වසර තුනහාමාරකට පෙර ඉල්ලුම්කළ පාසල් අයදුම්කරුවන්ගේ විශාල පිරිසකට මෙතෙක් ජාතික හැදුණුම්පත් කාඩ්පත ලබාදීමට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව අපොහොසත් වී ඇත.Sri Lanka Latest News
2022 වසරේදී අයදුම්කල එම පාසල් අයදුම්කරුවන් අපොස සාමාන්‍ය පෙළත් උසස් පෙළත් අවසන්කර ඇතැයි දෙමාපියන් මෙන්ම සිසුන්ද චෝදනා පවසයි.
ජාතික හැදුණුම්පත් සම්බන්ධයෙන් මහජනතාවට ඇති ගැටළු සම්බන්ධයෙන් ඇමතීමට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ඇමතීමට යැයි සඳහන් කරමින් 011-52261126 දුරකථන අංකය හඳුන්වා දී තිබේ.
එම අංකයට කොතරම් ඇමතුම් ගත්තද නියෝජිතයකු හා සම්බන්ධ නොවන බවත් දුරකථනය විසන්ධිවන බවත් හැදුණුම්පත් අයදුම්කරුවන් රැසක්ම සඳහන් කළේය.
හැදුණුම්පත සඳහා මුදල්ද ලබාගෙන ලබාදී ඇත්තේ ඒ් 04 වර්ගයේ කඩදාසියක් බවත් ඒම කඩදාසිය අතට දියවී ගොස් ඇති බවත් ඔවුහු චෝදනා කරති.
මේ සම්බන්දයෙන් තොරතුරු දැන ගැනීමට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට අප ඇමතුමක් ගැනීමට උත්සහ ගත්තද ඒ සෑම අවස්තාවකදීම දුරකථනය නියෝජිතයෙක් සමඟ සම්බන්ධ වීමට පෙර ස්යංක්‍රීයව විසන්ධිවිය.











