මෙරට සංචාරයක නිතරව සිටින ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) නියෝජිතයින් දෙදෙනෙකු වන ඉම්රාන් ක්වාජා සහ දේවජිත් සාකියා අද (17) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.Sri Lanka Latest News
එහිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව පාලනය සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ කෙරෙහි අවධානය යොමුකර තිබේ.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නියෝජිතයින්, ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව සමග ඊයේ (16) සාකච්ඡා පවත්වනු ලැබීය.
මේ සම්බන්ධයෙන් රාජ්‍ය රහස් තීරය පසුගිය මැයි 2 වැනිදා පළමුව රටට වාර්තා කළේ මෙසේය.
ශම්මි ක්‍රිකට් සභාපති ධුරයෙන් ඉවත් වීමෙන් පසු අතුරු පාලක මණ්ඩලයේ සභාපති ධුරය භාරගත් ඉරාන් කොපමණ කාලයක් එම ධුරයේ කටයුතු කරනු ඇද්ද? මුලින් ඉරාන් සහ ජනාධිපතිවරයා අතර පැවැති සාකච්ඡාවේදී තමන්ට වසරක කාලයක් අවශ්‍ය බව ඉරාන්ගේ පැත්තෙන් යෝජනා වී තිබූ බවක් ආරංචිය. ඒ අනුව ඉරාන්ට ලබාදෙන කාලය තීරණය කරන්නේ කවුද? ජනාධිපතිවරයාද? ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයද?
අපට ඇති තොරතුරුවලින් නම් කියැවෙන්නේ ඉරාන්ට ලබාදෙන කාලය තීන්දු කරන්නේ වෙන කවුරුවත් නොව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය යැයි කියාය. මෙහිදී ජනාධිපතිවරයා විසින් අතුරු පාලක කමිටුවක් පත්කිරීමේ යෝජනාවක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත ඉදිරිපත් කිරීමත් සමග ඔවුන් දැනුම් දී ඇත්තේ එසේ නම් මාස 3ක කාලයක් සඳහා පමණක් ක්‍රිකට් අතුරු කමිටුවක් පත්කිරීමට අවසර ලබාදිය හැකි බවත්, මාස 3ක් ඇතුළත ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට කටයුතු කළ යුතු බවත්ය. ඒ අනුව අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ ඉරාන් වසරක කාලයක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ උපදෙස්වලට අනුව ජනාධිපතිවරයාගෙන් ඊට ලැබී ඇත්තේ මාස 3ක කාලයක් පමණක් යැයි කියාය. එම මාස තුනේ ප්‍රගතිය බලා තවත් මාස 3ක් ලබාදිය හැකි බවද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කොට ඇති බව ආරංචිය. ඒ අනුව ස්ථිරවම ජනාධිපතිවරයා විසින් ඉරාන්ට ලබාදී ඇත්තේ මාස 3ක කාලසීමාවක් පමණි.
එසේ නම් එම මාස තුනෙන් පසු නිලවරණයක් නොපැවැත්වුවහොත් ලංකාවේ ක්‍රිකට්වලට කුමක් සිදුවේද? නැවත වාතවක් ලංකාවේ ක්‍රිකට් 2023දී සිදුවූවාක් මෙන් තහනම් වනු ඇතිද? ඒ සම්බන්ධයෙන් තවමත් නිශ්චිත තොරතුරු නැතත්, ක්‍රිකට් අතුරු කමිටුව පත්කිරීමත් සමග ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නියෝජනය කරමින් විශේෂ නියෝජිතයන් දෙදෙනකු ඉදිරි දින කීපය ඇතුළත ලංකාවට පැමිණීමට නියමිතය. ක්‍රිකට් අතුරු කමිටුවට පත්කරන සියලු පත්කිරීම් දෙස බලා එහි කාලසීමාව එම නියෝජිතයන් විසින් තීරණය කරනු ඇති බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ඒ අනුව මාස තුනක් ඇතුළත ක්‍රිකට් ආයතනය සුද්ද කොට එය ගොඩදැමීමට ඉරාන්ට හැකිවනු ඇද්ද යන කාරණාව මත ඉරාන්ගේ ඉදිරි කාලය තීන්දු වනු ඇත.
කෙසේ වෙතත් ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපති ධුරය භාරගැනීම සමග ඉරාන් තමන් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකත්වයන් සහ කළමනාකරණ කමිටුවේ සාමාජිකත්වයෙන් ඉවත් වන බවට වූ ලිපිය මද්දුමබණ්ඩාර වෙත එවීමට පියවර ගෙන තිබිණි. නමුත් එහිදීද ඉරාන්, මද්දුමබණ්ඩාරට දැනුම්දී තිබුණේ තමන් තවදුරටත් සජබ සාමාජිකයකු ලෙස කටයුතු කරන බවකි.










