• About us
  • Contact us
Monday, June 29, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අක්කර දෙසීයක්! මහා වලව්වක්! සුපිරි වාහන 4ක්! අනුරගේ බූදලයට මොකද වුණේ? Sri Lanka Latest News

May 2, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
අක්කර දෙසීයක්! මහා වලව්වක්! සුපිරි වාහන 4ක්! අනුරගේ බූදලයට මොකද වුණේ? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ අගමැති දෙපළකගේ එකම පුත්‍රයා වූ අනුර බණ්ඩාරනායක 2008 මාර්තු මාසයේදී අකල්හි වියෝ වූයේ අවසන් කැමැති පත්‍රයකින් සිය බූදලය කිසිවකුට නොපරවමිනි. ඔහුගේ වියෝවෙන් පසු ඔහුගේ රියැදුරු, ආරක්ෂක නිලධාරියා ඇතුළු හතර දෙනෙක් බණ්ඩාරනායක මහතාගේ බූදලයට උරුමකම් කියමින් ඉදිරිපත් වූහ.Sri Lanka Latest News

ඒ බණ්ඩරනායක මහතාගේ අන්තිම කැමැති පත්‍රයේ ඡායා පිටපතක් තමන් අත ඇති බව කියමිනි. නමුත් බණ්ඩාරනායක මහතාගේ වැඩිමහල් සොයුරිය වූ සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මිය ඊට එරෙහිව යමින් සිය සහෝදරයාගේ බූදලයට එකම හිමිකරුවන් තමන් සහ තම සහෝදරිය වන හිටපු ජනාධිපතිනි වූ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය බව පවසමින් අධිකරණය හමුවේ බූදල් නඩුවක් පැවරුවාය.

අධිකරණයට කරුණු දක්වමින් ඇය කියා සිටියේ අනුර බණ්ඩාරනායක මහතා ජීවතුන් අතර සිටියදීම අවසන් කැමැති පත්‍ර යැයි කියන ලේඛනයක් විනාශ කළ බවය. කෙසේ වුවත් අවසානයේදී අධිකරණය තීන්දු කළේ අනුර බණ්ඩාරනායක මහතාගේ බූදලයේ අයිතිය ඔහුගේ සහෝදරියන් වන සුනේත්‍රා සහ චන්ද්‍රිකා දෙපළට අයත් බවය. ඒ අනුව කොළඹ දිසා අධිකරණය වෙත පැමිණි හිටපු ජනාධිපතිනියක වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සිය සහෝදරයාගේ නීත්‍යනුකූල අයිතිය ලබාගත්තාය.
අවසන් කැමැති පත්‍රයක් නොතබාම මියගිය අනුර බණ්ඩරනායක මහතාගේ උරුමයන් ගැනත් ඔහුගේ රුචි අරුචිකම් පිළිබඳවත් ඔහුගේ ලේකම්වරයාව සිටි ජස්ටින් නවරත්න සමග මීට වසර කීපයකට පෙර පිළිසඳරේ යෙදුනෙමි.

‘මම අනුර බණ්ඩාරනායක මහත්තයාව අඳුනන්නෙ පුංචි කාලෙ ඉඳලයි. අපි පදිංචි වෙලා හිටියෙ හොරගොල්ල වලව්ව පිටිපස්සෙ.’ අනුර බණ්ඩාරනායක මහතාගේ පෞද්ගලික ලේකම්වරයා වශයෙන් කටයුතු කළ ජස්ටින් නවරත්න මා සමග කතාවට එක්වූයේ එසේය.

ජස්ටින් නවරත්නගෙ පියා නොරිස්හාමි නවරත්න, එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ බඩ බැඳගත් අනුගාමිකයකු විය.
‘අපේ තාත්තා අනුර මහත්තයාගෙ තාත්තාට කොච්චර හිතෛෂීද කියනවා නම් එස්.ඩබ්ලිව්.ආර්.ඩී. මහත්තයා සම්බන්ධ කෝලාහලයකට පැටලිලා අවුරුදු පහක් හිරගෙදරත් හිටියා.’ ජස්ටින් නවරත්න අතීත සමීප සබඳතා සඳහා සම්බන්ධතා ගොනුකරන්නට විය.

අනුර බණ්ඩාරනායක සහ ජස්ටින් නවරත්න අතර සම්බන්ධතා වඩාත් සමීපවන්නේ අනුර දේශපාලනයට සම්බන්ධ වීමත් සමගය.
‘හැත්තෑවෙ ඉලෙක්ෂන් එක වෙලාවෙ තමයි අනුර මහත්තයා ඉස්සෙල්ලම දේශපාලනයට සම්බන්ධ වෙන්නෙ. එතකොටත් එතුමා රෝයල් එකේ ඉගෙන ගන්නවා. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය වෙනුවෙන් අත්තනගල්ලෙ ආසනේ දේශපාලන වේදිකාවල කතා කළා. එද‌ා ඉඳන් අනුර මහත්තයා මියයනකම් මම එතුමාගේ පිටිපස්සෙ හිටියා. එතුමා මියගියත් ඒ බැඳීම තවම නතරවෙලා නැහැ. අදටත් අනුර බණ්ඩාරනායක පදනමේ කළමනාකාර අධ්‍යක්ෂ මම. සභාපති චන්ද්‍රිකා මැඩම්.’ දීර්ඝ සම්බන්ධතාවක හැකුළුමක් ජස්ටින් නවරත්න එදා ඉදිරිපත් කළේ එසේය.
‘අනුර මහත්තයා අප්‍රමාණ පොත් රසිකයෙක්. පොත් කාවෙකුටත් වැඩියෙ පොත්වලට ළැදියි.’ ඕනෑම වෙලාවක නිදියන්න ඇඳට යද්දී විතරක් නොවෙයි. ටොයිලට් එකේ ඉද්දිත් පොතක් කියවන එක එතුමා ළඟ තිබුණ අපූරු පුරුද්දක්.’ ජස්ටින් නවරත්න පැවසූ ලෙස හොරගොල්ල වලව්වේ, අනුර බණ්ඩාරනායකගේ පුස්තකාලයෙහි දැවැන්ත පොත් එකතුවක් තිබිණි. එහි පොත් සංඛ්‍යාව දෙදහසකට වැඩිය.

දේශපාලන විද්‍යාව, සමාජ විද්‍යාව පිළිබඳ පොත් එම පොත් එකතුවෙහි සුලබ ලෙස දක්නට ලැබුණි. එයට අමතරව ලෝකයේ විවිධ රටවල රාජ්‍ය නායකයන්ගේ චරිත කතා කියවීමට අනුර බණ්ඩාරනායක බොහෝ රුචිකත්වයක් දැක්වීය. ඒ නිසාම ලෝකයේ විවිධ රාජ්‍ය නායකයන්ගේ දේශපාලන නායකයන්ගේ චරිත කතා බොහොමයක්ම හොරගොල්ල වලව්වේ පුස්තකාලය සතු විය. විවිධ රටවල එකිනෙකට වෙනස් සාහිත්‍ය කෘතීන් අති විශාල සංඛ්‍යාවක්ද එම පුස්තකාලයේ විය. අනුර බණ්ඩාරනායක විදේශ සංචාරයක නිරත වූ සෑම අවස්ථාවකම එම රටෙහි ප්‍රකාශයට පත්කරනු ලබන උසස් කෘතීන් මිලදී ගැනීමට අමතක නොකළේය. එමෙන්ම සමහර රාජ්‍ය නායකයන්ගේ අත්සන් සහිතව ඔවුන් විසින් අනුර බණ්ඩාරනායකට පිරිනැමූ පොත් විශාල සංඛ්‍යාවක් ඔහුගේ පුස්තකාලයෙහි විය.

‘නැහැ. අනුර බණ්ඩාරනායක මහත්තයාගෙ හොරගොල්ලෙ වලව්වේ පුස්තකාලෙ පොත් විකුණල නැහැ. කවුරු හරි හොරෙන් අරගෙන පොතක් දෙකක් විකුණල තියෙනවද දන්නෙ නැහැ. එහෙම නැතිනම් පොතේ වටිනාකම වැඩි කරගන්න, අනුර මහත්තයාගෙ අත්සන වගේ බොරුවට ගහලද කියල කවුද දන්නේ.’ අනුර බණ්ඩාරනායක සතුව තිබූ පොත් පදික වේදිකාවේ අලෙවි වූයේද යන්න මා නැඟූ අතුරු ප්‍රශ්නයට පිළිතුරු සපයමින් ජස්ටින් නවරත්න පැවැසීය.

අනුර බණ්ඩාරනායක පොත පත කියෙව්වා පමණක් නොව ඒවායෙහි සඳහන් කරුණු පිළිබඳ හොඳ මතකයක්ද විය.
‘හැන්සාර්ඩ් වාර්තා අනුර මහත්තයාට කටපාඩම් වගේ. පාර්ලිමේන්තුවේ විශේෂ අවස්ථාවක විශේෂ පුද්ගලයකු කළ කතාවක් අවුරුදු ගණනක් ගිහිල්ලා හරි කියන්න පුළුවන් අපූරු මතකයක් එතුමාට තිබුණා.’ ජස්ටින් නවරත්න පැවැසුවේ ආසියාවේ රිදී සීනුව ලෙස විරුද‌ාවලිය ලැබූ අගමැතිවරයකුගේ පුතෙකු සතු වූ මතක ශක්තිය පිළිබඳවය.
එසේම අනුර බණ්ඩාරනායක මහතා සතුව ඇති සුවිශේෂ සමරු එකතුවක්ද විය. සමහර සමරු එතුමාට මෙරටදී මෙන්ම පිටරටකදීද පිරිනැමුණු ඒවාය. සමහර සමරු කෘතීන් විදේශයකදී මිලදීගත් ඒවාය.

‘ඒ කාලෙ අනුර බණ්ඩාරනායක මහත්තයව විශේෂයෙන් විවේචනය කරපු කාටුන් ශිල්පියෙක් තමයි විජේසෝම. දවසක් එතුමා කිව්වා විජේසෝම දුරකතනයෙන් සම්බන්ධ කර දෙන්නය කියලා.’ අනුර බණ්ඩාරනායකගේ හිටපු ලේකම්වරයා පවසන්නේ තවත් අපූරු කතාවක ආරම්භය පිළිබඳවය.
‘කාටුන්වල මගෙ රූපය හරියටම අඳින්නෙ ඔබතුමා පමණයි. හෙට මාත් එක්ක කෑමකට එන්න ඕනැ’ අනුර බණ්ඩාරනායක කාටුන් ශිල්පී ඩබ්ලිව්.ආර්. විජේසෝමට දහවල් ආහාරයකට ආරාධනා කළේය.

දහවල් ආහාරයෙන් පසු අනුර බණ්ඩාරනායක විජේසෝමගේ කාටුන් විස්සක් පමණ ඉදිරිපත් කර ඒවා පැහැදිලිව නැවත ඇඳ දෙන ලෙස ඉල්ලීය. කාටුන් ශිල්පියා අනුරගේ එම ඉල්ලීම ඉටුකළේය.
‘මම චිත්‍ර රාමු කරලා හොරගොල්ල වලව්වේ කෑම කාමරයේ එල්ලුවා. විසුම්පායට යනකොටත් ඒවා ගෙනිච්චා. බණ්ඩාරනායක පවුලේ අතිශය දුර්ලභ ඓතිහාසික ඡායාරූප අතිවිශාල සංඛ්‍යාවක් එතුමා සතුයි.

එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකගේ කාලයේ හොරගොල්ල වලව්ව සතුව ඉඩම් අක්කර දහසකට ආසන්න සංඛ්‍යාවක් තිබිණි. මහනුවර මාර්ගයට සමීප ඒවා සාරවත් පොල් ඉඩම් විය.
ඉඩම් ප්‍රතිසංස්කරණ පනතත් සමග බණ්ඩාරනායක පවුලට ඉතිරි වූයේ අක්කර දෙසීයක් පමණි. ඒ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට අක්කර පනහක්, සුනේත්‍රා, චන්ද්‍රිකා, අනුර දරුවන් තිදෙනාට අක්කර පනහ බැගිනි.

‘අනුර බණ්ඩාරනායක මහත්තයා තමන්ගෙ සමීප සේවකයන්ට බොහොම හොඳට සැලකුවා. එතුමාට කෑම පිළියෙල කළ ඇඳුම් ඇදීමට සහාය වුණු ඒ වගේ පෞද්ගලික වැඩකටයුතුවලට සහාය වුණු පෞද්ගලික සහායකයන් හතර දෙනකුට මහනුවර පාර අයිනේ අක්කර දෙක ගානේ අක්කර අටක් ලියලා දුන්නා. සමහර දෙනා ඒ ඉඩම් කෝටි ගණනකට විකුණලා තියෙනවා.’ ජස්ටින් නවරත්න පවසන්නේ අනුර බණ්ඩරනායකගේ ත්‍යාගශීලී ගුණය පිළිබඳවය. අනුර බණ්ඩාරනායක තම සොහොයුරිය චන්ද්‍රිකාගේ දරුවන් දෙදෙනාට බෙහෙවින් ආදරය කළේය. එයිනුත් විමුක්තිට සුවිශේෂ ආදරයක් දැක්වීය. මාමා සහ බෑණා අතර තිබුණේ අති සුවිශේෂ ළබැඳියාවකි. ඒ නිසාම අනුර බණ්ඩාරනායක තමාට පිය උරුමයෙන් හිමි වූ හොරගොල්ල වලව්ව සහ එයට සමීප අක්කර පහකට ආසන්න ඉඩම් ප්‍රමාණයක් විමුක්ති නමට ලියා දුන්නේය.

ඒ ඔක්කොම කරලා අනුර මහත්තයාගේ අවසාන කාලයේ අර අක්කර පනහෙන් අනුර මහත්තයාට ඉතිරිවෙලා තිබුණෙ අක්කර තිහක් විතරයි. අනුර මහත්තයා මුදලාලිලාගේ සල්ලිවලින් ඡන්දය කරපු කෙනෙක් නෙවෙයි. අර ඉඩම් අනුර මහත්තයට විකුණන්න වුණේ ඡන්ද කරන්න’ ජස්ටින් නවරත්න මෙම තොරතුරු විස්තර කළේ තමන්ගේ අතීත අත්දැකීම් ද සමගිනි.
ඔහු පවසන ලෙස අවසාන කාලයේ අනුර බණ්ඩානායක සතුව මෝටර් රථ හතරක් තිබිණි.

‘මේකෙන් පොඩි කාර් එකක් යාළුවෙකුට දුන්නා. ඩිස්කවරි එකයි, පැජරෝ ඉන්ටර්කූලර් එකයි සහෝදරියන් දෙදෙනා ළඟ’
අනුර මහත්තයාගේ මුදල් සමහර යාළුවො ළඟ තිබුණා. හිටපු මන්ත්‍රීවරියකගේ සැමියකු වන යාළුවෙකුටත් එහෙම ලොකු මුදලක් දීලා තිබුණා. මට හරියට මතක නැහැ. කෝටි විස්සක්ද මිලියන විස්සක්ද කියලා. එයා ඒ සල්ලි යොදවල වතුපිටිවල ඉස්පිරිතාලෙට ලේ බැංකුවක් හදලා දුන්නා.’ ජස්ටින් නවරත්න තම මතක දොරටු විවෘත කරමින් පැවැසීය.
‘අනුර බණ්ඩානායක මහතා සතු වූ හොරගොල්ල වලව්වට අයිති ඉතිරි අක්කර තිහ උසාවියෙන් සුනේත්‍රා මැඩම්ටයි, චන්ද්‍රිකා මැඩම්ටයි පැවරුවා. ඒ දෙන්නා කවද‌ාවත් ඒ වතුවල ආද‌ායම් ගන්නෙ නැහැ. ඒ මුදල් යන්නෙ අනුර බණ්ඩාරනායක පදනමට. ඒ මුදල්වලින් වාර්ෂිකව ශිෂ්‍යත්ව පිරිනමනවා.’ ජස්ටින් නවරත්න පැවැසීය.

සටහන – පීටර් කැනියුට් පෙරේරා

SendShareShare
Previous Post

යාපනයේ ඛේදවාචකයක්! කම්පියුටර් ගේම්වලට ඇබ්බැහි වෙච්ච සිසුවෙක් ගෙල වැළලාගෙන! මේ විදිහට දිවිනසා ගත් යාපනයේ 7 වැනි සිසුවා! I Sri Lanka Latest News

Next Post

සල්ලිවලට නොනැමුණු චීවරය! Sri Lanka Latest News

MORE NEWS

රටම ගිනියම් වෙලා! වාහනවල ළමයි තියලා යන්න එපා! වැඩිපුර වතුර බොන්න – නාන්න! Sri Lanka Latest News
Exclusive

එල්-නිනෝ වැඩ පටන් අරගෙනද? සීතල යුරෝපය රත්වෙන්න ගනී! උෂ්ණත්වය දරාගන්න බැරිව දැනටමත් 1300ක් මැරිලා! I Sri Lanka Latest News

විජේ තමයි දැන් තමිල්නාඩුවේ රජු! VIDEO I Sri Lanka Latest News
Exclusive

තමිල්නාඩුවයි ලංකාවයි යාකරන්න තලපති විජේ තවත් අලුත් වැඩකට අතගහයි! I Sri Lanka Latest News

ලක්ෂ 12ට විට්ස් කාර් ගන්න හිටපු රාජ්‍ය සේවකයාට අද ගෙවීමේ ක්‍රමයට හාල් කිලෝ 20ක් ගන්න වෙලා! දිවංගත ජනපති රණසිංහ ප්‍රේමදාසට අවුරුදු 102යි! විපක්ෂ නායක සජිත් ‘සත්කාරය’ ආරම්භ කරයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 12ට විට්ස් කාර් ගන්න හිටපු රාජ්‍ය සේවකයාට අද ගෙවීමේ ක්‍රමයට හාල් කිලෝ 20ක් ගන්න වෙලා! දිවංගත ජනපති රණසිංහ ප්‍රේමදාසට අවුරුදු 102යි! විපක්ෂ නායක සජිත් ‘සත්කාරය’ ආරම්භ කරයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මාලිමාව බලයට ඇවිත් කරපු වෙනස ගැන නාමල් ආණ්ඩුවට දාපු නෝන්ඩිය! I Sri Lanka Latest News

රිෂාඩ්ට-සාෆිට කළා වගේ මගේ දේශපාලන ජීවිතය විනාශ කරන්න වැලිකඩ හිරගෙදරට ගිහින් කුමන්ත්‍රණයක් කරලා! හිටපු ඇමැතිවරයෙක් සම්බන්ධයි! චෝදනා තියෙන අස්ලම් කියලා කෙනෙක් සම්බන්ධයි! පාස්කු ප්‍රහාරයේ චූදිතයාට අනිසි බලපෑම් කළා කියලා ඒ පැත්තෙනුත් උසාවියට කරුණු වාර්තා කරලා! පාර්ලිමේන්තුවේදී කිව්වා වගේම මුජිබර් CID එකට පැමිණිලි කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත් අහපු ප්‍රශ්නයට මුදල් නියෝජ්‍ය ඇමති කියනවා මිනිහෙක්ට දවසක් ජීවත් වෙන්න රුපියල් 550ක් ඇත් කියලා..! මුජිබර් කෑම වේලක ගණන් හිලව් එක්කම කියනවා..! නියෝජ්‍ය කතානායකතුමාටත් හිනා..! VIDEO I Sri Lanka Latest News

චීනෙ කොහොමද එහෙම වුණේ? ලෝකෙට ගැළපෙන්න අධ්‍යාපනය වෙනස් කරන්න බැරිද? Sri Lanka Latest News
Exclusive

චීනෙ කොහොමද එහෙම වුණේ? ලෝකෙට ගැළපෙන්න අධ්‍යාපනය වෙනස් කරන්න බැරිද? Sri Lanka Latest News

Load More
රටම ගිනියම් වෙලා! වාහනවල ළමයි තියලා යන්න එපා! වැඩිපුර වතුර බොන්න – නාන්න! Sri Lanka Latest News
Exclusive

එල්-නිනෝ වැඩ පටන් අරගෙනද? සීතල යුරෝපය රත්වෙන්න ගනී! උෂ්ණත්වය දරාගන්න බැරිව දැනටමත් 1300ක් මැරිලා! I Sri Lanka Latest News

පසුගිය ජුනි 21 වනදා සිට යුරෝපය පුරා පැතිර යන වාර්තාගත උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් මරණ 1,300කට අධික සංඛ්‍යාවක් වාර්තා වී...

Read more
විජේ තමයි දැන් තමිල්නාඩුවේ රජු! VIDEO I Sri Lanka Latest News

තමිල්නාඩුවයි ලංකාවයි යාකරන්න තලපති විජේ තවත් අලුත් වැඩකට අතගහයි! I Sri Lanka Latest News

තද වැඩි තරමට ප්‍රතිචාර වැඩියි…! මට ලිමිට් තියෙනවා…! ස්පා එකක කෙල්ලෙක් මං…! බෝල්ට් ඇණේකට හිරවුණා…! පියුමි ශ්‍රීනායක I Sri Lanka Latest News

තද වැඩි තරමට ප්‍රතිචාර වැඩියි…! මට ලිමිට් තියෙනවා…! ස්පා එකක කෙල්ලෙක් මං…! බෝල්ට් ඇණේකට හිරවුණා…! පියුමි ශ්‍රීනායක I Sri Lanka Latest News

ලක්ෂ 12ට විට්ස් කාර් ගන්න හිටපු රාජ්‍ය සේවකයාට අද ගෙවීමේ ක්‍රමයට හාල් කිලෝ 20ක් ගන්න වෙලා! දිවංගත ජනපති රණසිංහ ප්‍රේමදාසට අවුරුදු 102යි! විපක්ෂ නායක සජිත් ‘සත්කාරය’ ආරම්භ කරයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 12ට විට්ස් කාර් ගන්න හිටපු රාජ්‍ය සේවකයාට අද ගෙවීමේ ක්‍රමයට හාල් කිලෝ 20ක් ගන්න වෙලා! දිවංගත ජනපති රණසිංහ ප්‍රේමදාසට අවුරුදු 102යි! විපක්ෂ නායක සජිත් ‘සත්කාරය’ ආරම්භ කරයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

මාලිමාව බලයට ඇවිත් කරපු වෙනස ගැන නාමල් ආණ්ඩුවට දාපු නෝන්ඩිය! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.