• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ප්‍රේමකීර්ති… මිල්ටන්… ප්‍රියා… ඉන්න තැනකින් වහාම වාර්තා කරන්න! වික්ටර්… පුන්සිරි… අහක බලන් ඉන්න එපා…! තත්ත්වය භයානකයි…! Sri Lanka Latest News

May 17, 2026
in Exclusive
Reading Time: 5 mins read
A A
ප්‍රේමකීර්ති… මිල්ටන්… ප්‍රියා… ඉන්න තැනකින් වහාම වාර්තා කරන්න! වික්ටර්… පුන්සිරි… අහක බලන් ඉන්න එපා…! තත්ත්වය භයානකයි…! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘සියදිවි නසාගැනීමට හේතුවන, පරාජිත, ජීවිතයෙන් පලායන තරමට ගීත ලියන රචකයන්, ගායකයන් මේ සමාජයෙන් ඈත් කරන්න ඕනේ’ – මාලිමා මන්ත්‍රී ලාල් ප්‍රේමනාත්
මේ වචන කිහිපය සටහන් කරන්නේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති ලියා තිබූ මේ සටහන දැක්ක නිසයි.Sri Lanka Latest News

‘මේ වගේ බූරු කලා විඥානයක් සහිත කෙනෙක් මන්ත්‍රී වුණාට වඩා ඛේදජනක කාරණය යම් කාලයක් හෝ ගුරුවරයෙකුව සිටීම.’
මාලිමාවේ ආධාරකරුවකු වන කෙනෙක්ම මේ දේ කීම වටිනවා. අනෙක ලියනගේ අමරකීර්ති කියන්නේ අදාළ විෂයේ ප්‍රාමාණිකයෙක්.

‘ලාල් ප්‍රේමනාත්’ නමැති මේ මන්ත්‍රීවරයා උත්තරීතර පාර්ලිමේන්තුවේදී කියන්නේ ඛේදය දනවන ගීත රචකයන් වැනි අය සමාජයෙන් ඈත්කොට තැබිය යුතු බවයි.
මහාචාර්ය ලියනගේ කියන්නා සේ අප පුදුම විය යුත්තේ පෙර කල මොහු භාෂාව පිළිබඳ ගුරුවරයකු වී සිටීමයි. කලාව හෝ සාහිත්‍ය කියන්නේ සතුට පමණක් පෙන්වන තැනක් නෙවෙයි. දුක, පරාජය, අහිමිවීම, විරහව, ඛේදය වගේ අත්දැකීම් කලාවේ මූලික තේමාවන්.

එය එසේ වන්නේ ඒවා මනුෂ්‍ය ජීවිතවලට බැඳී ඇති අත්හැරිය නොහැකි සත්‍යයන් නිසයි. ගීත ඇතුළු ඔනෑම කලාවක ‘දුක’ යනු රසයක්. පෙරදිග රස සිද්ධාන්තයට අනුව කලාවේ අරමුණ හැඟීමක් නිර්මාණය කිරීමයි.

ගීතයක්, කවියක්, නාට්‍යයක් හෝ චිත්‍රයකින් වුව රසිකයා තුළ ‘ශෝක රසය’ ජනනය කළ හැකියි. එය හුදෙක් හඬා වැළපීමක්ම නොව, සෞන්දර්යමය අත්දැකීමක්.
අපට සමීප බෞද්ධ චින්තනය අනුවත් දුක ජීවිතයේ කොටසක්. ඒ නිසා වේදනාත්මක ප්‍රස්තුතයන් වුව කලා නිර්මාණවලට යොදාගැනීමෙන් ජීවිත සත්‍යය, අවබෝධය සහ විමුක්තියට යොමුවන සිතුවිලි උපද්දවන්න පුළුවන්.

ලෝකයේ අස්ථිරතාව ගැන කියවෙන නිර්මාණ ඔස්සේ ‘දුක හෝ පරාජය’ පවා අලංකාරයකට පරිවර්තනය කෙරෙනවා. උදාහරණයකට භාරතීය නාට්‍ය සම්ප්‍රදායේ ඛේදනීය චරිත හා අසාර්ථකත්වය රසය උපදවන අවස්ථා ලෙස යොදාගැනෙනවා.

පෙරදිග සම්ප්‍රදායේදි ශෘංගාරය හා ආකර්ෂණය පමණක් නොව වියෝගය හරහාත් ගැඹුරු අර්ථ හා රස නිෂ්පන්න කෙරෙනවා. බටහිර කලාවන් ඇසුරින් ගත්විට විලියම් ෂේක්ස්පියර්ගේ ඛේද නාට්‍ය මීට උදාහරණයක්.

ඔහුගේ ‘හැම්ලට්’, ‘ඔතෙලෝ’, ‘මැක්බත්’, ‘ලියර් රජ’ වැනි නාට්‍යවල පරාජය, වැරදීම්, වියෝගය, මෙන්ම චිත්ත අභ්‍යන්තර ගැටුම මගින් මිනිස් ස්වභාවය ගැඹුරින් විෂද කරනවා.
Lord Byron, Percy Bysshe Shelley, John Keats වැනි ලෝ ප්‍රකට කවීන්ගේ රොමාන්තික නිර්මාණවල අහිමි ප්‍රේමය, අතෘප්තිය සහ අභ්‍යන්තර වේදනාව ප්‍රබලයි.

චාල්ස් ඩිකන්ස්, මැක්සිම් ගෝර්කි, තෝමස් හාර්ඩි වැනි යථාර්ථවාදී නවකතාකරුවන් සමාජ අසාධාරණය, දුප්පත්කම ඇතුළු ජීවිතයේ බිඳවැටීම් සිය නිර්මාණ තුළ නිරූපණය කළා.
චිත්‍ර හා නාට්‍ය ආදී කලාවන්වල අඳුරු වර්ණ, ගුප්ත බව මෙන්ම ආතතීන් ඔස්සේ මනුෂ්‍ය අභ්‍යන්තරයේ ඇති වේදනාවන් හෝ පරාජයන් ඉස්මතු කොට දැක්වූවා.
බොහෝ කලා නිර්මාණවල බැඳීම් උපද්දවන ශෘංගාර හැඟීමක් හෝ වෙන්වීම ඉස්මතු කරවන ශෝකී හැඟීමක් ඇතුළත්.

ශෘංගාරය මෘදු, ආකර්ෂණීය හෝ ප්‍රියමනාප බවකට නැඹුරු වන අතර ශෝකය අහිමිවීමේ, නිහඬතාවයේ නැඹුරුවක් ප්‍රකට කරනවා. කෙටියෙන්ම කියතොත් දුකත් කලාවේ රසයක්. පරාජයත් කලාවේ අර්ථයක්.

දැන් මේ මන්ත්‍රීවරයා කියා ඇති පරිදි පරාජයෙන් පලායාමට බලකෙරෙන හෝ දුක දනවන නිර්මාණ කියලා දෙයක් අපට හඳුනා ගන්න බැහැ.
ඔය විෂය පිළිබඳ හොඳින් දන්නා සහ එවැනි නිර්මාණ නිරන්තර විචාරයට ලක්කරන සංස්කෘතික අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මේ ගැන මොනවද කියන්නේ?
සති දෙකකට වරක් ගමට කලා නිර්මාණයක් ගෙන එන බව කියූ ගාල්ලේ නලින් හේවගේ දක්වන අදහස මොකක්ද?

ශ්‍රී ලංකා කලා මණ්ඩලය යටතේ පත්කෙරුණු කලා අනුමණ්ඩලවල මාලිමා සාමාජිකයන් මේ ගැන කියන්නේ කුමක්ද? අපි ඒවාත් දැනගන්න කැමැතියි.
මේ බොහෝ මන්ත්‍රීවරුන්ගේ කතාවලින් පේන්න තියෙන්නේ පැලවත්තෙදි දේශපාලනය ගැන කතා කළාට ඇතැම් විෂයන් ගැන හෝම් වර්ක් නොකරන බව.
ඒ වගේම එදා මාලිමා වේදිකාවේ සිටි බහුශ්‍රැත සාහිත්‍යධරයන්ගෙන්, කලාකරුවන්ගෙන්, ආචාර්ය මහාචාර්යවරුන්ගෙන් මේ අයට දැන් උපදෙස් ලැබෙන්නේ නැද්ද?
‘අප කියන දේවල් අහන’ සහ ‘එසේ නොඅසනවා නම් අපියි මුලින්ම එරෙහි වෙන්නේ’ කියලා කියුවෙත් ඒ අයම තමයි.

ආණ්ඩුව දැන් තදින් විවේචනය කරන උවිඳු කුරුකුලසූරිය දිගටම කිව්වා බලය ලබාදීමෙන් පසු ‘වගකීමෙන් බැඳතබාගත යුතුයි’ කියලා.
ඒක කිසිවකුගෙන් දැන් සිදු නොවන බවට මේවා හොඳම සාක්ෂි. ඒ අනුව මාලිමා වේදිකාව මත සිට බොහෝ දෙනා එදා කර ඇත්තේ ජනතාව රැවටීමක්.
ඉහත සටහන ලියා තිබූ මහාචාර්ය ලියනගේ අමරකීර්තිට වුණත් මේ කතාව වලංගුයි.

මහින්ද රූබසිංහ

SendShareShare
Previous Post

කපිලගේ දුරකතනය ඇපල් සමාගමට යවයි! ‘ආයේ ඇතුළට යන්න කපිල කැමැති වුණේ නෑ’ – අරවින්ද! ‘රෑ හිටියේ ස්ටේ‍රස් එකේ’ – අරවින්දගේ බිරිය! Sri Lanka Latest News

Next Post

රාජකාරි වැඩ-පවුල සමබර කිරීම! හනීෆ් යූසුෆ් ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලියුම අනුරට යවයි! I Sri Lanka Latest News

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.