.හැබැයි අපි ගැන හොයනවා වගේම ඔබ ඒ ආණ්ඩුවේ පික්පොකට්කාරයෝ ගැනත් හොයන්න.මොකද මහා පරිමාණයේ වංචා වෙන්නේ දැන්.ඒක යට ගහන්න ලෑස්ති වෙන්න එපා.

ගොවියාගේ පොහොර ටික නෑ අද වෙනකන් පොහොර නෑ කියලා ගොවි ජනතාව හඬක් නැගුවොත් පොලිසියට කියනවලු.ඉතින් පොහොර නැත්තං නෑනේ පොලිසියට බයේ පොහොර තියනව කියන්නයැ පොහොර නැත්තං නෑ. අද වෙනකන් ආණ්ඩුවට ප්‍රශ්නයක් නෑ . හැබැයි ගමට කියාම ප්‍රශ්නයක් තියෙනව වී මිල ගැන ප්‍රශ්නයක් තියෙනවා බදු සම්බන්ධයෙන් ව්‍යාපාරිකයන්ට ප්‍රශ්නයක් තියෙනවා.ලක්ෂ දොළහකටනේ කාර් එකක් දෙනවා කිව්වේ අන්න දැන් ඊයේ සීයට පනහක් වැඩි කරලා.ආණ්ඩුවට තියෙන්නේ අයිඑම්එෆ් න්‍යාය පත්‍රය ආණ්ඩුව තීරණය කරන්න ඕනෑ මේ රටේ ජනතාව ගැන හිතලා තීන්දු තීරණගන්නවද ජාත්‍යන්තරයේ ඔබට වියදම් කරපු සංවිධාන සතුටු කරන්න තීන්දු තීරණ ගන්නවද කියන කාරණය.අද අසීමිත විදිහට ජීවන වියදම ජනතාව මත දාලා තියෙනවා රටේ සාමාන්‍ය ජනතාවට දරා දරාගන්න බැරි විදියට ජීවන වියදමක් දාලා තියෙනවා ආණ්ඩුවට මේක තේරෙන්නේ නැද්ද ආණ්ඩුවට මේක තේරුම් ගන්න අවශ්‍යතාවයක් නැද්ද කියන කාරණය අපිට තියෙනවා.ඒ හින්දා අපි ආණ්ඩුවටත් කියන්නේ කරුණාකරලා මේක දැන්වත් කියන්න කියන්න තව බද්ද වැඩි කරනවා ගිය සතියෙත් කිව්වා මේක තේරුම් අරන් ජනතාවගේ පැත්තෙන් ඉඳලා තීරණ ගන්න.

දැන් අපි දැක්කා පහුගිය දවස්වල තරුණ කණ්ඩායමක් ගිහිලා මල්වානේ බැසිල් මහත්තයගේ ඉඩමක් කියලා අල්ලගන්නවා.ඒක ආණ්ඩුවේ එහෙමත් නැත්නම් මම ඒකේ පක්ෂ කාර්යාලයක් දාගන්න ඕනේ අපේ බාප්පගෙ නම්. අපේ බාප්පට ඒ පැත්තෙ ලොකු පොල් වතු තිබ්බා කියලා කිවුවා බලනකොට වෙන එක්කෙනෙක් ඒකෙ පොල් කඩනවා.අපේ ඡන්දෙ ඉවර වෙලා යනකොට අයිතිකාරය පොල් කඩනවා. මම ඇහුවා බැසිල් මහත්තයගෙ පොල් වත්තද කියල මහත්තය පිස්සුද එක මගේ පොල් වත්ත කිව්වා ඒ වගේ තමයි මේක දැන් රාජ්‍ය දේපළක් අද තමන්ගේ පක්ෂයේ ශිෂ්‍ය සංවිධානයට තමන්ගේ ආණ්ඩුවත් එක්ක කතාකරලා ප්‍රශ්නයක් විසඳගන්නන බැරිනම් තමන්ගේ පක්ෂයත් එක්ක සම්බන්ධ ශිෂ්‍යයන්ට තමන්ගේ විශ්ව විද්‍යාලයට කතාකරලා ගොඩනැගිල්ලක් ගන්න බැරි නම් ඒ ගොඩනැගිල්ලත් බලෙන් අල්ලන්න ඕන නම් මේ ආණ්ඩුවෙන් වැඩක් තියෙනවද.මේ ආණ්ඩුවට කඩේ ගියපු එක ගැනත් ලැජ්ජ වෙන්න ඕනේ ඒ අය ඉස්සෙල්ලා.

තමන්ගේ ඇමතිවරයා හම්බවෙලා මේ විශ්ව විද්‍යාලයේ ප්‍රශ්නයක් තියෙනවා කියලා හම්බවෙලා කතා කරන කොන්දක් නැත්තං මේ ආණ්ඩුවේ අයට ඒවා අහන්න අවශ්‍යතාවයක් නැත්නම් ඒවට විසඳුමක් දෙන්න බැරි නම් ඒ ශිෂ්‍ය සංවිධාන හිතනවානං අපි මේක පැනලා අල්ලගන්නන ඕන කියලා ලැජ්ජයි නේ ආණ්ඩුවට ලැජ්ජ පෙන්වන ශිෂ්‍යොත් ලැජ්ජජ වෙන්න ඕන තමන් පත් කරපු ආණ්ඩුවෙන් ගොඩනැගිල්ලක් ගන්න බැරිනම්.අනිත් පැත්තෙන් මේක නම් පූර්වාදර්ශය රටේ හැම ජනතාවක්ම තමන්ගේ අවශ්‍යතාවය ආණ්ඩුවෙන් වෙන්නෙ නැත්නම් ඉඩමකට පැනලා බලහත්කාරයෙන් අල්ලා ගැනීම නම් ක්‍රමවේදය ආණ්ඩුවෙන් ප්‍රජා ශාලාවක් දෙන්නෙ නැත්නං වෙන ඉඩමකට පැනලා බලයෙන් අල්ලා ගන්න එක නම් පූර්වාදර්ශය ආණ්ඩුවෙන් රෝහලකට ඉස්කෝලෙකට ඉඩමක් දෙන්නේ නැත්නම් අල්ලපු ගෙදර මනුස්සයාගේ ඉඩම අල්ලා ගන්න එක නම් පූර්වාදර්ශය විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට ගොඩනැගිල්ලක් ලැබෙන්නෙ නැත්නම් කොළඹ ගොඩනැගිලි වලට පැනලා බලෙන් අල්ලා ගන්න එක නම් පූර්වාදර්ශය කෝ දැන් ජනාධිපතිවරයා කියපු නීතිය සමානාත්මතාවය.ඒක තමයි යථාර්ථය මේ අයට වැඩ බැරි වෙනකොට මර්ධනය ගේනවා තමන්ගේ ශිෂ්‍ය සංවිධාන වලට කතා කරලා ඉඩමක් දෙන්න බැරි නම් ගොඩනැගිල්ලත් දෙන්න බැරි නම් වැඩක් තියෙනවද ඒකත් බලෙන් අල්ලන්න කියලා ආණ්ඩුව කියනවනම් බලෙන් ඇල්ලුවට පස්සේ මම දැක්කා මේක ඇල්ලුවට පස්සේ පොලිසියෙන් කියනවා මේක ආණ්ඩුව ඉඩමක්ලු.නෑ මේක අපි අල්ලනවා කියලා යනවා.ඉතින් මේක ආණ්ඩුවේ ඉඩමක් නම් ඒක බලෙන් අල්ලගන්න පුළුවන් නම් ඒකට නීතියක් ක්‍රියාත්මක වෙන්නෙ නැත්නම් අදටත් ආයේ ඉතින් ඒ රටේ නීතිය ගැන කතා කරලා වැඩක් වෙන්නේ නෑ.

ඉතින් ඒහින්දා අපි ශක්තිමත්ම ගොඩනැගෙන්න ඕනේ ගම් මට්ටමින් පෙළ ගැහෙන්න ඕනේ අපි දැන් ගමකට ගියාම දාහක් හමාරක් මිනිස්සු එනවා ඒ කොට්ඨාසෙට.ඒ ආණ්ඩුව කෙරෙහි තියෙන කලකිරීම අද අපිට ඡන්දය දීපු නොදීපු බොහොමයක් අපි එක්ක ඒකරාශී වෙනවා.ඡන්දේ නොදීපු හැම කෙනාම අද යථාර්ථය තේරුම් අරගෙන අද අපි එක්ක ඒකරාශී වෙනවා.අද අපිව පිළිගන්නවා අපි ආදරයෙන් ඔබ තමුන්නාන්සේලා පිළිගන්නවා වගේම අපි ඔබතමුන්නාසේලාගෙන් ඉල්ලන්නේ මේ පණිවිඩය ගමට ගෙනියමු අපි ශක්තිමත්ව ගොඩනැගෙමු.

SendShareShare
Previous Post

විමල් කරපු දේ ගැන පොලිසියෙන් ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Next Post

යුද්දෙ දිනපු සේනාධිනායක මහින්දට විජයග්‍රාහී සැමරුම් උත්සවයට ආරාධනා නෑ! I Sri Lanka Latest News

MORE NEWS

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

ට්‍රම්ප් ඉරානයම කළුවරේ තියයි! තෙල් පෝලිම කිලෝමීටර් ගණන්! කමේනිට එරෙහිව ජනතා නැගිටීමත් අත ළඟයි!  I Sri Lanka Latest News

මෙසීට මේ පාර බැරි වෙයි! ස්පාඤ්ඤය අවුරුදු 16කට පසු ජය පැන් බොයි!  I Sri Lanka Latest News
Exclusive

මෙසීට මේ පාර බැරි වෙයි! ස්පාඤ්ඤය අවුරුදු 16කට පසු ජය පැන් බොයි!  I Sri Lanka Latest News

අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News
Exclusive

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

බිත්තරේටත් ගැසට් එකක් ගහයි!
Exclusive

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

Load More
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

ට්‍රම්ප් ඉරානයම කළුවරේ තියයි! තෙල් පෝලිම කිලෝමීටර් ගණන්! කමේනිට එරෙහිව ජනතා නැගිටීමත් අත ළඟයි!  I Sri Lanka Latest News

අමෙරිකානු ප්‍රහාර හමුවේ ඉරානයේ බලශක්ති යටිතල පහසුකම්වලට දැඩි බලපෑම් එල්ල වී තිබේ.Sri Lanka Latest News විදෙස් මාධ්‍ය පවසන්නේ පවතින දැඩි උණුසුම්...

Read more
මෙසීට මේ පාර බැරි වෙයි! ස්පාඤ්ඤය අවුරුදු 16කට පසු ජය පැන් බොයි!  I Sri Lanka Latest News

මෙසීට මේ පාර බැරි වෙයි! ස්පාඤ්ඤය අවුරුදු 16කට පසු ජය පැන් බොයි!  I Sri Lanka Latest News

අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

බිත්තරේටත් ගැසට් එකක් ගහයි!

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.